Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාම ලකුණු 28 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වුවද දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 177 ක වාර්තා ගත සම්බන්ධතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව අද (30 දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී තියුණු සටනක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

පාකිස්තානය හමුවේ ලකුණු 67 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් වින්දද මෙම පිතිකරුවන්ගේ ධෛර්යවන්තම පිතිහරඹය තරගය ශ්‍රී ලංකා ඉනිම පුරාවට කැපී පෙනිණ. ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 6.12 ක් ලබා ගැනීමේ අභියෝගය කර මත දරමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් මීට වඩා දායකත්වයක් සිය කණ්ඩායමට ලබා දුන්නේ නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා ශ්‍රී ලංකා පිලේ වාසියට හිටිනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 46කුත් පන්දු 5 කදී ලකුණු 238 කට සීමා කළ පාකිස්තානු පන්දු යවන්නෝ 1-0 ක් ලෙස සිය කණ්ඩායම පෙරමුණ කරා ගෙන ආවා.

පන්දු 61 ක් තුළ පළමු කඩුලු 5 ම ලකුණු 28ක් ඇතුළත බිඳ වැටී තිබියදී පිටියට එක්වූ දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 177 ක සම්බන්ධතාවය නිසා ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ හැකියාව ලැබිණ. එපමණක් නොව විටෙක එම සම්බන්ධතාව එතෙක් පාකිස්තානය සතුව තිබූ තරගයේ වැඩි වාසිය දෙපිළ අතර දෝලනය කරන මට්ටමට බලපෑමක් ඇති කරවීමට හැකියාව ලැබුණු සම්බන්ධතාවයක් බවට පත්වුණා.

පන්දු 184 ක් වැය කරමින් ගොඩ නංවන ලද එම 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලෝකෙන්ම සිව්වැන්න බවට පත්වද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවන් යුගලක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. මීට පෙර 6 වැනි කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන ලද වාර්තාව ලෙසින් සටහන් වූයේ චාමර සිල්වා සහ චාමර කපුගෙදර එක්ව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පෝරට් ඔෆ් ස්පේන්හි (2008) රැස් කරන ලද ලකුණු 159 ක සම්බන්ධතාවයි. මෙම සම්බන්ධතාවය පාකිස්තානයට සංසන්දනය කිරීමේදී දෙවැනි තැනට පත් වූයේ 1991 වසරේදී ශ්‍රීමත් රිචී රිචර්ඩ්සන් සහ ජෙෆ් ඩුජෝන් එක්ව සාජාහි රැස් කර තිබූ ලකුණු 154 ක ලකුණු සංඛ්‍යාව වනවා.

එම සම්බන්ධතාවයේදී වැඩිම දායකත්වයක් දක්වන ලද පිතිකරුවා බවට පත්වූයේ ෂෙහාන් ජයසූරියයි. හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම වර්ණවත් කරගත් ෂෙහාන් ලකුණු 96 ක් ලබා ගත්තේය. ක්‍රීඩාංගණයේ පවතින උෂ්ණාධික තත්ත්වයට අමතරව විදුලි ආලෝක ධාරාවන් වලින් නිකුත් වන රස්නය හේතුවෙන් පන්දුවට පහර දෙන අතුතරදී මෙම පිතිකරුවන් දැඩි වෙහෙසට පත්ව සිටිනු දක්නට ලැබුණු අතර දෙවතාවක්ම ජයසූරිය භෞත චිකිත්සකවරයාගේ සහාය පැතුවා.

තරගය පැවැති කරච්චි ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක කුළුණක ආලෝක පහන් ක්‍රියා විරහිත වීම නිසා තරගය මිනිත්තු කීපයක් නවතා දැමීමට සිදුවීම නිසා කෙටි විවේක කීපයක්ම ලබා ගැනීමේ හැකියාව මොවුන් දෙපළට අවස්ථාව උදාවිය. මේ හේතුවෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට නියමිත බව නිල නොවන ආරංචි මාර්ග පවසනවා.ඊට හේතුව ලෙස තරඟය අතරතුර සැබෑ ලෙසම කාර්මික දෝෂයක් හේතුවෙන් විදුලිපහන් නිවුනාද? නැතහොත් කවුරුන් හෝ විසින් විදුලිපහන් හිතාම තා නිවා දැමුවාද? යන්න පිළිබඳවයි.අදාළ සැකය සමග විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවයි නිලනොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඒහි සිටින අපගේ විශේෂ අවර්තාකරු සඳහන් කලේ එම අවස්ථාවේ එහි තිබේ ජෙනරේටරයේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා මෙම තත්වය ඇති වූ බවයි.

පාකිස්තානු පිලේ පිලේ සාර්ථකම පන්දු යවන්නා වුණු උස්මාන් ශින්වාරිගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නායක ශෆ්‍රාස් අහමඩ් ට උඩ පන්දුවක් දී දැවී යන විට ශතකයට ලකුණු 4 ක් මෑතින් සිටියේය. එබැවින් ෂෙහාන්ට මංගල ශතකය පසෙකලා මංගල අර්ධ ශතකයෙන් පමණක් සෑහීමට පත් වීමට සිදු වුණා.

ෂෙහාන් දැවී යන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ලකුණු 101 ක් පමණක් වන අතර ඒ සඳහා පන්දු 56 ක් ඉතිරිව තිබිණ. ෂෙහාන්ට අනගි සහායක් ලබා දුන් දසුන් ශානක පන්දු 80 කදී ලකුණු 68 ක් ලබා ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ ශානකගේ ඉනිමද ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එකතු වීමට මත්තෙන් දැවී යෑම නිසා ජයග්‍රහණය පිළිබඳ ගොඩනැංවුණු බලාපොරොත්තු සියල්ල බිඳ වැටුණා .

ශ්‍රී ලංකා ඉනිමේ සමස්ථයක් ගත් විට ෂෙහාන් සහ දසුන්ගේ ඉනිමට අමතරව සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා ලද්දේ වනිඳු හසරංග (30) ක් පමණි. එම ලකුණු සංඛ්‍යාව හැරුණු විට වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වූයේ පාකිස්තානු පිල විසින් ලබා දුන් ලකුණු 21 ක අතිරේක ලකුණු සංඛ්‍යාව පමණි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook