Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

යහපත් අධ්‍යාපන ක්‍රමයක් මෙන්ම හොද වේතනයක් ලැබෙන රැකියාවක් සිදුකිරීම උදෙසා නිපුණත්වයෙන් හෙඹි තරුණ පරපුරක් රටට බිහිකිරීම සිය අභිලාෂය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. කඩවත ප්‍රදේශයේ පැවැත්වෙන ජනරැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, 
මේ රටේ සෑම වසරකම ලක්ෂ දෙකක් පමණ දරුවන් පිරිසක් උසස් පෙළ සමත්වෙනවා. නමුත් වසරකට සරසවි යන්න හැකියාව ලැබෙන්නේ 35,000 කට පමණයි. මේ රටේ තරුණ තරුණියන්ට හොද රැකියාවක් සමග වේතනයක් ලැබෙන හැටියට අවශ්‍ය වටපිටාවක් අපි සකස් කරනවා. මේ රටට හොද විදේශ විනිමයක් ගෙන එන ආයතන තිබෙනවා. ඔවුන්ට හොද නිපුණතාවයකින් යුත් සේවකයින් අවශ්‍යයි. රජයක් හැටියට රටේ අනාගත පරපුර හොද නිපුණතාවයකින් හෙඹි පිරිසක් බවට පත් කරන්න රජයක් හැටියට අපි කටයුතු කරනවා. ඒ තුලින් රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට හැකිවෙනවා.

පසුගිය අප්‍රේල් ප්‍රහාරයෙන් පස්සේ රටේ සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. ඒ නිසා රටේ ආරක්ෂාව තහවුරු කරලා මේ රටේ සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීමට පියවර ගන්නවා. ඒ වගේම රටේ ගොවි ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් ඔවුන්ව යහපත් තැනකට රැගෙන ඒමට කටයුතු කරනවා.

රටේ දිළිදු ජනතාව වෙනුවෙන් යහපත් ආරථිකයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවයි මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අපි මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශයට හිතැති බොහෝ පිරිසක් එක්වයි. ආරක්‍ෂිත විනයගරුක රටක් බිහි කිරීම අපගේ ප්‍රධාන අරමුණයි. අපි ආදර්ශ විය යුතුයි. අද අපේ දේශපාලන සංස්කෘතිය වඩාත් යහපත් සංස්කෘතියක් බවට පත් කර ගත යුතුයි. අපිට ආවේගශිලිව හෝ පුද්ගල අවශ්‍යතා මත වැඩ කරන්න බැහැ. අපේ පක්ෂය වටා ඒකරාශී වෙලා සිටින අනෙක් පක්ෂ ඒ සම්බන්ධයෙන් හොදාකාරයෙන්ම දන්නවා. 

අද වන ආරුමුගම් තොන්ඩමන් ඇතුළු ලංකා කම්කරු පක්ෂය කිසිදු විවාදයකින් තොරව අපිට සහය පලකරන්න තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් සමග එක්වීමත් සමග ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය සියයට 70 දක්වා වැඩි කර ගන්න හැකියාව ලැබුනා.

මේ රටේ කඩා වැටුණු ආරක්ෂක යාන්ත්‍රය යලි නගා සිටුවනවා. ඒ වගේම බුද්ධි අංශ වලට නිදහසේ වැඩ කරන්න හැකි වටපිටාවක් අපි බිහිකරනවා. රාජ්‍ය නොවන සංවිධාන වලට යට වෙලා ආණ්ඩු කරන්න බැහැ.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook