Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් හෙට ඉරිදා (8) පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා මෙලෙස ඔවුන් දෙදෙනා පමණක් හමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඊයේ  (6) අරලියගහ මන්දිරයේ පැවති දීර්ඝ සාකච්ජාවේදී ගත් තීරණයක් අනුවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙසින් ජනාධිපතිවරණ අපේක්ෂයකයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බවත්, ඊට සහයෝගය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව ආරම්භයේ දී සඳහන් කළ බව සාකච්ජාවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම හමුවට නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොසිටියේය. මෙම හමුවේදී රාජ්‍ය ව්‍යවසායක හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සහ සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂයේ සභාපති මහාමාර්ග සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට දිගින් දිගටම දෝෂාරෝපණය කිරීම හේතුවෙන් එජාප සභාපතිවරයා රැස්වීම අවසන් වීමට පෙර එයින් පිටව ගියේය.

පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ වලට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂ ධුරයෙන් ඉවත්ව කටයුතු කරන ලෙස ද අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍ය කබීර් හෂීම් මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් චෝදනා කර තිබේ.

පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ අනුව පාර්ලිමේන්තුවේදී ක්‍රියාකිරීමට නොහැකි නම් තමා සභා නායක ධූරයෙන් ඉවත්වන බව සඳහන් කර ඇති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එදා අගමැති නම් කළ විෂයන් තමන්ට දීමට විරුද්ධ වූයේ පක්‍ෂ සභාපති කබීර් හෂීම් මහතා යැයි ද එහිදී සඳහන් කර තිබේ.

පක්‍ෂ සභාපති ධුරයේ රැඳී සිටිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද කබීර් හෂීම් මහතා ගිය බව සඳහන් කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා දිස්ත්‍රික්කයවත් ජයගැනීමට නොහැකි අයෙකු ලෙස කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය තමන් කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැතැයි ද සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සියල්ලටම කලින් පක්ෂයේ විනය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වන බවයි.

එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම සාකච්ජාව සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ, යන අමාත්‍යවරුන් සහභාගී වී තිබේ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook