Adsense Banner

Latest Gossip News


ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK

ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day
177 බස් රථයේදී විශ්ව විද්‍යාලයේ සිසුවියක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ සල්ලාලයාට වෙච්ච වැඩේ | GOSSIP .LK
රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Sep 03

අනාධිමත් කලක පටන් ශ‍්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කර දුන් අපනයන බෝගයක් ලෙස තේ වගාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. රසයෙන් මෙන්ම ගුණයෙන්ද සමතැන් ගත් මෙරට තේ සඳහා ලොව පුරා තවමත් පවතින්නේ ඉහළ ඉල්ලූමකි. එවැනි වටපිටාවක් තුළ තේ කර්මාන්තය මුල්කර ගනිමින් මහා පරිමාණ ජාවාරම් ජාලයක් ක‍්‍රියාත්මක වන අතර වරින් වර ඒ පිළිබඳ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරති. තත්ත්වය එසේ වුවද දිගින් දිගටම එම ජාවාරම සිදුවන අතර එහි අවසන් ප‍්‍රතිඵලය බවට පත්වීමට නියමිතව ඇත්තේ රටට දැවැන්ත විදේශ විනිමය මාර්ගයක් අහිමිවීමත් මෙතෙක් කල් ශ‍්‍රී ලංකා තේ සඳහා පැවති කීර්තිනාමයට බරපතළ හානි සිදුවීමත්ය.

ඉකුත් දිනක වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය විසින් එවැනි එක් ජාවාරමක් වැටලීමට සමත් වන අතර ඒ හරහා අනාවරණය වූවේ ස්වභාවික පෝෂණයෙන් යුත් තේ දළු තේ කොළ බවට පත් කිරීමේදී ඒ සඳහා මිනිස් සිරුරට අහිතිකර රසායනික ද්‍රව්‍ය එක් කිරීමේ මහා පරිමාණ ජාවාරමකි. කලක් තිස්සේ පවත්වාගන ගොස් ඇතැයි පොලිසිය විසින් සැකකරන එම ජාවාරම සහ ඒ සඳහා යොදාගත් රසායන ද්‍රව්‍ය ඇතුළු සැකකරුවන් පිරිසක් ඉකුත් දිනක අත්අඩංගුවට ගන්නා ලදී.

දැරණියගල දෙල්ඔළුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ප‍්‍රසිද්ධ තේ කර්මාන්ත ශාලාවක් තුළ මහා පරිමාණ ජාවාරමක් සිදුවන බව ඉකුත් දිනක පොලිස්පතිවරයා වෙත ලැබෙන තොරතුරක් මත ඒ බව වහාම සොයා බැලීම පොලිස්පතිවරයා විසින් පානදුර වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය වෙත පවරන අතර ඉන් දින කීපයකින් අනතුරුව මෙම මහා ජාවාරමේ සුලමුල සොයා ගැනීමට වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය සමත් වන්නේ පහත සඳහන් ආකාරයෙනි.

පොලිස්පතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව ක‍්‍රියාත්මක වන වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකක අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත එම වැටලීම පිණිස නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙස එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ වෙත දන්වා සිටින අතර පොලිස් පරීක්‍ෂකවරයෙක් ඇතුළු ඒ සඳහා සහභාගි වන නිලධාරීන් පිරිස 13දෙනෙකි.

ඔවුන් වෙත ලබාදුන් තොරතුරු අනුව ක‍්‍රියාත්මක වන මෙම නිලධාරීන් පිරිසට අයත් එක් නිිලධාරියෙක් ඒ අනුව පළමුව දැරණියගල බලා පිටත්ව ගොස් ඇත. අදාළ ජාවාරම සම්බන්ධ මූලික තොරතුරු පිළිබඳ සොයා බැලීම පිණිස පිටත්ව යන එම නිලධාරියා දින කීපයක් විමලිසිමත් රාජකාරියේ යෙදෙන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස අදාළ ජාවාරම සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ඔහු විසින් සමත්වී ඇත. එම තොරතුරු සහිතව සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් මුණ ගැසෙන විමසිලිමත් රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා තමන් විසින් සොයා ගත් තොරතුරු ඔවුන් ඉදිරියේ හෙළිදරව් කර ඇත.

ඒ අනුව මහා පරිමාණ අයුරින් සිදු කරගෙන යන තේ කොළවලට රසායන ද්‍රව්‍ය මුසු කිරීමේ ජාවාරම වැටලීම පිණිස සැලසුම් ද සකසන වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය අදාළ වැටලීම සිදු කිරීම පිණිස ඉකුත් දිනක දැරණියගල බලා පිටත්ව ගොස් ඇත.

මෙම මහා පරිමාණ ජාවාරම සිදුකරගෙන යන තේ කර්මාන්ත ශාලාවේ හිමිකරු සහ ඔහු සතු තවත් තේ කර්මාන්ත ශාලා කීපයක් පිළිබඳවත් රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබෙන ස්ථාන කීපයක් පිළිබඳව සහ හොර රහසේ එම රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාව වෙත ප‍්‍රවාහනය කිරීම ඇතුළු තවත් වැදගත් තොරතුරු රැසක් සහිතව දැරණියගලට පිටත්ව යන වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිස වැටලීම සිදු කිරීමට පෙර තවත් දින දෙකක් පමණ ප‍්‍රදේශයේ හොර රහසේ රැඳී සිටිමින් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගෙන ඇත. ඔවුන් සොයාගත් තොරතුරුවලට අනුව දිනකට සිව් වතාවක් රසායන ද්‍රව්‍ය තේ කර්මාන්ත ශාලාවට රැගෙන යන අතර පිටස්තර කිසිවකුට සැක නොසිතෙන අයුරින් එය සිදු කිරීමට කර්මාන්ත ශාලා කළමනාකාරීත්වය විසින් කටයුතු කර ඇත. ඒ අනුව කර්මාන්ත ශාලාවට අයත් කුඩා ලොරි රථ මගින් එම විස රසායන ඒ ස්ථානයට රැගෙන ගොස් ඇති අතර එසේ රැගෙන යන රසායන ද්‍රව්‍ය තේ දළු හා මිශ‍්‍ර කරනු ලබන්නේ තේ දළු ඇඹරීමේ යන්ත‍්‍රවලට ඇතුළත් කිරීමට පෙරය. එසේ සිදු කිරීම තුළින් තේ නිෂ්පාදනයේදී රසය සහ බර වැඩිකර ගැනීම මෙම ජාවාරමේ මූලික අපේක්‍ෂාව වී ඇත.



ඒඅනුව ඉකුත් 22දා සිය මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන වලාන දූෂණ මර්දන ඒකකය දැරණියගල දෙල්ඔළුව ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයක සිට සිය නිරීක්‍ෂණ කටයුතු අරඹන අතර මදවේලාවක් ඇතුළත ඔවුන්ට දකින්නට ලැබී ඇත්තේ අදාළ තේ කර්මාන්ත ශාලාවට අයත් කුඩා ලොරි රථයක් කර්මාන්ත ශාලාව පිහිටි භූමිය වෙත ගමන් කරන ආකාරයක්ය. තමන් අපේක්‍ෂාවෙන් බලා සිටින ලොරි රථය කර්මාන්ත ශාලා භූමියට ඇතුල්වන ආකාරය දකින නිලධාරීන් පිරිස තවත් මොහොතක්වත් පමා නොවී කර්මාන්ත ශාලාව වට කරන අතර අදාළ ලොරි රථය පරීක්‍ෂා කරනු ලබන්නේ කර්මාන්ත ශාලාවට අයත් දර ගබඩා කර තබන ස්ථානයේදීය. එහිදී ලීටර් 15ක් පමණ පිරවිය හැකි ප්ලාස්ටික් කෑන් හතරක් තමන් සන්තකයට ගන්නා නිලධාරීන් ලොරි රථ රියැදුරාගෙන් ප‍්‍රශ්න කරනු ලබන්නේ ඉන් අනතුරුවය. එහිදී ලොරි රථ රියැදුරා ප‍්‍රකාශයක් කරමින් කියා සිටින්නේ තේ කුඩු වර්ණ ගැන්වීම පිණිසත් බර වැඩි කිරීම පිණිසත් අදාළ දියරය භාවිත කරන බවත් එහි අඩංගු රසායන ද්‍රව්‍ය පිළිබඳ පැවසීමට තරම් අවබෝධයක් තමන්ට නොමැති බවත්ය. ඉන් අනතුරුව කර්මාන්තශාලාවට ඇතුල්වන මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් එම ගොඩනැගිල්ල පරීක්‍ෂා කර ඇත. ඉතා සූක්‍ෂම අයුරින් සිදුකරගෙන ගොස් තිබෙන මෙම ජාවාරමට අදාළ කිසිවක් කර්මාන්ත ශාලාව තුළ තිබී සොයා ගැනීමට අපොහොසත් වන නිලධාරීන් ඔවුන්ගේ ඊළඟ පියවර ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව කර්මාන්ත ශාලා භූමියෙන් කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් පිහිටි නිවසක සහ එතැන් සිට තවත් කිලෝමීටර් පහමාරක් පමණ දුරින් පිහිටි නිවසක් වෙත ඇතුල්වන නිලධාරීන් එම නිවෙස් පරික්‍ෂා කිරීම් ආරම්භ කර ඇත. එහිදී පළමුව පරීක්‍ෂා කළ නිවසේ තිබී එක්තරා රසායන ද්‍රව්‍යයක් අඩංගු කිලෝ 25කින් යුත් පාර්සල් 44ක් සොයා ගන්නා මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් ඉන් අනතුරුව වෙනත් නිවසක් පරීක්‍ෂා කර බැලීමේදී එහි තිබී තවත් විස රසායන ද්‍රව්‍ය තොගයක් සහ අධික ගනකමින් යුත් රසායන දියරයක් සොයා ගැනීමට සමත්වී ඇත. එලෙස අත්අඩංගුවට ගත් රසායන ද්‍රව්‍යන්ගේ සම්පූර්ණ බර කිලෝ 2150 කට ආසන්නය.

වලාන දූෂණ මර්දන නිලධාරීන් විසින් පසුව සොයාගත් කරුණුවලට අනුව කර්මාන්ත ශාලා භූමියෙන් පිටත ස්ථානයකදී මෙම රසායන ද්‍රව්‍ය ජලය සමග කලවම් කර අදාළ කර්මාන්ත ශාලාවට රැගෙන එන අතර අමු තේ දළු හා එය මිශ‍්‍රකරනු ලබන්නේ ඉන් අනතුරුවය. එම තොරතුරු හෙළිදරව් වීමත් සමග ඒ පිළිබඳ ප‍්‍රදේශය භාර තේ මණ්ඩල නිලධාරීන් එම ස්ථානයට කැඳවන වලාන දූෂණ මර්දන ඒකකය අදාළ වැටලීම සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කර ඇත. ඒ අනුව එදින තුළ නිෂ්පාදනය කරන ලද තේ කුඩු තොගයට මුද්‍රා තැබීමට තේ මණ්ඩල නිලධාරීන් විසින් කටයුතු කර ඇත.

පසුව මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කර්මාන්ත ශාලා කළමනාකරු, නිෂ්පාදන කළමනාකරු සහ ලොරි රථ රියැදුරු සහ සැකකටයුතු රසායන ද්‍රව්‍ය තොගය දැරණියගල පොලිසියට භාරදීමෙන් අනතුරුව ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. ඉකුත් 27දා අධිකරණය විසින් ඔවුන්ව ඇප මත නිදහස් කරන අතර සැකකටයුතු රසායන ද්‍රව්‍ය අධිකරණය හරහා රස පරීක්‍ෂක කටයුතු පිණිස යොමු කර ඇත.

මෙම මහා පරිමාණ ජාවාරම මෙහෙයවනු ලබන්නේ කවුරුන් විසින්ද විස සහිත රසායන ද්‍රව්‍ය මෙරට ගෙන්වනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන අතර තේ කර්මාන්තයට සම්බන්ධ අභ්‍යන්තර වාර්තාවලින් හෙළිවෙමින් පවතින්නේ ඉතා සූක්‍ෂම අයුරින් රටපුරා මෙම ජාවාරම සිදුකරන බවත් ඒ හරහා මිනිස් සිරුරට අහිතකර විස රසායන ද්‍රව්‍ය තේ දළු හා මුසු කිරීම දිගින් දිගටම සිදු කරමින් පවතින බවත්ය. පිරිසිදු තේ නිෂ්පාදනයේදී සියයට සියයක් ස්වභාවික අයුරින් එම කටයුත්ත කළ යුතු වුවත් ඇතැම් තේ කම්හල් හිමියන් තමන්ගේ මඩිය තරකර ගැනීමේ අරමුණින් මෙවැනි අකටයුතුකම්වල යෙදී සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේ වෙතත් රසවත් තේ සඳහා වස මුසු කිරීමේ එක් ජාවාරමක් ඉහත සඳහන් ආකාරයට සොයා ගැනීමට වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයට හැකියාව ලැබෙන අතර ඔවුන් විසින් වටලන ලද කර්මාන්ත ශාලාව තුළ පමණක් ඇතැම් දිනයන්හි අමු තේ දළු කිලෝ 70000 ක් පමණ අඹරන බවත් එහි සේවකයන් පිරිස 300කට ආසන්න බවත් තොරතුරු වාර්තා වෙමින් පවතී. දේශීය වෙළෙඳපොළ මෙන්ම විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් එම කර්මාන්ත ශාලාව විසින් සිය නිෂ්පාදන කටයුතු සිදු කරගෙන ගොස් ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම වළක්වනු පිණිස විවිධ බලපෑම් සහ ඉල්ලීම් ආදිය සිදුවී තිබෙන බවටද වාර්තාවන අතර ඉදිරි පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව සැකකටයුතු රසායන ද්‍රව්‍ය මොනවාද, ඒ හරහා මිනිස් සිරුරට සිදුවන අහිතකර බලපෑම් කවරේද යනන පිළිබඳවද අනාවරණය වීමට නියමිතය.

පොලිස්පතිවරයාට ලැබුණ විශ්වාසවන්ත තොරතුරක් ඔස්සේ ඒ සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයට භාරදෙන අතර අදාළ මහා පරිමාණ ජාවාරම වටලනු ලබන්නේ ඉන් අනතුරුවය. එහි අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත මහතාගේ පූර්ණ උපදෙස් හා අධීක්‍ෂණය මත එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම් සිදු කරනු ලබන්නේ පො.ප. සිරිවර්ධන පො.සැ (428) ජයලාල්, පො.සැ. (42520) ජයරත්න, පො.කො. (6655) වර්ණසූරිය, පො.කො. (76934) ප‍්‍රියදර්ශන, පො.කො. (92907) සෙනරත්, පො.කො. 92908 මධුශංඛ, පො.කො. (30848) තේනුවර, පො.කො. (76548) මධුශංඛ, පො.කො. (92895) නිමල්, පො.කො. (40630) සමන්සිරි, පො.කො. (78128) ජයසිංහ, පො.රි. (80178) දිසානායක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook