Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කෙරවලපිටිය මෙගා වොට් 300 ක විදුලි බලාගාර ටෙන්ඩරය සම්බන්ධයෙන් අභියාචනාවක් විභාග කිරීමට ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට නීත්‍යානුකූල බලයක් නැතැයි එම මණ්ඩලයේ සභාපති කේ. ඒ. එස්. ගුණසේකර මහතා ජනාධිපති කොමිසම හමුවේ පිළිගෙන ඇත.

ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශයක් මත විදුලි බල සහ බලශක්ති ඇමැති රවි කරුණානායක මහතා විසින් මෙම ටෙන්ඩරය චීන සමාගමට පැවරීමට අවසරය ලබාගෙන තිබිණි.

කෙරවලපිටිය මෙගා වොට් 300 ක නව විදුලි බලාගාරය ඉදිකරන ටෙන්ඩරය ලක්දනවි සමාගමට නොදීමෙන් වසර 2021 ඇතුළුව රුපියල් මිලියන 50 ක පාඩුවක් සිදුව ඇති බවද ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ සාමාජික හිටපු නියෝජ්‍ය පොලිස්පති විජයඅමරසිංහ මහතා පසුගිය 18 වැනිදා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු ප‍්‍රකාශ කළේ ලක්දනවි සමාගම රුපියල් 14.98 කට විදුලි ඒකකයක් ලබාදීමට මිල ගණන් ඉදිරිපත් කළ බවයි. එහෙත් මෙම ටෙන්ඩරය ලබාදීමට තීරණය කර ඇති චීන සමාගම විදුලි ඒකකයකට ඉදිරිපත් කළ මිල වූයේ රුපියල් 15.97 කි.

ටෙන්ඩරය චීන සමාගමට පැවරීම සම්බන්ධයෙන් ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලය ගනු ලැබූ තීරණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ සභාපතිවරයාගෙන්, මෙම ටෙන්ඩරය BOOT ව්‍යාපෘතියක් වශයෙන් ක‍්‍රියාත්මක වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලයට නෛතික බලයක් නැති බව තමන් දන්නේ දැයි කොමිසම විසින් විමසා සිටි අවස්ථාවේදී, ඔහු එම ව්‍යාපෘතිය BOOT ව්‍යාපෘතියක් බව තමන් නොදන්නා බව කොමිසමට ප‍්‍රකාශ කළේය. ඔහුට ඒ බව කිසිවකු විසින් හෝ ප‍්‍රකාශ නොකළ බවත් ඔහු කොමිසමට කියා සිටියේය.

එහිදී ජනාධිපති කොමිසම විසින් සභාපතිවරයා වෙත ප‍්‍රකාශ කළේ, ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශයන් අඩංගු වාර්තාවේ මෙම ව්‍යාපෘතිය BOOT ව්‍යාපෘතියක් ලෙස දක්වා ඇති බවයි. සභාපතිවරයා විසින් සකස් කළ වාර්තාවේ සදහන් ව්‍යාපෘතියට අදාළ මූලික කරුණු සම්බන්ධයෙන් සභාපතිවරයාම නොදැන සිටීම කොමිසමේ සමාජිකයෝ ප‍්‍රශ්න කර සිටියහ.

ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් සම්පූර්ණයෙන්ම දේශීය සමාගමක් වන ලක්දනවි සමාගමට බදු සහනයක් හිමි නොවන බවට තීරණය කළේ කෙසේද යැයි ජනාධිපති කොමිසම විසින් කළ විමසුමේදී සභාපතිවරයා විසින් ප‍්‍රකාශ කලේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් රහසිගත ලිපියක් තමන්වෙත යොමුකරමින් ලක්දනවි සමාගමට කිසිසේත්ම වැට් බදු සහනය ලබා නොදෙන බවට පැවසූ බවත් ඔහුගේ එම ලිපිය මත පදනම්ව ක‍්‍රියා කළ බවත්ය.

වැට් බදු ගණනය කර එම පිරිවැය දරමින් කටයුතු කිරීමට ලක්දනවි සමාගම ලිපියක් මගින් එකඟ වී තිබියදී එය නොසලකා හැරියේ කවර හේතුවක් මතද යන්න කොමිසම විමසා සිටි අවස්ථාවේදී සභාපතිවරයා නිහඬව සිටියේය.

ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලක්දනවි සමාගමේ දහන අනුපාතය එසේත් නැත්නම් ඉන්ධන දහන පරිමාව විදුලි ජනන ක්ෂේත‍්‍රයේ සාමාන්‍ය අගයට වඩා පහළ අගයක් ගන්නා බවට නිර්දේශයක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විසින් ප‍්‍රශ්න කරනු ලැබූ අතර ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ සාමාජිකයන්ට ඒ සම්බන්ධයෙන් වූ තාක්ෂණික දැනුම ඇත්දැයි විමසා සිටියේය.

එහිදී සභාපතිවරයා ප‍්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට විෂය දැනුමක් නොමැති බවත් ඒ පිළිබඳව තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් තමා විමසා සිටි බවත් ය.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප‍්‍රතිචාරය කුමක්වීද යන්න ජනාධිපති කොමිසම නැවත විමසා සිටි අතර සභාපතිවරයා ප‍්‍රකාශ කළේ ලක්දනවි සමාගමේ දහන අනුපාතය නිවැරදි බව ඔවුන් තහවුරු කළ බවයි.

ලක්දනවි සමාගම විසින් ඇ.ඩො. මිලියන 175 ක ව්‍යාපෘති වියදම් ඇස්තමේන්තුවක් ලබාදී ඇති අතර එය ඉතා අවම බව දක්වමින් ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය විසින් කරුණු දැක්වීම සම්බන්ධයෙන් කොමිසම සභාපතිවරයාගෙන් විමසා සිටි අතර ලක්දනවි සමාගම මින් පෙරදී ව්‍යාපෘතියක මිල ඇ.ඩො. මිලියන 225 බව පවසා අවසානයේ එය ඉදිකිරීම සදහා ඇ.ඩො. මිලියන 330 ක් වැය කර ඇතැයි තමන්ට වාර්තා වූ නිසා නිවැරදි ඇස්තමේන්තුව ලෙස චීන සමාගම ඉදිරිපත් කළ ඇ.ඩො. මිලියන 307 සැලකූ බවයි සභාපතිවරයා ප‍්‍රකාශ කළේ. වර්තමාන ව්‍යාපෘතියට අදාළ නොවන වෙනත් කරුණු මත පිහිටා ටෙන්ඩරය සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීම පිළිබඳව ජනාධිපති කොමිසම යළිත් සභාපතිවරයාව විවේචනය කළේය.

රටට විශාල පාඩුවක් සිදුකරමින් මෙම ටෙන්ඩරය චීන සමාගමට පැවරීම සදහා සිය නෛතික සීමාවෙන් පරිබාහිරව පවතින ව්‍යාපෘතියකට මැදිහත්වීම සම්බන්ධයෙන් කොමිසම විසින් ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය දැඩිව විවේචනය කළ අතර මෙම වගකීම් විරහිත තීරණය නිසා විදේශ සමාගමක් විසින් රටට සිදුකල පාඩුව සම්බන්ධයෙන් ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලය වගකිව යුතු බවත් එය නොකළ යුතුව තිබූ දෙයක් බවත් කොමිසම ප‍්‍රකාශ කළේය.

තමන් ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩල සභාපතිධුරයෙන් විශ‍්‍රාම ගැනීම සදහා ක‍්‍රියාකරන බව එහිදී සභාපතිවරයා කොමිසමට ප‍්‍රකාශ කළේය.


රතින්ද්‍ර කුරුවිට.
දිවයින

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook