Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟතාව පල කර ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

ඊයේ (24) රාත්‍රි අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදී මෙම එකඟතාව පල කර ඇත.

අරලියගහ මන්දීරයේ පැවැති එම සාකච්ඡාව සදහා ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂිම්, රවී කරුණානායක, නවීන් දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිට ඇති බව සඳහන්ය.


පක්ෂ නායකත්වය හා අගමැති ධුරය රනිල්ටම !


කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීමේදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළු පක්ෂය විසින් ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග එජාපෙ අනෙකුත් පක්ෂ සමග සාකච්ජා මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීම, පක්ෂයේ නායක, මහ ලේකම්, උප නායක ආදී පක්ෂයේ තනතුරු දරන පුද්ගලයින් වෙනස් නොකිරීම, රනිල් වික්‍රමසිංහ තවදුරටත් අගමැති ධුරයේ තබා ගැනීම යන කොන්දේසි කිහිපයක් ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විමට නියමිතව තිබේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සදහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට නියමිතය.
කොන්දේසිවලට යටත්වෙලා අපේක්ෂකත්වය ගන්නේ නැහැ.

තමා කොන්දේසියකට යටත්ව එජාපෙ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට සුදානම් නොමැති බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.


සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟවී ඇත්තේ කොන්දේසි යටතේ බවට මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙසේද පැවසිය.

''එහෙම කොන්දේසි පැනවීමක් ගැන මේ දක්වා මට දැනුම් දීමක් කර නැහැ. එත් එක දෙයක් ගැන පැහැදිලිව කියන්න ඕන. මම කිසිම දෙකට රටේ ආත්ම ගෞරවය, පක්ෂයේ හෝ පෙරමුණේ ආත්ම ගෞරවය, ඒවගේම මගේ ආත්ම ගෞරවය තුට්ටු දෙකකට විකුනලා වාසි ගන්න කෙනෙක් නෙමෙයි. ඉතිහාසයේ එහෙම අය ඉන්න ඇති. එත්, මේ සජිත් ප්‍රේමදාස එහෙම කෙනෙක් නෙමෙයි. 

කිසිම කොන්දේසියකට යටත්වෙන බාල වැඩ කරන්නේ නැහැ. එනිසා කොන්දේසිවලට යටත්වෙලා අපේක්ෂකත්වය ගන්න සජිත් ප්‍රේමදාස සුදානම් නැහැ. එක ස්ථිරයි.''

මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දැක්වීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද (25) පෙරවරුවේ කතානායක කරු ජයසුරිය හමුවීමට නියමිතය. අගමැති රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සංහිඳියාවක් ඇති කරලිම 

සඳහා මේවනවිට අතරමැදියකු ලෙස කටයුතු කරන්නේ කරු ජයසුරිය කතානායකවරයාය.


ජනාධිපති ධුරය ලැබුනොත් ඉවත් වෙන්නේ කවදාද? 


මේ අතර රාජපක්ෂවරුන්ගේ සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත්කර ඇති කොන්දේසි වලට අනුව, ''රනිල් මාස හයෙන් විධායක අගමැති කරන්න සජිත් එකඟවෙයි'' යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අනාවරණය වුයේ එය මුළුමනින්ම පදනම් විරහිත කාරණයක් බවයි.

සජිත් ප්‍රේමදාස හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් පසුදා අගමැති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසා ඇත්තේ ''ඔබතුමා අගමැතිකමෙන් අස්වෙන්නේ කවද්ද, එදාට මම ජනාධිපතිකමෙන් ඉවත්වෙලා අගමැතිකම බර ගන්නම්'' කියාය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එහිදී කිසිඳු විරෝධයක් දක්වා නොමැත.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook