Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

වත්මන් ආණ්ඩුව කිසිදු මන්ත්‍රිවරයෙකුට මත්පැන් බලපත්‍ර ලබාදී නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවෙදී ඊයේ (04දා) පැවසීය.

මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් නොපැවති බවද සභානායකවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරණයට බියවී ආණ්ඩු පක්ෂයට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවත්, එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ඉතා ඉහළින් ජයග්‍රහණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රිවරුන් සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි බන්දුල ගුණවර්ධන විමසා සිටි අවස්ථාවේදී කිරිඇල්ල මේ බව කියා සිටියේය.


රවී කරුණානායක අහපු කතාව!


මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත් ලබාදී ඇතැයි කියන පුවත් වාර්තා කරලියට පැමිණියේ එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට මත්පැන් බලපත් ලබාදී ඇත්දැයි රවී කරුණානායක අමාත්‍යවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමෙන් දී ජනාධිපතිවරයා ගෙන් විමසා සිටීමෙන් පසුවය. මත්පැන් බලපත් ලබා නොදිය යුතු බවට ජනාධිපතිවරයා නිකුත් කර තිබු නියෝගය දැනටත් වලංගු වන්නේ දැයි ඇමතිවරයා එහිදී ජනාධිපති ගෙන් වැඩිදුරටත් විමසා තිබිණ.
කිසිඳු මන්ත්‍රීවරයකු මත්පැන් බලපත් ලබාදී නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර එහිදී අවධාරණය කර තිබිණ.


විමල්ගේ වෙබ් අඩවිය වාර්තා කළ හැටි !

කෙසේවුවද විරවංශ අමාත්‍යවරයා විසින් පවත්වා ගෙන යන රාජපක්ෂවාදී වෙබ් අඩවියක් එය වාර්තා කර තිබුනේ මෙසේය.
”එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාසට හිතවාදී පාර්ශවයේ පසුපෙල මන්ත්‍රී පිරිසකට එතනෝල් ආනයන කිරීමේ බලපත්‍ර ලබා දී ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

මෙම එතනෝල් අල්ලස ලබා දී ඇත්තේ තව තවත් පසුපෙල මන්ත්‍රීවරුන් එම පාර්ශවයට නම්මා ගැනීම සදහා යයිද එම වාර්තාවේ දැක්වෙයි.

දැනටමත් සජිත් පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට එතනෝල් ආනයන බලපත්‍ර ලබා දී ඇතැයිද එහි නම් සහිතව පල කර ඇත.”

මේ සියලු චෝදනා සභානායක කිරිඇල්ල අද තරයේ ප්‍රතික්ෂේප කර සිටියේය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook