Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජනතා වරමින් තමා නායකත්වයට පත් වී රජ සැප ලැබීමට බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයකුට ලැබීමට නියමිත වරප්‍රසාද පවා දහම් අධ්‍යාපනයට යොදවන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය.

දිඹුලාගල මහඋල්පත ශ්‍රී සුදර්ශනාරාමයේදී රුපියල් ලක්ෂ 40ක වියදමෙන් ඉදිකෙරුණු දහම් පාසල් ගොඩනැඟිල්ල 26 වැනිදා සවස සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් මෙසේද කීය.

මගේ ආර්ථික න්‍යාය විවේචනය කළ ඇත්තන්ට උගන්වන්න මට වෙලාවක් නෑ. ඒ අයට මම නොවැම්බර්, දෙසැම්බර් මාසවලින් පස්සේ කොහොමද ජනතාවට වැඩ කරන්නේ කියලා උගන්වන්නම්. පාලකයෝ කැප කිරීම් කරන්න ඕන. දුක් විඳින්න ඕන. නිදි වරන්න ඕන. ඒ විතරක් නෙවෙයි කලට වෙලාවට කෑම කන්න පවා පාලකයන්ට බැරි වෙන්න ඕන. ඒක තමා ජනතා සේවය කියන්නේ. ගමේ භාෂාවෙන් කියනවා නම් බොක්කෙන්ම වැඩ කරන්න ඕන රටේ ජනතාවට.

මේ කතා අහනකොට අනෙක් අයගේ පුටු රත් වෙනවා. ඒ අය හිතන්නේ කළු රැවුල හැමදාම කළු පාටින් තියාගෙන සුදු පාටට ඉඳගෙන චිරාත් කාලයක් ඉන්න ඕන කියලා. බෞද්ධාගම විනාසයි විනාසයි කියන මන්තරේ තමයි දිගටම ජප කරමින් ඉන්නේ. පවුලට සුර සැප වින්දවන්නයි ඒ අය බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මොකටද ජනාධිපති වෙන්න, අගමැති වෙන්න මෙතරම් කෑදරකම් කරන්නේ. 

මම ඔයාලට පොරොන්දු වෙනවා දේශපාලකයා තමන්ට බෙදාගත් යුගය සහමුලින්ම නතර කරලා හැම දේශපාලකයෙක්ම, හැම ජනතා සේවකයෙක්ම මේ රටේ ජනතාවට බෙදන කාලය ආරම්භ කරන බවට. අපේ විරුද්ධවාදීන් කියනවා දහම් පාසල් වගේම වෙහෙර විහාරස්ථාන හැදෙද්දි බෞද්ධාගම ආරක්ෂා වෙන්නෙ නෑ කියලා. 

ඒ ඇත්තන්ගේ ක්‍රමවේදය තුළ බෞද්ධාගම ආරක්ෂා වෙන්නෙ දළදා මාලිගාව ඉදිරිපිට යුද ජයග්‍රහණ කරපු රණවිරුවන් අතින් වැලිකොට්ට ගස්සවලා මහනුවර පුදබිමේ පාරවල් වහලා රජ කුමාරවරුන් රේස් පදින කොටද කියලා මම අහන්න කැමැතියි. රුසියාවෙන් නලඟනාවියන් ගෙන්නලා දළදා හාමුදුරුවෝ ඉදිරිපිට රාත්‍රි කාලයේ නැටුම් නටවලා දහවල් කාලයේ රේස් පද්දලා ඒ කටයුතු කරද්දි කොහොමද බෞද්ධාගම රකින්නේ කියලා මම අහනවා. ඒකෙන් සිද්ධ වුණේ රජ පවුලේ කුමාරවරුන්ගේ ආශාවන් හා කෑදරකම් සංසිඳුන එක පමණයි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක,

අපේ රටේ දක්ෂම කැබිනට් ඇමැතිවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කරන්නේ දක්ෂම ඇමැතිවරයෙක්. හැබැයි එයා දක්ෂ මොකටද?අපි ඒ අයට කියනවා මේක වහාම නවත්වන්න කියලා. එක එක අයට එක එක මත තිබුණත් අවසානයෙදි එක්සත් ජාතික පක්ෂය එක ධජයකට ඇවිල්ලා හොඳ දක්ෂ කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා.

නිමල් ජයරත්න

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook