Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අවි ආයුධ වෙළෙදාමේ නිරත පුද්ගලයින් බස්නායක නිලමේවරුන් ලෙස පත්කිරීම විහාර දේවාලගම් පනතේ විධිවිධානයන්ට පටහැනි ක‍්‍රියාවක් බව සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසනවා. කතරගම මහා දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත්කර සිටින ඩිල්රුවන් රාජපක්ෂ යන අය අවි ආයුධ වෙළෙදාමේ නිරතක පවුලක සාමාජිකයෙකු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. බස්නායක නිලමේවරයාට හිමි උඩරට මුල් ඇදුම් පැළැදීම පවා එවැනි පුද්ගලයෙකුට අකැප ක‍්‍රියාවක් බව ද එම සංගමය අවධාරණය කර තිබෙනවා.

මේ අතර කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරන ඩිල්රුවන් රාජපක්ෂ යන අය උඩරට මුල් ඇදුමින් සැරසී සිටින චායාරූපයක් යොදා ගනිමින් තැපැල් මුද්දලරයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට දැඩි කතාවක් නිර්මාණය වී තිබෙනවා. සමස්ත බස්නායක නිලමේවරුන් එම ක‍්‍රියාව හෙළාදැක ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම් දීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙම කාරණය සම්බන්ධයෙන් වී එෆ් එම් ප‍්‍රවෘත්ති සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ ලේකම් සහ බලංගොඩ උග්ගල් අලූත්නුවර කතරගම දේවාලයේ සහ ගොඩකවෙල අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ද වන උදය ඇමටියගොඩ මහතාගෙන් විමසීමක් කළා. ඔහු පෙන්වා දෙන්නේ කතරගම දේවාලය වැනි උතුම් පූජා භූමියක් සදහා මෙවැනි පුද්ගලයින් බස්නායක නිලමේවරුන් ලෙස වැඩ බැලීමට හෝ පත්කිරීම සමස්ත ආගමික හරපද්ධතියටම සිදුකරන අගෞරවයක් බවයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook