Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට බලයක් නැති බවට කතාවක් පැතිර ගියත් ගෝඨාභය රාජපක්‍ෂ වැනි දක්‍ෂයකුට එය එතරම් ගැටලූවක් නොවන බව හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස රටට කළ වැඩ කොටස අනුව ජනාධිපති ධුරයට පත්වූ පසු කරන වැඩ කොටස රටේ ජනතාවට බලාගත හැකි යැයි විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය. 

බලය යනු ඒ පුද්ගලයා සතු හැකියාව යැයි පැවැසූ විපක්‍ෂ නායකවරයා රටට අවශ්‍ය වැඩ කරන රට ඉදිරියට ගෙනයා හැකි, හරි මාවතට ගෙන යා හැකි නායකයකු බවත් එවැනි නායකයකු අප ඉදිරිපත් කර තිබෙන බවත් කීවේය.

ආරක්‍ෂක ලේකම්වරයකු ලෙස රටට වැඩ කර පෙන්වූ අයකු අප ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපති අපේක්‍ෂකයා කෙරෙහි විශ්වාසයක් තබාගෙන වැඩ කළ හැකි බවත් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

කොළඹ, ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ (4 දා) පැවති කුඩා තේ වතු හිමියන්ගේ, රබර්, සුළු අපනයන භෝග, මල් වගාකරුවන්ගේ, කප්රුක් සමිති හා කිරි ගොවි සංවිධාන හමුව අමතමින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

මෙහිදී ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන මහින්ද යාපා අබේවර්ධන හා එස්. එම්. චන්ද්‍රසේන මහත්වරු ද කතා කළහ.

අනුර බාලසූරිය

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook