Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මාරාන්තික උපවාසයක් වෙනුවෙන් යොමුකර තිබූ ආබාධිත හමුදා සාමාජිකයන් එය නැවැත්වීමට තීරණය කිරීමත් සමග පොහොට්ටු පාර්ශවය බරපතල අර්බුදයට පත්ව ඇති බව වාර්තා වෙයි. ඒ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද (30) උපවාසයේ යෙදුණු පිරිස සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව මේ පිරිස ඔහු සම්බන්ධව විශ්වාසය තබා උපවාසය අවසන් කිරීම නිසාය.

පොහොට්ටු පාර්ශවය වෙත සහය දක්වන ජඩමාධ්‍ය විසින් දින 18ක් පුරා ගෙනගිය ආබාධිත රණවිරු මාරාන්තික උපවාස සංදර්ශනය ඒ අනුව නිමාවට පත්ව ඇති අතර දැන් ජන මනස විකෘති කිරීම වෙනුවෙන් අලුත් පිරිසක් කඩිනමින් මාරාන්තික උපවාසයක් වෙනුවෙන් සොයා ගැනීමේ දුෂ්කරතාවට ඔවුන් මුහුණදී සිටියි.

කෙසේවුවද අද ආබාධිත හමුදා සාමාජිකයන් උපවාසය දියත් කළ ස්ථානය වෙත ගිය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඔවුන්ගේ ප්‍රශ්නය සෘජුව තමන්ට ඉදිරිපත් කරන ලෙස දැන්වීය.එහිදී අනාවරණය වූයේ යුද්ධය අවසන් වූ අවස්ථාවේ සිට මේ ප්‍රශ්නය ඔවුන්ට තිබී ඇති බවය. එහිදී උපවාසය දියත් කර සිටි ආබාධිත හමුදා සාමාජිකයකු පවසා සිටියේ, තමන්ට මේ වන විට වැටුප සමග දුබලතා දීමනාවක් අවුරුදු 55ක් දක්වා හිමිවෙන බවත් එය 55 න් පසුවත් අවශ්‍ය බවය. එමෙන්ම තමන් මියගිය හොත් එම වැටුප බිරිඳ ට හෝ අවිවාහක නම් දෙමාපියන් වෙත ලැබෙන ලෙස සකස්කර දෙන ලෙසය.

මැතිවරණ සමයක ස්වාධීන මැතිවරණ කොමිසමක් ක්‍රියාත්මක වෙමින් තිබියදී තමන්ට ක්‍රියාකල හැකි සීමාවක් ඇති බවත් ඒ සීමාව තුළ උපරිම මැදිහත්වීම සිදුකරන බවත් එහිදී අමාත්‍යවරයා පැවසූ අතර අමාත්‍යවරයාගේ ඒ සෘජු මැදිහත්වීම සම්බන්ධව විශ්වාසයක් එහි සිටි හමුදා සාමාජිකයන් තුළ ඇති කෙරුණු බවක් නිරීක්ෂණය විය.


ඉපලෝගම නිවාස ගන්න ලක්ෂ 8 ක් දෙන්න වුණා නේද ? සජිත්ගේ ප්‍රශ්නය නිසා උපවාස කළ පිරිස රතු වෙයි !

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සිහිපත් කර සිටියේ පසුගිය පාලන සමයේ ඉපලෝගම රණවිරු ගම්මානය වෙනුවෙන් නිවසක් සඳහා රණවිරුවන් වෙතින් ලක්ෂ 8 කට අධික මුදලක් අයකල නමුත් තමන් රණවිරුවන් වෙනුවෙන් නිවාස දුන්නේ කිසිදු මිලක් නොමැතිව බවයි. එසේම මැතිවරණ කොමිසම වෙත බලකරමින් මේ වන විට තමන්ගේ නිවාස වැඩපිළිවෙළ මුලුමනින්ම නවත්වන්න විපක්ෂය කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එම ප්‍රකාශය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිදුකරන විට එහි සිටි ඇතමුන්ගේ මුහුණු ලැජ්ජාභරිත වූ අතර, ඒ අපි වෙනුවෙන් අපි වැනි කෝටි ගණන් මුදල් ඉපයූ රාජපක්ෂ රෙජීම පාලනය ඉන් කිසිදු ප්‍රතිලාභයක් තමන්ට නොදී අදටත් විශ්‍රාම වැටුපක් වෙනුවෙන් තමන්ව මරණයට දක්කා දේශපාලන වාසි ලබාගැනීම සූදානම් වීම සිහිපත් වීම නිසා වන්නට පුළුවන.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook