Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ‘ජාතියේ බලකණුව ගෝඨාභය ජය තහවුරු කරමු’ යන තේමාව යටතේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“2015 ජනවාරි 08 තිබුණු තත්වයෙන් හැම අංශයක්ම පහතට ඇද වැටුණු අවුරුදු හතරහමාරක් අප ගෙවා දමා තිබෙනවා. එක පැත්තකින් ලෝකයේ වැඩිම කෘෂි රසායනික පාවිච්චි කරන රට, පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් නිර්මාණය කර ගන්නා රට, ඉස්පිරිතාල රෝගීන්ගෙන් පුරවන රට බවට මේ රට පත්ව තිබෙනවා. අනෙක් පැත්තෙන් මහ බැංකුව හොරාකාලා පටන් ගත්තු ‘හොරකම’ ලංකාවේ කවර කලෙකවත් නොවූ විරූ ලෙස පැතිර ගිය රට බවට මේ රට පත්ව තිබෙනවා. මේ රටේ ණය බර ගෙවුණු වසර හතරහමාර තුළ දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවට වැටී තිබෙනවා. මේ පාලකයන් අපට යළිත් මරණ බිය නිර්මාණය කර දී තිබෙනවා. මේ ඉරණමෙන් ගැලවීමේ උවමනාව අන්තවාදීව කල්පනා නොකරන මේ රටේ සෑම පුරවැසියකුටම තිබෙනවා.

බටහිරගැති ප්‍රතිපත්තිවලින් එළියට ඇවිල්ලා රටට හිතැති ප්‍රතිපත්තිවලට මුල්තැන දීපූ ගමනක් මේ රට අද යළිත් ඉල්ලා සිටිනවා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියූ පරිදි අපි සියලුදෙනා විශ්වාස කරනවා, ඒ ගමන යන්න ගෝඨාභය රාජපක්‍ෂයන් පෙරටු කරගත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ මේ කඳවුරට පුළුවන් කියා. ඒ නිසා අපි මේ රටේ සියලු ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා, මෝස්තරකාර සටන්පාඨවලට නොරැවටී සියලු භේද අතහැර ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්න කියා. ඒ ජයග්‍රාහී අරමුණ ඉදිරියේ තබාගෙන මේ ඉදිරි මාස කිහිපය තුළ ඒකාබද්ධව කටයුතු කරන්න මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය යන පක්‍ෂ තීරණයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව අපි ඉදිරියේදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් රැස්වීම් පවත්වමින්, ගෙයින් ගෙට යමින් අපේ මතය කුළුගන්වන ඒකාබද්ධ දැවැන්ත වැඩපිළිවෙළක් සකස් කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.”

මෙම මාධ්‍ය හමුවට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මහාචාර්ය තිස්ස විතාරණ, රාජා කොල්ලුරේ, ඩී කලන්සූරිය යන මහත්වරු ද එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook