Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

උමාරියා ඔබේ අලූත්ම ගීතය ‘රැගුම’ ට ලැබෙන්නේ මොනව ගේ ප‍්‍රතිචාරයක්ද?

කලින් ගීතවලට ලැබුණට වඩා හාත්පසින්ම වෙනස් විදිහේ ප‍්‍රතිචාර තමයි ලැබෙන්නේ’ ඒ ගීතයේ නර්තනය” රංගනය වගේම ඇඳුම් නිර්මාණයටත් විශේෂ තැනක් දීලා තියෙනවා’ ඒ වගේම ගීත රූප රචනය චිත‍්‍රපටයක තත්ත්වයේ තියෙනවා ඒ හින්දා ප‍්‍රතිචාර හොඳටම හොඳයි’ වෙනස් දෙයක් හින්දා මිනිස්සු හොඳ කියනවා’

රූප රචනයක් සමග ගීතයක් කළේ දිගු කලකට පසුව නේද?

ඔව්’ කාලෙකින් පස්සේ කරපු ගීතයක්’ මීට කලින් චිත‍්‍රපට කීපයකට ගීත කළා’ මම හිතන්නේ රැ`ගුමට කලින් විජයබා කොල්ලයේ චිත‍්‍රපටයේ ඇහිපිල්ලමක් ගීතය කළා’ ඊට කලින් තුරුලූකරන් කියලත් ගීතයක් කළා’ හැබැයි මම හිතන්නේ මියුසික් වීඩියෝ එකක් එක්ක ගොඩ කාලෙකට පස්සේ කරපු ගීතයක් තමයි රැු`ගුමේ’

රැගුමේ ගීතයේ මියුසික් වීඩියෝවට ඔබම ඉන්න තීරණය කළේ ඇයි?

කලාකරුවෙක් වුණහම එක දෙයකට කොටුවෙන්න බැහැ නර්තනය වගේම රංගන හැකියාවත් තියෙනවා නම් වෙන කෙනෙක් මේ ගීතයට යොදන්න වුවමනා නැහැ කියලා මට හිතුණා’ මට ඕනෑ වුණේ වෙනසක් කරන්න’ අනික මම නර්තනයට ගොඩක් කැමැති කෙනෙක්’ මාස දෙකක් විතර මේ ගීතයේ රූප රචනාවට පුහුණුවීම් කළා’ මම හරිම කැමැතියි අභියෝග භාර ගන්න’ මම මටම අභියෝගයක් වෙලා තමයි” මේ ගීතය කළේ’

රැගුමේ මියුසික් වීඩියෝවේ ර`ගපාන්නේ ඔබේ සැමියාද?

අනේ නැහැ’ ඒ මගේ හොඳ මිත‍්‍රයෙක්’ මුද්‍රිකා නර්තන ආයතනයේ නර්තනයේ යෙදෙන පිරිමි ළමයෙක්’ ගොඩක් කට්ටිය හිතුවේ මගේ සැමියා කියලා’ මම හිතන්නේ රැුවුල හින්දා පැටලැවිලා’ ඔහුගේ නම ගිහාන්’ මට හිතුණා” ඔහු ඒ චරිතයට සුදුසුයි කියලා’

ඔහුව දාලා මේ මියුසික් වීඩියෝව කරනවාට ඔබේ සැමියා කැමැති වුණාද?

අනිවාර්යයෙන්ම’ අනික ඒකේ කිසි වැරැද්දක් නැහැනේ’ මම කොහොමටත් කරන දෙයක් හරි වැදගත් විදිහට කරන්නේ’ මගේ සැමියාට එහෙම කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ’ අනිත් එක අපි ඔක්කොම යාළුවෝ’ මට ඕනෑ වුණේ මට පහසුවෙන් වැඩ කරන්න පුළුවන් චරිතයක්’

විජයබා කොල්ලයේ ඇහිපිල්ලමක් යට ගීතයට ලැබෙන්නේ මොනව ගේ ප‍්‍රතිචාරද?

ඒ ගීතයටත් ඉහළින්ම ප‍්‍රතිචාර හම්බ වෙනවා” මගේ සිහිනයක්් වෙලා තිබ්බෙ ආචාර්ය රෝහණ වීරසිංහයන් සම`ග වැඩ කරන්න’ ඉතිං මට ඒ ලැබුණු අවස්ථාව ගැන ගොඩක් සතුටට පත්වෙනවා’

සංගීත ක්ෂේත‍්‍රයේ දැවැන්තයන් සම`ග ඔබට වැඩ කරන්න අවස්ථාව උදා වෙනවා ඒ ගැන මොකද හිතන්නේ?

අවස්ථාවන් ගැන හරි සතුටුයි’ හැබැයි මෙහෙමයි’ මම හිතන්නේ තමන් කරන කර්තව්‍ය හරියට කරන හින්දයි ඒ වගේ අවස්ථා උදාවෙන්නේ’ මම හරියට යමක් කරන හින්ද දෙවියන්ගෙන් පවා මම ආශිර්වාදය ලැබෙනවා’ ප‍්‍රවීණයන් සමග මට වැඩ කරන්න හම්බ වෙන්නේ මම මගේ කර්තව්‍ය හරියට කරන හින්දයි’ මියුසික් කියන්නේ මගේ ෆැෂන් එක’ ඒ කරන දේ ආවට ගියාට කරන්නේ නැතිව හරියට කරන්න ඕනෑ’ මියුසික් කියන්නේ මගේ ලයිෆ් එක’

ඔබේම කියල කොන්සර්ට් එකක් කරන්න අදහසක් නැතිද?

අනිවාර්යයෙන්ම අදහසක් තියෙනවා’ මම ඒ ගැන වැඩි විස්තර ඉදිරියට කියන්නම්’ ඒක මගේ ලොකු සිහිනයක්’ මම මේ ක්ෂේත‍්‍රයට ආවේ චූටි කාලේ ඉඳන්’ මට අත්දැකීම් ගොඩයි’ හොඳ ? කොන්සර්ට් එකක් පේ‍්‍රක්‍ෂකයන්ට දෙන්න සූදානමක් තියෙනවා’

භාතිය සන්තුෂ් සමග ළගදී අලූත් වැඩක් කළේ නැතිද?

ඔවුන්ගේ අලූත් ඇල්බම් එකට මම පුරුදු පරිදි වැඩ කළා’ ඔවුන්ගේ ‘ඔබ නිසා’ ප‍්‍රසංගයටත් මම දිගින් දිගටම සහභාගි වෙනවා’ භාතිය සන්තුෂ් එක්ක වැඩ කරන එක මම නවත්වයි කියලා කියන්න බැහැ’ 

ඒගොල්ලෝ මගේ අයියලා දෙන්නෙක් වගෙයි’ මම ක්ෂේත‍්‍රයට එන්නේ ඔවුන් සමග කරපු ගීතයකින්’ භාතිය සන්තුෂ් කියන්නේ ලොකු පවුලක් වගෙයි’ 

එතකොට කොහොමද විවාහ ජීවිතය?

මේ අගෝස්තු මාසයට අපි කසාද බැඳල අවුරුද්දයි’ මම සතුටින් ඉඳල තියෙනවා නම් ඒ මේ අවුරුද්ද කියලා තමයි කියන්න තියෙන්නේ’ මගේ සැමියා දිනින්ද්‍ර ෆොන්සේකා ඔහු ප‍්‍රංශයේ සංගීත ආචාර්යවරයෙක්’ ඔහුට හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා’ ඒ ඔක්කොටම වඩා ඔහු හරි කරුණාවන්තයි’ මට මගේ ගමන යන්නත් පුළුවන්’ එයාට එයාගේ ගමන යන්නත් පුළුවන්’ අපි දෙන්නා අතර හොඳ තේරුම් ගැනීමක් තියෙන හින්දා ඇත්තටම සතුටින් ජීවිතය ගෙවනවා’

ඔබ ලංකාවේ සැමියා ප‍්‍රංශයේ” සාර්ථක පවුල් ජීවිතයකට දෙන්න දෙපැත්තක ජීවත්වීම බාධාවක් නොවෙයිද?

එහෙම නැහැ’ අපේ අරමුණු කරා ළ`ගාවෙන්න අපි හොඳ සැලසුම් හදලයි තියෙන්නේ’ ඔහුට නිවාඩු කාලයට මම ප‍්‍රංශයට යනවා’ අනික මම ඉන්නේ ලංකාවේ සහ ප‍්‍රංශය දෙක අතරේ’ අපි ලස්සනට සැලසුම් කරගෙන යනවා ඒක ප‍්‍රශ්නයක් නොවෙයි’

දෙන්නා දෙපැත්තෙ ජීවත් වුණාම පවුල් ජීවිතය සාර්ථකයි’ එහෙමද?

අනිවාර්යයෙන්ම’ අපිට එහෙම ප‍්‍රශ්න නැහැ’ අපි දෙන්නා මාස ගාණක් දෙන්න දෙපැත්තට වෙලා ඉන්නේ නැහැ’ විදෙස් සංචාරවලදී තමයි ටිකක් ඈත්වෙලා ඉන්න සිද්ධ වෙන්නේ’ විදෙස් සංචාර කියන්නේ මේ ජොබ්එකේ කොටසක් ඒක තේරුම් අරගෙන තමයි අපි ජීවත් වෙන්නේ’ අපි බැලන්ස් කරගෙන යන්න දැනගන්න ඕනෑ’ අපේ විවාහ ජීවිතය සාර්ථකයි’

ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ’

මම හිතන්නේ කලින් කිව්වා වගේ මගේම කියලා ප‍්‍රසංගයක් පවත්වන එක’ ඒක මගේ සිහිනයක්’ ඒත් එක්කම මම සිංහල සහ ඉංග‍්‍රීසි ගීත ඇතුළත් ගීත එකතු දෙකක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා’ ඔය අතරේ මගේ පළමු සිහිනය තමයි” ඉංග‍්‍රීසි ගීත ඇල්බමය එළිදැක්වීම’ ජාත්‍යන්තරයට යන්න මගේ ලොකු ආසාවක් තියෙනවා’



දිනේෂ් විතාන

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook