Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවත් තමන්ට ඔවුන්ගේ සහය ලැබෙනු ඇතැයි විශ්වාසකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවත්වන සාකච්ඡා මාලාවේ අටවැනි සාකච්ඡාව කොළඹ -07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේදී පැවැත්විණ.

පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව අද පස්වරු 2.30ට පමණ ආරම්භ විය. පැය එකහමාරකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහභාගිවූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගි වූහ.

එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡාව ආරම්භ වූහ.

පැයකට අධික කාලයක් පැවැති එම සාකච්ඡාව අවසන්වීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්ව සාකච්ඡාවල යම් ප‍්‍රගතියක් තිබෙන බවයි.

ඒ අනුව අපේ පක්‍ෂයේ අනන්‍යතාවය ආරක්‍ෂාකරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවෙන්න අපි උපරිම උත්සාහ දරන බව කී අමරවීම මහතා රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවද කීය.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදි ප‍්‍රතිපත්තිගරුකව රට පාලනය කිරීම, පිරිසිදු පාලනයක් ගෙනයාම පිළිබඳව ඔහු අපගෙන් අදහස් ලබාගත් බව කී අමරවීර මහතා මෙම සාකච්ඡාවේදි එකඟ වූ කරුණු පිළිබදව පක්‍ෂයට දැනුම්දීල ඔවුන්ගේ අදහස් ලබාගෙන ලබන සතියේදී ඊළඟ සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන බවද පැවැසීය.

එමෙන්ම යම් ආකාරයකින් මෙම සාකච්ඡා බිඳවැටුනොත් ගතයුතු ක‍්‍රියාමාර්ගයක් තිබිය යුතු බැවින් ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවට පක්‍ෂයේ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවද කීය. එහෙත් අපි අපේක්‍ෂකයකු ඉදිරිපත්කරන බවක් ඉන් නොකියවෙන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තම පක්‍ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් තිබෙන ප‍්‍රශ්න පිළිබඳව පාර්ශ්ව දෙකම හොඳ අවබෝධයකින් පසුවන බවය.

ඒ අනුව එක්වීම සඳහා දෙපාර්ශ්වයටම යම් යම් කැපකිරීම් සිදුකිරීමට සිදුවන බවද කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත්කිරීම පක්‍ෂ දෙකේම අරමුණ විය යුතුබවය.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ පදයක් සොයනවා විනා සමාන පදයක් සෙවිය යුතු නැති බවය. ඒ අනුව මෙම සාකච්ඡා දෙස සුභවාදීව බලන බවද මන්තී‍්‍රවරයා කිය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook