Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පසුගියදා (03දා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගය අතරතුරදී මිචෙල් සැන්ට්නර්ගේ උඩපන්දුවක් ලබාගැනීමට යෑමේදී අනතුරකට භාජන වූ කුසල් මෙන්ඩිස්ට හෙට (6දා) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව එම තරගයේ අවසන් පන්දුවාරය යැවූ වනිඳු හසරංගගේ පළමු පන්දුවට ටොම් බෘෘස් දුවද්දී දැවී ගිය අතර, දෙවැනි පන්දුවේදී ඩැරල් මිචෙල් දැවී ගිය බැවින් පන්දු 4ක් තුළ ලකුණු 7ක් ලබාගැනීමේ අභියෝගයට නවසීලන්ත කණ්ඩායම මැදිව සිටියේය. ඩැරල්ගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි මිචෙල් සැන්ට්නර් එල්ල කළ උඩපන්දුව රැකගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් හා ශෙහාන් ජයසූරිය එකිනෙකා ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි. මේ අවස්ථාවේදී ශෙහාන් ජයසූරියගේ අතෙහි පන්දුව රැඳී තිබූ නමුත් කුසල් මෙන්ඩිස්ට ඔහු ආ වේගය පාලනය කිරීමට නොහැකිව ජයසූරියගේ ඇඟේ වැදීම නිසා ජයසූරිය හයේ සීමාව මතට ඇද වැටීමෙන් නවසීලන්තයට ලකුණු 6ක් හිමිවිය. 

මෙම අනතුර හේතුවෙන් කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වූ බැවින් මේ පිළිබඳව ඊයේ (04දා) තේරීම් කමිටු සභාපති අසන්ත මෙල් මහතා පැවැසුවේ මෙවැන්නකි. “අපි කුසල්ට MRI එකක් කළා. ඒකෙ ප්‍රතිඵල තවම අපට ලැබුණේ නැහැ. ලොකු ඩැමේජ් එකක් නැති වුණත් කුසල්ගේ කකුල කෙළින් කරන විට රිදෙන ගතියක් තියෙනවා. MRI වාර්තාවේ ප්‍රතිඵල තවම ලැබුණෙ නැති නිසා ඉදිරියේදී මොනවද කරන්නේ කියන එක දැන්ම කියන්න බැහැ. ඒ වුණත් මේ වනවිට පේන ලක්‍ෂණ අනුව කුසල්ට තෙවැනි තරගය සෙල්ලම් කරන්න බැරි වේවි” යනුවෙනි. 

මේ අතර ශෙහාන් ජයසූරියද ඉහත අනතුර නිසා ඇතිවූ පාදයේ ආබාධ තත්වය හේතුවෙන් තුන්වැනි විස්සයි-20 තරගය සඳහා සහභාගි නොවන බවද දැනගන්නට ඇත. තවද නවසීලන්ත කණ්ඩායමේ මාර්ටින් ගප්ටිල් ද හෙට තරගය සඳහා සහභාගි නොවන බව සඳහන්ය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook