Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනත් ස්වාධීන කොමිසමක් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂ නායක නිල නිවසේදී ඊයේ (7දා) පැවැති මාධ්‍ය හමුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කීය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කතෝලික මන්ත‍්‍රීන් පිරිසක් විපක්‍ෂ නායකවරයා හමුවීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම පෙරේදා (6දා) සිදුවී ඇති සුරුවමකට පහරදීමේ සිද්ධිය ඇතුළු සිදුවීම් පිළිබඳවත් කඩිනම් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව විපක්‍ෂ නායකවරයා පැවැසීය.

විශේෂයෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේට, කාදිනල්තුමා ඇතුළු කතෝලික පියතුමන්ලාට, හින්දු පූජකවරුන්ට සහ මුස්ලිම් මවුලවිවරුන්ට අපහාස කරන කිසිවකු දේශපාලනයට සම්බන්ධ කර නොගතයුතු බවත්, එවැනි පුද්ගලයන්ට වහාම දඬුවම් කිරීමට පක්‍ෂ නායකයන් කි‍්‍රයාත්මක විය යුතු බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

තම පක්‍ෂයේ කිසිවකුට ආගමික නායකයන්ට අපහාස කිරීමට ඉඩක් නොතබන බවත් දේශපාලනඥයන් හික්මීමකින් යුතුව කටයුතු කළයුතු බවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් විපක්‍ෂ නායකවරයා පැවැසීය.

තේරීම් කාරක සභාවේ පරීක්‍ෂණ සිදුවන ආකාරය බැලීමේදී එක් එක්කෙනා පුම්බා ගැනීමේ කාර්යයක් හැර ස්වාධීන පරීක්‍ෂණයක් කෙරෙන බවක් පෙනෙන්නට නැති බවත් හෙතෙම පැවැසීය.

පාස්කු සිද්ධිය සිදුවී මාස තුනකට වැඩිකාලයක් ගතවී ඇති බවත් ඒ සඳහා පරීක්‍ෂණ කිරීමට මෙතරම් කාලයක් යාමට ඉඩ නොහැර ඒ පරීක්‍ෂණ කඩිනම් කළයුතු බවත් පරීක්‍ෂණ ප‍්‍රමාදවීම පිළිබඳව කාදිනල්තුමා ඇතුළු ආගමික නායකයන් අප‍්‍රසාදය පළකරන බවත්, එම අප‍්‍රසාදය ආණ්ඩුවට පමණක් නොව විපක්‍ෂයටද එල්ලවන බවත් පැවැසූ විපක්‍ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කඩිනම් කරන ලෙසට බලකර සිටින බවත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, නිමල් ලංසා, අරුන්දික ප‍්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් හා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.

අනුර බාලසූරිය

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook