Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම සඳහන් කරයි.

එම තීරණය අනුව ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිපය සහයෝගය ලබාදෙන බව ද ඔහු පවසයි .

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැතැයිද එක්සත් ජාතික පක්ෂ විරෝධීන් අපේක්ෂකයා වන ඔහුගේ ජය වෙනුවෙන් පක්ෂය කැපවන බවද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

ගෝඨාභයට සහාය නොදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශ නොතැකිය යුතු බවත් ඒවා ඔවුන්ගේ පුද්ගලික මත බවත් පක්‍ෂයක් ලෙස මධ්‍යම කාරක සභාව රාජපක්ෂට සහාය දීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මධ්‍යම කාරක සභාවේ බෙදීමක් !

කෙසේ වුවත් ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට ඉදිරිපත්වී සිටින්නේ කිහිපදෙනකු පමණක් බවත් තවත් පිරිසක් රාජපක්ෂ පවුල් පාලනයකට එරෙහිව ඊට විරුද්ධ පාර්ශවයේ අපේක්ෂකයා වෙත සහය දැක්වීමට සිටින බවයි.

ඔවුන් ඒ පිළිබඳ මේ වන විටත් තීරණාත්මක සාකච්ඡා සිදුකර අවසන් බවත් ජනාධිපතිවරණය සදහා නිල වශයෙන් නාමයෝජනා ලබාදීම අවසන් වූ සැනින් වෙනම කණ්ඩායමක් ලෙස එජාපය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වෙත ප්‍රසිද්ධියේ සහය පළකර ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීමට ද ඔවුන් අපේක්ෂාවෙන් සිටින බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම පොහොට්ටු පාර්ශවය පළනොකියා පළාබෙදන ප්‍රතිපත්තියක් ශ්‍රිලනිප ය සම්බන්ධව ගෙන යන බවත් ඒ හමුවේ බලෙන් ගොස් එහි කොටස් කරුවන් බවට පත්වීම දේශපාලන යාචක හැසිරීමක් බවත් ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

ගෝඨා වට්ටන ගේමක් !

මේ අතර ජනාධිපතිවරණය සදහා මාස තුනක් වැනි කාලයක් තිබියදී ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කිරීම රාජපක්ෂ පවුලේ උපක්‍රමයක් බවටත් විශ්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ පෙන්වාදෙන ආකාරයට සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය වැනි තීරණාත්මක මැතිවරණයක් වෙනුවෙන් වේලාසනින් අපේක්ෂකයා නම් කරන්නේ නැත. ඒ විරුද්ධ පාර්ශව විසින් අදාල අපේක්ෂකයා ඉලක්ක කර දැඩි දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘති දියත්වීමේ අවදානම පවතින නිසාය.

ඒ අනුව මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර විශේෂයෙන් ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කල සමයේ හැසිරුණු ප්‍රචණ්ඩකාරී හැසිරීම , ඔහු විසින් හමුදා බුද්ධි නිලධාරීන් යොදවා සිදුකළ බවට චෝදනා ඉදිරිපත් කර ඇති ඝාතන , පැහැරගැනීම් , අතුරුදහන් කිරීම් , සුදුවෑන් සිදුවීම් වලට අදාල වීඩියෝ රැසක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය තුළට මුදාහැර ඇත.

ඒ ඇඟ ලොමුදැහැගැන්වෙන අතීතය ජනතාවට මෙතෙක් ගත් නිදහස් හුස්ම පොද ගෝඨාගමනයක් හමුවේ අවදානමේ වැටීම ගැන අදහසක් ගෙනයන බවත් එය ගෝඨාගේ සුළු ජන ජන්ද සහ තීරණාත්මක පාවෙන ජන්ද යන පදනම් දුර්වල කිරීම ස්ථිර බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ වටා සිටින විශ්‍රාමික හමුදා ප්‍රධානීන් හේතුවෙන් ගෝඨා පැමිණියහොත් හිට්ලර් පන්නයේ පාලනයක් ඇතිවීමට ඉඩ ඇති බව ජනතාව තුළ තහවුරු කරනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එලෙස ගෝඨා විරෝධයක් ජනතාව තුළ තහවුරු වුවහොත් ජනාධිපතිවරණය අවස්ථාවේ වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඉඩක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook