ලෝක ඡුායාරූප දිනය අගෝස්තු මස 19 එනම් ඊයේ දිනට යෙදී තිබුනි. ඡුායාරූපකරණයට දෘශ්‍ය සන්නිවේදනයේ සහ ප‍්‍රකාශනයේ සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇත. ඇමරිකානු ජාතික ඡුායාරූප ශිල්පී ඇල්ෆ‍්‍රඞ් ස්ටිග්ලිස්ට අනුව ”ඡුායාරූපකරණයේදී යථාර්ථය කොතරම් සියුම් ද යත් එහි යථාර්ථය වඩා යථාර්ථයක් වේ” ඒ අනුව ඡුායාරූප ශිල්පය ආරම්භයේ සිට සුහුරු තාක්ෂණය දක්වා දෘශ්‍ය ලෝකය තෙවැනි ඇසට හසුකර ගනිමින් මානව දැනුම හා අවබෝධය පුළුල් කිරීමේ විශාල කාර්යභාරයක් ඉටු කොට තිබේ. එසේම දහසක් වචනවලින් කියැවෙන කතාවකට වඩා එක් ඡුායාරූපයකින් ජන හදවත් කම්පනය කළ හැකි වේ. සෞන්දර්යාත්මක බව සඟවාගත් ගහකොල සතා සිව්පාවුන් මතින් ගොඩනැගෙන සොඳුරු ලෝකය ජන හදවත් තුළ තැන්පත් කිරීම සඳහා කාලය සහ ශ‍්‍රමය කැප කරමින් සැලසුම් සහගත ක‍්‍රියාවලියකින් ග‍්‍රහණය කර ගන්නා සොඳුරු දසුන් හා බැඳුණු අනෙක් වැදගත් ලක්ෂණය වන්නේ ක්ෂණිකත්වයයි. ඒ අනුව ඡුායාරූපකරණය යනු කල්පවත්නා රූප නිර්මාණය තුළින් ජන හදවත් සෞන්දර්යාත්මක රසයෙන් පුරවන අතරම දැනුම සහ අවබෝධය ලබාදෙන්නාවූ සංවේදී කලා මාධ්‍යකි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉංජිනේරුවෙකු, අමාත්‍යවරයෙකු, ලේඛකයෙකු සේම සුවිශේෂී ඡුායාරූප ශිල්පියෙකු ද වේ. ගහට, කොළට, පරිසරයට ආදරය කරන දැඩි පරිසර හිතෛශියෙකු වන චම්පික රණවක අමාත්‍යවරයා නිශ්චල කැමරාව අතට ගත් මොහොතේ සිට සොඳුරු දසුන් ග‍්‍රහණය කර ගැනීමට සුවිශේෂී සමත්කමක් දක්වා ඇත. ගලායන සෑම තත්පරයක්ම අතීතයට එකතු වන මේ ලෝකයේ දෘශ්‍යමාන වන සොඳුරු දසුන් වර්තමානයේ සහ අනාගතයේ පර්යාත්මකව දෘශ්‍යමාන කරන්නට, ජන මනස අවදි කරන්නට ඡුායාරූපකරණය මගින් එතුමන් දැරුවා වූ සොඳුරු උත්සාහය ඵැට් ඡුරසාැ (සිංහාභිමානය* ඡුයාරූප ප‍්‍රදර්ශනය යි. එය අගෝස්තු 19, 20 සහ 21 යන දිනවල පෙ.ව. 10.30 සිට ප.ව. 10.30 දක්වා ෘමඑජය ්‍යදිචසඒක, ක්‍දකදපඉද (පැරණි ලන්දේසි රෝහල* පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. සොබා අසිරියේ චමත්කාරය රැුගත් ඡුායාරූප එකතුවක රඟසොබාව සැබෑ ලෙසම විඳගන්නට සහෘද ඔබ සැමට ආරාධනා කරමු.
සිංහාභිමානය – ‘‘ගල්ලෙන බිඳලා, ලෙන්දොර ඇරලා, සිංහබා, සිංහබා’’
අපගේ වංශ කතාවට අනුව අපි සිංහයෙකුගෙන් පැවත එන්නන් වෙමු. සිංහයා අපගේ රාජ්‍යත්වයේද සංෙක්තයයි. අපගේ පමණක් නොව බොහෝ ඉන්දු – ආරිය ජන කණ්ඩායම් සිංහයා එනම් වනයේ අධිපති සිය රාජ්‍ය සංකේතය ලෙස සලකති. ඇතැම් ජන කණ්ඩායම් කොටියා හෝ ව්‍යාඝ‍්‍රයාද, තවත් අය නාගයාද, ඇතමුන් රාජාලින් හා මොණරුන් ද, ඇතුන් හා අශ්වයින් ද තම සංෙක්ත ලෙස භාවිත කරති.
දැනට ඇති විද්‍යාත්මක සාධක අනුව නූතන මානවයා නොහොත් හෝමෝ සේපියන් වසර ලක්ෂ ගණනක සිට මිහිමත වාසය කර ඇත. එමෙන්ම මානවයාගේ ඥාතීන් ලෙස සැලකිය හැකි උපමානව වර්ග (්‍යදපසබසා* විසිගණනක් පිළිබඳ විද්‍යාත්මක සාක්ෂ්‍ය ඇත. නූතන මානවයා කවර ලෙසකින් හෝ සිය නිර්මාණශීලීත්වය හා සංවිධානාත්මකභාවය යොදාගෙන සෙසු උපමානව වර්ග මර්දනයෙන් හා මුසුවීමෙන් ලොවේ අධිපතීත්වය වසර 40,000 ක පමණ සිට ලබාගෙන ඇත.
මෙවැනි එක් උපමානව වර්ගයක් වූ නියන්ඩර්තාල් බොහෝ දුරට දෙපයින් සිටගත් සිංහයෙකුට සමාන අතර කොකේසියානු ප‍්‍රදේශවල සිදු වූ හෝමෝසේපියන් හා නියන්ඩර්තාල් ගැටුම් හා දෙමුහුන් වීම හේතුවෙන් සිංහබාහු පුරාවෘත්තය ඉන්දු-යුරෝපීය ආර්ය වංශකතාවට එක්වන්නට ඇති බව මගේ නිගමනයයි.
සිංහයින් බිලාල වංශයේ ඉහළම ඵලයයි. ඇතැමුන් ව්‍යාඝ‍්‍රයින් සිංහයින්ට වඩා ආකර්ශනීය ලෙස සලකති. කෙසේ වෙතත්, ලොවේ සෑම ජන කණ්ඩායමක්ම පාහේ් වනයේ අධිපති ලෙස ව්‍යාඝ‍්‍රයා, වලසා හෝ හස්තියා නොව සිංහයාම සලකති.
මෙයට වසර 12,000 කට පමණ පෙර මානවයා දඩයම් යුගයෙන් ගොවි යුගයට සංක‍්‍රමණය වූ බව දැනට පිළිගත් මතයයි. දඩයම් යුගයේදී වනයේ මානවයාගේ පැවැත්මට තිබූ බලගතුම තර්ජනය සිංහ වංශයෙන් එල්ල විය. මේ නිසාම සිංහ වංශයට වූ බිය මානවයාගේ ජාන පරිනාමය කළ අතර සිංහයා රාජ්‍යත්වයට හා දේවත්වයට ඔසවා තැබිණි. (ඇතැම් ගෝත‍්‍ර තම තමන්ට තිබූ තර්ජනයේ ප‍්‍රමාණයට හස්තියා, ව්‍යාඝ‍්‍රයා පමණක් නොව කිඹුල් ආදී උරගයින් ද රාජ්‍යත්වයට හා දේවත්වයට ඔසවා තබා ඇත.* එක් මතයකට අනුව මානවයාට දෙපයින් සිට ගැනීමට සිදු වූයේම මහා බිලාලයින්ගෙන් ගැලවීම සඳහා ජලයේ ගිලී සිටීම හා දෑතින් හෙලි මුගුරුවලින් සටන්වැදීම නිසාවෙනි.
දඩයම් යුගයෙන් කෘෂි යුගයට යමින් මානවයා ශාක වර්ග හා සත්ව වර්ග හීලෑ කළේ ය. ධාන්‍ය, එළවළු, පලතුරු මෙන්ම වෘකයින්ගෙන් සුනඛයින්ද, වල් බළලූන්ගෙන් පූසන් ද, වන අශ්වයින් හා ගවයින්ගෙන් අශ්වයින් හා ගවයින්ද, ආසියාවේ නම් අලි ඇතුන්ද හීලෑ කළහ. පසුව එයට සිංහ, ව්‍යාඝ‍්‍ර ආදී සියලූ සතුන් ඇතුළු විය. දැන් ලෝකයෙන් වන සතුනට වඩා හීලැ කළ සතුන් කීප ගුණයකින් වැඩිය.
කැලෑවල වන සිංහයින් 4000 ක් සිටින අතර හීලෑ කරන ලද පූසන් හා මහා බිලාලයින් මිලියන 600 ක් ලොව වාසය කරති. නමුත් සිංහයා තවමත් වනයේ රජුය. ඉහළම රාජ වංශවල තවමත් රාජ්‍ය සංකේතයයි.
සිංහයෝ දිවියන් මෙන් නොවෙති. සාමුහිකව පවුලක් ලෙස දඩයම් කරති. රැුකවරණය ලබති. ජීවත් වෙති. පරම්පරාව ගෙනයෑම සඳහා සිංහධේනුව හොඳම ජාන සංචිතය සහිත සිංහයා තෝරා ගනී. එමෙන්ම පවුලේ ආහාර බොහෝ විට සිංහධේනුව හා ඇයගේ ස්ත‍්‍රී පරපුර විසින් සපයා ගනිති. පිරිමි සිංහයින් එයට මැදිහත් වන්නේ කලාතුරකිනි. එමෙන්ම ආහාර, ලිංගිකත්වය හා පැවැත්ම පිළිබඳ කාරණාවලදී පිරිමි සිංහයාගේ ආත්මාර්ථය ඇතැම් විට කැපී පෙනේ. වයෝවෘධ හෝ රෝගී වූ විට සිංහයින් හයිනා හෝ වල් බල්ලන්ගේද ගොදුරු බවට පත්වේ.
ලෝකය සර්වබලධාරී දෙවියන් විසින් දින කීපයකදී මවන ලද්දක් නොව, වසර මිලියන ගණනක භූගෝලීය හා ජීවමය පරිනාමයක් බව දැන් පිළිගැනේ. ඒ අතරේ වඩාත්ම ප‍්‍රචලිත මූලධර්මය වන්නේ උචිතෝන්නතිය හෙවත් සුදුසුම ජීවියාගේ පැවැත්ම (ීමරඩසඩ්ක දෙ එයැ සෙඑඑැිඑ* යන්නය. පැවැත්ම පිළිබඳ වූ ප‍්‍රශ්නවලදී ජීවින්ගේ ජාන සැකසුම් වෙනස් වී ඒවා පරම්පරාගත සිතිියම් බවට පත්වීම අද පිළිගෙන ඇති මූලධර්මයකි. සිංහයින් හා වෙනස් බොහෝ සතුනට මෙය ඇතැම්විට අදාළ මූලධර්මයක් වුවද මානවයා අද පිවිස ඇත්තේ ජාන විද්‍යාව ආදී තාක්ෂණික ක‍්‍රම මගින් සුදුසුම හෝ උචිතම පාරිසරික සත්වයා වෙනුවට සිය බලය වැඩිකරගත හැකි සුපිරි මානවයෙකු බිහිකර ගැනීම පිළිබඳවය. තමන් තේරාගත් ජනතාව යැයි සිතන අන්‍ය මානවයින් මර්දනය හා යටපත් කිරීමට මානව වර්ගයන් කි‍්‍රයා කළේ සිංහයින් ඇතුළු සත්ව ලෝකය පාලනයෙන් ලත් අභිමානයෙනි. මහා යුද්ධ ගණනාවකින් පසු සියලූ මානවයින් සමානය, ඔවුනට සමාජීයීය හා පුද්ගලික නිදහස ඇත යන නිගමනයට ලෝකය පැමිණ ඇත. එහෙත් අනාගතයේදී තාක්ෂණික ලෙස වෙනස් කරන ලද සුපිරි මානවයෙක් බිහිවී සෙසු මානව කණ්ඩායම් අනුචිත මානව දුහුවිලි බවට පත්වේද? සිංහවංශයට අත් වූ ඉරණම අපේ මානවයින්ටත් අත්වේවිද? නැතිනම් ස්වභාව සිංහයා වෙනුවට ජාන වෙනස් කළ කෘතිම සිංහයෙකු බිහි වේවිද?
මගේ පැතුම නම් වනගත සිංහවංශයට හා අන් සතුනට ද ස්වභාව පරිනාමයට ඉඩ දෙමින් ස්වභවයේ ජීවත්වීමට අයිතියක් ඇති බවය.
– පාඨලි චම්පික රණවක