Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සහජයෙන් කලාව හා වාසනාව උරුමකරගත් යුවතියක වන කාවින්ද්‍යා අධිකාරි පසුගියදා හත්වන දෙරණ සිනමා සම්මාන උළෙලේ ඝරසරප චිත‍්‍රපටයේ විද්‍යාගේ චරිතය රඟපෑම වෙනුවෙන් නැගී එන නිළියට හිමි සම්මානය හිමිකරගනු ලබනවා. ඉන් පසුව කාවින්ද්‍යා තමන්ගේ දිවියේ අලුත්ම වගතුග සමගින් අප හා කතාබහකට එළඹුණා.

කාවින්ද්‍යා ඔබ මේ දිනවල යොමුවෙලා තියෙන කටයුතු මොනවාද?

මම මගේ අම්මගේ කලායතනය වන එරන්දතී කලායතනයේ වැඩ බාර අරගෙන කරගෙන යනවා. ඒ නිසා අවුරුද්දෙ මුල සහ මැද මම ගොඩක් කාර්යබහුල වෙනවා.

ඔබ එරන්දතී කලායතනයේ ගුරුවරියක ලෙස කටයුතු කරනවාද?

නැහැ. මම එහි ප‍්‍රධානියෙක් විදිහට පරිපාලන කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්නෙ.

හදිසියේම එවන් වගකීමක් ගන්න හිතුවෙ ඇයි? 

මගේ අත්තම්මා තමයි ඒ වැඩකටයුතු කරගෙන ගියේ. ඇය දැන් ටිකක් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා මම ඒ කටයුතු භාර අරගෙන කරගෙන යනවා. 

ගායනය, රංගනය, නිවේදනය, විතරක් නෙවෙයි, පරිපාලනයටත් අවස්ථා උදාවෙත්දි ඔබ වඩාත් කැමැත්තෙන් බාරගන්නෙ කුමක්ද?

මම හොඳටම අතරමං වෙලා ඉන්නෙ. මම තවම මේ ගැන හිතනවා. ඔය හැම දෙයක්ම මම පටන් ගත්තා විතරයිනෙ. මේ දේවල් මා වටා තියෙන චක‍්‍රයක් නම් මම ඉන්නෙ එහි මැද. 

කාවින්ද්‍යාගේ සිහිනයේ රැඳී තිබුණෙ මොනවගේ ක්‍ෂේත‍්‍රයක්ද?

ඇත්තටම කිව්වොත් නර්තනය තමයි මම හැදෑරුවේ. සංගීතය හදාරල නැහැ. ගායනය කරන්න ආසාවක් තිබුණෙ නැහැ. සංගීතය මගේ අම්මගෙන් හා තාත්තගෙ පාර්ශ්වයෙන්ම මට උරුම වුණ දෙයක්. රංගනය මම කොහොමටවත් හිතලා තිබුණෙ නැති පැත්තක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි මාව එතුමාගේ ඝරසරප චිත‍්‍රපටයේ රඟපාන්න තෝරාගෙන මගේ හිතේ රංගනයට ආසාවක් ඇතිකළේ. නිවේදනයටත් මට ඇරයුම් ලැබුණෙ අහම්බෙන්. සිරසෙ තනුජා ජයවර්ධන අක්කගේ ආරාධනාවකට අනුවයි මම සික්ස්ටීන් ප්ලස් වැඩසටහනට එකkavindya3තු වුණේ. ඊට පස්සෙ තමයි මගේ හිතේ ගායනයට ආසාවක් ඇතිවුණේ. 

කාවින්ද්‍යා සිනමා රංගනයෙන් පටන් අරන් පසුව පුංචි තිරය තෝරාගත්තෙ ඇයි? 

ඝරසරප වලින් පස්සෙ මට ආරාධාන හතරක් විතර ලැබුණා. එ්ත් එහෙම දෙයකට යන්න ආසාවක් ඇතිවෙලා තිබුණෙ නැහැ. නමුත් සක්කාරං පොත කියෙව්වට පස්සෙ මට පුදුමාකාර ආසාවක් ඇතිවුණා ඒ නිර්මාණයෙ රඟපාන්න. මොකද සක්කාරං දළදා මාළිගාවේ තේවාව කරන සමාජය ඇසුරු කරගෙන නිර්මිත කතාවක් නිසා. 

වෘත්තීන් කිහිපයකම හිමිකාරියක් වී සිටින කාවින්ද්‍යා දැන් ආර්ථික පැත්තෙන් ස්වාධීන කෙනෙක්ද?

ඔව්. මට හිතෙනව මම දැන් ස්වාධීනයි කියලා. මට දැන් අවුරුදු විසිතුනක් වෙනවා. මම උපයන කෙනෙක් විදිහට මගේ අතේ සල්ලි තියෙනව නම් මගේ අම්මයි, මල්ලියි, ආච්චියි, සීයයි වෙනුවෙන් වියදම් කරන්න කොයිම වෙලාවකවත් පැකිලෙන්නෙ නැහැ. මොකද මට ඒ අය ගොඩක් වටින නිසා. 

කාවින්ද්‍යා කලා ලෝකයේ වාසනාවන්තියක කිරීමට බලපෑ කාරණාව ජනප‍්‍රිය දෙමවුපිය යුවළක් හිමිවීමමද? 

මගේ අම්මා, තාත්තා සහ උඩ ඉන්න දෙවියන් නිසා මට මේ ජීවිතය ලැබිලා තියෙන්නෙ. මේ තරම් දේවල් ලැබෙන්න ගොඩක් ගේ‍්‍රට්ෆුල් වෙන්න ඕන කියලා මම හිතනවා. මේ වාසනාව මට මගේ අම්මගෙන් ලැබුණ ගුණයක් කියලා මම දකිනවා. කොයි තැනකට ගියත් රසික රසිකාවියන් ඇවිත් අම්ම එක්ක කතාකරන විදිහ ඒ වෙලාවට මගේ ඇස්වලට කඳුළු එනව.

ඔබලා දෙදෙනාම එකම දවසක එකම වේදිකාවක සම්මානයට පාත‍්‍ර වීමෙන් පසුව?

අම්ම කෙනෙකුයි දුවෙකුයි එකම වේදිකාවක එකම නිර්මාණයක ගායනය හා රංගනය වෙනුවෙන් සම්මාන ලබන පළමු අවස්ථාව මෙය කියලා මම හිතනව. අපේ ගෙදර සම්මාන තියන්න කියලා තැනක් නැහැ විතරක් නෙවෙයි, අපේ ගෙදර එකම සම්මානයක්වත් නැහැ, සම්මාන ලැබුණට පස්සෙ ගෙදර ඇවිත් අම්මයි මමයි අපිට ලැබුණ සම්මාන දෙක තියන්න ගෙදර තැනක් වෙන් කරලා එතන අපිට ලැබුණ සම්මාන දෙක තියලා අපි දෙන්නම ඒ දිහා බලාගෙන හිටියා.

අම්මා හැරුණම මේ හැම දෙයකදි කාවින්ද්‍යාට ශක්තියක් වූ ඔහු කව්ද?

මගේ මල්ලි. මල්ලි තමයි සම්මාන ලැබුණ දවසෙත් තාත්තා කෙනෙක් වගේ අම්මයි මමයි මැදින් ඉඳගෙන වැඩියෙන්ම අපිට ශක්තියක් වුණේ. අපිට ලැබුණ සම්මාන ගැන අපි දෙන්න හැරුණම වැඩියෙන්ම සතුටු වුණ කෙනා මල්ලි. අනේ මන්දා... ඒ සතුට, ඒ හැඟීම වචනයෙන් කියල නිම කරන්න බැහැ.

ධම්මිකා සුරංජි පතිරණ

Kavindya Adhikari, a young girl who inherited art and fortune by nature, has been honored with the Emerging Actress Award for her role as Vidyalaya in the film 'Ursarasa'. Kavindya then chatted with us about the latest part of her career.








Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook