Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කබීර් හෂීම් මහතා කඩිනමින්ම අමාත්‍ය මණ්ඩලයට එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත්් කරමින් සඳහන් කර සිටී. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.


ශ‍්‍රී ලංකාවේ වෙසෙන දේශපාලනඥයන් බල ලෝභීත්වයෙන් යුතු, තමන් ගැන පමණක් සිතන කොට්ඨාසයක් යැයි මෙරට පුරවැසියන් විශ්වාස කරමින් සිටින යුගයක එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා දේශපාලන නායකයන්ට ආදර්ශයක් සපයමින් පසුගියදා තමන් දැරූ සියලූ කැබිනට් අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූයේ මුස්ලිම් සමාජයේ එකමුතු බව වෙනුවෙනි. අන්තවාදී හෝ යම් වැරදි සහගත දෙයක නිරත වූ බවට කිසිදු චෝදනාවක් හෝ නොලත් ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් ඔහුගේ එම අධිෂ්ඨානශීලී ක‍්‍රියාව අවංක අභිලාෂයෙන් ගත් එකක් ලෙස මම විශ්වාස කරමි.

කබීර් හෂීම් මහතා මෙම ක‍්‍රියාවලියට එළඹුණේ ඇයි ද යන්න තේරුම් ගත හැකිය. ඔහුගේ සහෝදර කැබිනට් සාමාජිකයන් ජන වර්ග සහ ආගමික පාර්ශ්වයෙන් සළකා වෛරී ප‍්‍රකාශයන්ට සහ සාමූහික අපවාදයන්ට ලක්වද්දී වැදගත්, යුක්තිගරුක සහ ප‍්‍රතිපත්තියකින් යුත් නීතිගරුක පුද්ගලයකු වශයෙන් කබීර් හෂීම් මහතා තම සහෝදර අමාත්‍යවරුන් වෙනුවෙන් සෘජුව නැගී සිටියේය.

කබීර් හෂීම් මහතා, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වෙසෙන සිංහල, දෙමළ සහ සියලූ ආගම් අතර වෙසෙසින් බෞද්ධ, හින්දු සහ ක‍්‍රිස්තියානි ජනතාව ඇතුළු විවිධ ජන කොට්ඨාශ විසින් අවස්ථා ගණනාවකදී ජනතා නියෝජිතයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගන්නා ලද නායකයෙකි. 2010 වසරේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු සභිකයන් 60 දෙනෙකු පමණක් තේරී පත්වද්දී පවා කබීර් හෂීම් මහතා එලෙස පත්වුණු සුළු පිරිසක් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර වූයේ පක්ෂ අභිමානත්වය දරමින් බව මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුය.

කෑගල්ල දිස්ත‍්‍රික්කය තුළ ඊයේ පැවැති ජනතා ඉල්ලීම්වලින් ප‍්‍රකාශ කෙරුණේ යළි අමාත්‍ය ධුරය භාරගෙන ජනතාවට සේවය කරන ලෙසටය. එයින් ප‍්‍රකාශ කෙරුණේ තවමත් ජනතාව තුළ කබීර් හෂීම් මහතා සම්බන්ධයෙන් පවතින විශ්වාසයයි.

අද වනවිට අන් කවරදාටත් වඩා ඒ මහතා වැනි පළපුරුදු, උගත්, වෘත්තීය භාවයෙන් යුත් නායකයන්ගේ අවශ්‍යතාව රටට දැනෙන යුගයක් ලෙසින් හැඳින්විය හැකිය. ඒ රට සංවර්ධනය කිරීමටත්, රටේ පුරවැසියන් අතර එකමුතු භාවය ගොඩනැංවීම සඳහාත් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති සංස්කෘතික බාධාවන් පරාජය කිරීම සඳහාය. කබීර් හෂීම් මහතා වැනි නායකයන්ගේ අවශ්‍යතාව තදින් ජනතාවට දැනෙන යුගයක් ලෙස මෙම කාලය හැඳින්විය හැකි වන්නේ එහෙයිනි.

ඔහුගේ හැකියාවන් අඳුරේ සඟවා තැබීමට මේ සුදුසු කාලය නොවේ. දැන් ඇත්තේ නායකයන් පෙරට පැමිණිය යුතු සමයකි. එසේ පැමිණ තමන්ගේ වගකීම ඉටු කිරීමට සහ එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමය. කබීර් හෂීම් මහතාට කඩිනමින් ආමාත්‍ය මණ්ඩලය සමඟ එක්වන ලෙසත්, එසේ එක් වී නව දේශපාලන අනාගතයක් වෙනුවෙන් සමස්ත ශ‍්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඔහුගේ වගකීම් බාරගන්නා ලෙසත් මම නිල වශයෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook