Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සතියක පමණ කාලයක සිට රාත්‍රී කාලයේ නිවසක් තුළට ගල් ගසමින් වැලි ගසමින් සිටි භූතයෙකු නිවැසියන්ට අල්ලා දීමට දඹුල්ල නගරයට නුදුරින් පිහිටි කලුන්දෑව ගම්මානේ තරුණයන් පිරිසකට පසුගියදා හැකිවී තිබෙනවා.

දඹුල්ල කලුන්දැව ප්‍රදේශයේ නිවසක රාත්‍රී 9.00 සිට අලුයම් කාලය දක්වා අවස්ථාවෙන් අවස්ථාවට ගල් ප්‍රහාර එල්ලවීම වැලි ප්‍රහාර එල්ල වීම සහ නිවස තුල ඇති බඩු භාණ්ඩ වලට හානි සිදුවීම සිදුවන බව නිවැසියන් මේ නිසා දැඩි භීතියට පත්ව සිට තිබෙනවා.

මෙම කතාව නිසා ‍ප්‍රදේශයේ අනෙකුත් නිවෙස්වලද රාත්‍රී කාලයේ නිවැසියන් දැඩි බියට පත්ව සිටීම විශේෂත්වයකි.


නිවසට ඉහළින් ගල් කැට වහලය මතින් නිවස තුලට වැටෙන බවත් එහෙත් නිවසේ වහලය කිසිදු පලුදු වීමකින් තොරව වහලයට ගලක් වැටෙන හඬ පමණක් ඇසෙන බවත් ඒ සමග නිවස තුළ ගල් කැබලි දැකගැනීමට හැකිවන බවත් වහලය මතට වැලි වැටෙන ශබ්දය ඇසුණු සැණින් නිවස තුළට වැලි වැටෙන බවත් නිවැසියන් පැවසුවත් නිවසේ වහලයට කිසිදු හානියක් සිදු නොවීම බරපතළ සැකයට තුඩු දී තිබෙනවා.

භූතයෙකු නිවසේ රැඳී සිටින බවට කටකතා පැතිර යෑමත් සමග නිවැසියන් පසුගිය සති කිහිපයේම භීතියකින් යුතුව ජීවත්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම පවුලේ හිතවත්ම කිහිපදෙනෙකු රාත්‍රි කිහිපයක් මෙය සත්‍යක් දැයි දැනගැනීම සඳහා නිවසේ රැඳී සිට තිබියදීත් එයාකාරයෙන්ම නිවස තුළට ගල් වැටීම වැලි වැටීම සහ නිවසේ ඇති වලන් මත ගල්වැටි කැඩී යාම දැක ගැනීමටද හැකිවී තිබෙනවා.

පසුව කලුන්දෑව ගමේ තරුණයන් දහ දෙනකු පමණ ඒකරාශී වී මෙම භූතයා පිළිබඳව සොයා බැලීමට පසුගියදා රාත්‍රී කාලයේ නිවැසියන් සමග ඒකරාශී වී නිවසේ රැඳී සිට තිබෙනවා.

දැඩි විමසිල්ලෙන් සිටි තරුණයන් නිවසේ සිටියදීම රාත්‍රී මැදියම් රැයේදී මෙන්ම අලුයම් කාලයේදීත් ගල් කැට නිවස තුළට වැටී තිබෙනවා.

එක් තරුණයකු ඉතා සූක්ෂම ලෙස විපරමෙන් සිටියදී එම නිවසේම කාමරයක නැවතී සිටින එම නිවැසියන්ගේ ඥාති තරුණයෙකු පිළිබඳව සැකසිතී දැඩි ලෙස විපරමින් සිටිමින් අනෙකුත් අය ස්ථානයෙන් පිටව යන බව පවසා සැඟ වී ඒ දෙස බලාගෙන සිට ඇති අතර එම කාමරයේ නැවතී සිටින පුද්ගලයා එක වරම ගල් අහුරක් ගෙන නිවෙස තුළ සිටම නිවසේ වහලයට විසි කරනවාත් සමග සැඟවී සිටි තරුණයා ඔහුව අල්ලාගෙන අනෙක් අයට කතා කොට භාරදී තිබෙනවා.

පසුව තරුණයන් මෙම නිවසේ රැඳී සිටි තරුණයාගේ නිදාගෙන සිටි මෙට්ටය යට සහ කොට්ට යට පරීක්ෂා කිරීමේදී ඔහු දිවා කාලයේ රැගෙන විත් සඟවා තිබූ ගල් කැට වැලි සොයාගත් බව පැවසෙනවා. 

මෙම නිවසේ තරුණියන් දෙදෙනෙකු සහ දෙමවුපියන් පමණක් ජීවත් වන බවත් මෙම තරුණයාගේ වෙනත් බලාපොරොත්තුවක් ඇති කරගැනීමට නිවැසියන් බිය වැද්දීම සඳහා මේ සිදුකරන්නට ඇතැයි එම තරුණියන් චෝදනා කරනවා.

පසුව නිවැසියන්ගේ මෙන්ම ගමේ බොහෝ දෙනෙකුගේ ද භූතයා අල්ලා ගැනීමෙන් පසු බිය තුරන් වූ අතර මෙම පුද්ගලයා දඹුල්ල පොලිසියට භාරදීමට පියවර ගෙන ඇති අතර නිවැසියන් සහ පොලිසිය සාකච්ඡා කොට ඔහු එම ගමෙන් පිටව යන බව කියා තිබෙනවා.

දඹුල්ල කේ .කේ .ආරියදාස

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook