Adsense Banner

Latest Gossip News


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Jun 10

පාස්කු දින ප්‍රහාරයට කලින් සහරාන්ගේ කල්ලියේ පළමු වෙඩි උණ්ඩයට ගොදුරු වූ මාවනැල්ලේ දනාගම පදිංචි 37 හැවිරිදි මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් මේ වනවිට සුව අතට පත් වෙමින් සිටින අතර ඔහුගේ අලුත්ම තත්ත්වය සොයා බැලීමට ඔහුගේ නිවෙසට අපි පසුගියදා ගොඩවීමු.

ආගමික මතවාදයක් මුල් කරගනිමින් ඉස්ලාමීය ජනතාව අතරින් බිහි වූ අන්තවාදීන් මුලින්ම කළේ මාවනැල්ල අවට බුදුපිළිමවලට හානි කිරීමයි. එහිදී ජාතීන් අතර ඇතිවීමට ගිය අසමඟිය මැඬපවත්වන්නටත් මේ ගැටලුවේ වැරදිකරුවන් කවුද යන්න සොයා ගෙන ඊට සම්බන්ධ බොහෝ පිරිසක් ඉතා කෙටි කාලයකදී අත්අඩංගුවට ගන්නටත් තස්ලීම් මහා විශාල කැප කිරීමක් කරන ලද මුස්ලිම් සමාජයෙන් පෙරට පැමිණි පළමු වීරයා ලෙස හැඳින්වීම වරදක් නොවේ.

ආරක්ෂක අංශ සමඟත් දේශපාලන නායකයන් සමඟත් අසල්වාසීන් මෙන්ම සිංහල ආගමික නායකයන් සමඟද ඔහු කීවේ අපේ ජාතිය නියෝජනය කරන මේ මිනිස් කොට්ඨාසය මහ පාපකාරී මිනිසුන් කොටසක් වන බවයි. ඔවුන් ඉස්ලාම් අය නොවන බවද අන්තවාදී අදහස් ඇති අය බවද කීවේය. ඒ නිසාම මේ අන්තවාදීන් ගැන දිවා රෑ තොරතුරු සොයා ගත් තස්ලීම් පුත්තලම, වනාතවිල්ලුවේ අන්තවාදීන්ගේ පුහුණුවීම් සිදුකරන ලද ස්ථාන මෙන්ම අවි ආයුධ ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට ආරක්ෂක අංශවලට සහාය වී ඔහුද ඒ සමඟ දින හතරකට වැඩි කාලයක් එහි ගොස් ඒවා සොයා ගැනීමට සහාය දක්වන්නේ මේ මහා ජාතික ව්‍යසනය වළක්වා ගැනීමට ඔහුට විශාල වුවමනාවක් හා බලාපොරොත්තුවක් තිබූ නිසාවෙනි.

ඉස්ලාම් ආගම මුල් කරගනිමින් අන්තවාදී ක්‍රියාකාරකම් සිදුකරන අයට විරුද්ධව තස්ලීම් කටයුතු කළ නිසා එම අන්තවාදීන්ගේ කටයුතුවලට තස්ලීම් බාධාවක් විය. ඒ නිසාම අන්තවාදී නායකයාගේ අනුදැනුම ඇතිව ඔහුගේ ගෝලයන් විසින් පළමු ගොදුරු බවට තස්ලීම් කොටු කර ගැනීමට මහත් වූ වෙහෙසක් දරා පසුගිය මාර්තු 09 වැනි දින අලුයම නිදි යහනේ සිටියදී හිසට වෙඩි තබයි.

තස්ලීම්ගේ හිසෙහි පිටුපසින් වැදුණු වෙඩි පහර පිටවන්නේ නළලට ඉහළ කොටසිනි. වෙඩි වැදීම නිසා බරපතළ තුවාල ලැබූ තස්ලීම් මාවනැල්ල මහ රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මහනුවර මහ රෝහල වෙත මාරු කර යවන්නේ ඒ වන විටත් තස්ලීම්ගේ හිසට වැදුණු වෙඩි පහර ඉතා දරුණු මට්ටමක තිබුණු නිසාය.

“තස්ලීම් මගේ මහත්තයා. මේ ප්‍රහාරයට අපි ලක් වුණේ පසුගිය මාර්තු 9 වැනිදා පාන්දර 4.30ට විතර. එතකොට අපේ ගෙදර හිටියේ මම, මාගේ මහත්තයා එයාගේ අම්මා සහ දරුවෝ තුන්දෙනා. නිදා ගෙන හිටියේ මුළුතැන්ගෙට යන ‍ෙදාර ළඟ පසුපස කාමරයේ ඇඳේ. ඒ කාමරයේ ජනේලය ළඟ තමයි ඇඳ තියෙන්නේ. පොඩි පුතා ජනේලය පැත්තටත් මම මැද හිටියා මහත්තයා ඇඳ අයිනේ හිටියේ. ඔය සිද්ධිය වෙන වෙලාවේ ගේ ඇතුළේ වයර් ෂෝට් එකක් වෙනවා වාගේ ශබ්දයක් මට ඇසුණා.

ෆෝන් චාජරය පිපිරුවා වාගේද කියලාත් මට සැකයක් හිතුණා. මොකක්ද ශබ්දය කියලා මම මහත්තයාගෙන් ඇසුවත් එයා කිසිම කතාවක් නැහැ. ඒත් එක්කම අමුතු ගඳක් ආවා. ඒක වෙඩි බෙහෙත් ගඳක්. මහත්තයා දිහාට හැරිලා බලපුවාම මම දැක්කා එයාගේ ඔළුව පැත්තෙන් ලේ යනවා. එයාට කතා කරගන්න බැහැ. මගේ අත්දෙක මහත්තයා ඇල්ලුවා. එයා ඇඳෙන් වැටෙන්න යනවා දැක්කා සිහිය නැතිව. මම හිතුවේ මහත්තයා මිය ගියා කියලා. මම ඇඳ මත එයා ආරක්ෂිතව තියලා නිවෙසේ පිටුපස්සට දුවලා බැලුවා. එතකොට දැක්කා පිටුපස ‍ෙදාර පියන් දෙකේ වහලා තිබුණු එක පියනක් ඇරිලා තියෙනවා. මම එළියට ගිහින් නෑනාට කෑ ගහලා කතා කරනකොට පිටුපස වත්තේ ඉඳලා දෙන්නෙක් දුවගෙන යනවා කළුවරේම දැක්කා. ඔය වෙඩි තියන අය ඇවිත් තිබුණේ අපේ පිටුපස සොයිබය කැඩිලා තිබුණු ‍ෙදාරෙන්.” සිද්ධිය සම්බන්ධයෙන් තස්ලීම්ගේ බිරිය වන 28 හැවිරිදි මොහොමඩ් සාහිඩින් ෆාතිමා අපට කීවාය.

ඩී. 36/2, දනාගම, මාවනැල්ල ලිපිනයේ පදිංචි මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් ව්‍යාපාරිකයෙකි. විවාහක බිරිය මොහොමඩ් සාහිඩින් ෆාතිමා ජන්නත්් වන අතර මේ දෙදෙනාට දරුවන් තිදෙනකු සිටින අතර ඔවුන් සියලුදෙනාම පිරිමි දරුවන්ය. ලොකු පුතාගේ වයස අවුරුදු 9ක් වන අතර දෙවැනි පුතාට වයස අවුරුදු 6කි. කුඩා පුතාට දැන් වයස අවුරුදු 1 මාස 6ක් බව මේ සම්බන්ධයෙන් කරුණු සොයා දනාගම තස්ලීම්ගේ නිවෙසට ගිය අවස්ථාවේ තස්ලීම්ගේ බිරිය අප සමඟ පැවැසුවාය.

දැනට 62 වැනි වියේ පසු වන මොහොමඩ් සරිෆ් මුම්මෝ ලයිමා උම්මා තස්ලීම්ගේ ආදරණීය මව වන්නීය. දෙනෙතින් කඩා හැලෙන උණු කඳුළු පිස දමමින් තස්ලීම්ගේ අම්මා අප සමඟ මෙසේ කීවාය.

“මගේ පුතා පාසලේ 9 වසරේ ඉන්නකොට අපිට සමෘද්ධිය ලැබුණා. එතකොට පුතා පාසල් යනවා. එයා මට ඉස්කෝලේ ගිහින් ඇවිත් දවසක් කීවා “අම්මේ අපිට මේ සමෘද්ධිය ඕනෑ නැහැ අපිටත් වඩා දුප්පත් මිනිස්සු මේ ගමේ ඉන්නවා. ඒ අය හොයලා ග්‍රාම සේවා මහත්තයාටයි සමෘද්ධි මහත්තයාටයි අපේ සමෘද්ධිය ඒ කෙනකුට දෙන්න කියලා කියන්න ඒක පිනක්” කියලා පුතා සමෘද්ධිය අයින් කරන්න ලියුම් පවා ලියලා ඒවා ඒ මහත්වරුන්ට දෙන්න කියලා මට දුන්නා. ඒ කරලා එයා පාසල් ගිහින් ඇවිත් සවස මාවනැල්ල ටවුමේ අපේ ඥාතියකුට අයත් සිල්ලර බඩු කඩයක වැඩ කරලා අපේ ගෙදර අවශ්‍යතා වෙනුවෙන් වැඩ කළා. මෙයා පාසල් යන කාලේ ඉඳන්ම හොඳ කෙනා. යාළුවෙක් මොනවාද ඉල්ලන්නේ එයාට නැති වුණත් එයා දෙනවා. සිංහල අයත් එක්ක හොඳින් හිටියා. මොකද මේ අවට තියෙන්නේ ඔක්කොම සිංහල ගම්. ඒ අයගේ අවුරුදුවලට විතරක් නෙවෙයි නිකම් ඉන්නකොට පවා ඒ ගෙවල්වලට ගිහින් කතාබහ කරලා කරදරයකදී එයා බැහැලාම වැඩ කරනවා. පුතා මට කියන දෙයක් තමයි සිංහල මේ අවට මළ ගෙයක් වුණාම ඒ ගෙදරට බත් උයාගෙන යන්න ඕනෑ කියලා. ඒ වෙලාවට ඒ අඩුපාඩු එයා කොහෙන් හරි ගෙනත් දෙනවා. මේ විදිහට පාසල් ගිහින් අවසන් වුණාට පස්සේ ගමේ තරුණයන් එකතු කරගෙන ඒ අයට නායකත්වය දීලා කරපු සමාජ වැඩ නම් කියලා නිම කරන්න බැහැ.”

සියලු දුක් ගැහැට විඳ දරා ගනිමින් තස්ලීම් සමඟ දිවි ගමන ගෙන යන බිරිය ෆාතිමා යළි මෙසේද කීවාය.

මගේ මහත්තයාට කතා කර ගැනීමට පුළුවන් තත්ත්වයට පත් වුණත් හොඳ සිහි කල්පනාව තිබුණත් එයාගේ වම් පැත්තේ හිසට වැදුණු වෙඩිල්ල නිසා එයාගේ දකුණු පැත්ත අප්‍රාණිකව තමයි තියෙන්නේ. නමුත් ඒ පැත්තත් ඉක්මනින් සනීප වෙයි කියලා වෛද්‍යවරුන් කියනවා.

මුලින්ම ප්‍රතිකාර ලබපු රෝහලේ නොවෙයි දැන් ඉන්නේ. යම් තත්ත්වයකට හොඳ නිසා එයාගේ මානසික තත්ත්වය හදන්නටත් ස්නායු ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් කරන්නත් වෙනත් රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. එයාගේ ඇප උපස්ථාන කරන්න දෛනිකව පවුලේ ඥාතියෙක් ළඟ තියලා ඒ කටයුතු සිදු කරගෙන යනවා. දැනට මෙයාගේ ආරක්ෂාවට පොලිසියේ මහත්වරුන් දෙදෙනෙක් ඉන්නවා.

දිගන ප්‍රදේශයේ ජීවත් වන නුවර පොලිසියට අනුයුක්තව රාජකාරි කරන බන්දුල කියන මහත්තයා සිංහල කෙනෙක්. නමුත් මහත්තයා මේ වෙන කොට හොඳ සිහි කල්පනාවෙන් කතා කරන්නත් ඔහුගේ මානසික තත්ත්වය හදන්නත් ඒ මහත්තයා සහෝදරයෙක් වාගේ එහි පොලිස් රාජකාරි කරමින් කටයුතු කළා. ඒක මේ වෙලාවේ මතක් කරලා එතුමාට මං පින් දෙනවා.

අපේ පවුලේ අය ගියාපුවාම ඒ මහත්තයා ඉතා හොඳින් කතා කරනවා. ඒ වාගේම ඒ පොලිස් මහත්තයාගේ නිවෙසේ අයත් මහත්තයා බලන්න රෝහලට එනවා. සහෝදරයෙක් වාගේ එම පොලිස් නිලධාරියා ලබාදෙන සහාය වාගේම අද මහත්තයා සුවපත් වී සිටින තත්ත්වයට ගේන්න මහන්සි වුණු සියලුම වෛද්‍යවරුන්ට අපි පින් දෙනවා. ඔවුන් කරන ලද කැපවීම උත්සාහය කිසි වේලාවකවත් අපිට මිල කරන්න බැහැ” යැයිද ඇය කීවාය.

මෙම කතාව අතරතුර තස්ලීම්ගේ මව සිය පුතා පිළිබඳ ඉතා හැඟීම්බර ලෙස සිය කටහඬ අවදි කළාය.

“මාගේ පුතා වැඩි වශයෙන් උදවු කරලා තියෙන්නේ සිංහල දුප්පත් ළමයින්ට, පාසල්වලට මෙන්ම දහම් පාසල්වලට. පසුගිය දවස්වල අරණායක සාමසර කන්ද නාය ගියාට පස්සේ ඒ කන්ද පාමුල තියෙන දෙබත්ගම, වියන්එළිය පන්සලේ හාමුදුරුවෝ මුණගැසිලා ඒ ජනතාවගේ අඩුපාඩු, පන්සලේ අඩුපාඩු හොයලා අපේ මුස්ලිම් ධනපතියන්ගේ උදවු අරන් අසරණ මිනිස්සුන්ට උදවු කළා. සුනාමිය, රත්නපුරේ ගංවතුර වාගේ පිට පළාත්වල මහ ඛේදවාචක අවස්ථාවන්වලදී දවස් ගණන් ගිහින් උදවු පදවු කරනවා ගමේ අයත් එකතු කරගෙන.

පුතාට මහ ලොකු ලැබීමක් තමයි තිබුණේ. එයාගේ සමාජ මෙහෙවරට සල්ලි තියෙන මිනිස්සු උදවු කළා. ඒ අය පුතා විශ්වාස කළා. පුතාගේ ගමන් මඟ ඒ අය තේරුම් ගත්තා. ඒ නිසා මේ මාගේ දුප්පත් කොල්ලා හැම කෙනකුටම උදවු කරමින් හොඳට ජීවත් වුණා.

එයා හැම වේලාවේම කියන්නේ අපි මොන ජාතියේ වුණත් ඒවා අමතක කරලා මේ රටේ ජීවත් වෙනකොට සහෝදරයන් වාගේ, එකා වාගේ ජීවත් වෙන්න ඕනෑ කියලා. තස්ලීම්ගේ අම්මා කියලා මටත් මිනිස්සු හරි ආදරෙයි. පුතාට මේ වෙච්ච කරදරය ගැන ලොකු වේදනාවක් මට තිබෙනවා. අද ජීවත් වෙන්න තරම් වාසනාව පුතාට හිමි වුණේ එයා කරපු පින නිසා කියලායි මට හිතෙනේනේ. කාගේවත් හිතක් රිදවපු නැති පුතා සමාජයේ ඕනෑම ප්‍රශ්න තියෙන තැනකට ගියත් ඒක සමථයකට පත් කරන්න තරම් දක්ෂයෙක්.

අවුරුදු ගාණක් සිංහල වාගේම හැම ජාතියක් එක්කම හොඳින් අපි ජීවත් වුණා. වැරදි දේවල්, මඟපෙන්වීම් ඉගෙන ගෙන මුස්ලිම් අපේ අයගේ තරුණ කණ්ඩායමක් ඇවිත් අපි සියලුදෙනාටම ප්‍රශ්න ඇති කළා. පුතා හැම වේලාවේම කීවේ මේ අය නැති කරන්න මං පොලිසියට හමුදාවට උදවු කරනවා අම්මේ කියලා. පුතේ යන්න එපා ඔයාට කරදරයක් වෙයි කියලා මට කියන්න හිතුණත් පුතාගේ ඒ ගමන නවත්වන්න බැහැ කියලා මම දන්නවා. පුතාගේ සමාජ සේවයට වේලාවක් නැහැ. ඒ විදිහට තමයි පුතා මෙච්චර කාලයක් ජීවත් වුණේ යැයිද විටක ඇය ආඩම්බරයෙන් කියන්නීය.

මොහොමඩ් මුන්තාස් හොඳ මිතුරකු ලෙස දිගු කාලයක් තස්ලීම් ඇසුරු කළ අයෙකි. ඔහු සිය මිතුරාගේ ගුණ යහපත්කම් ගැන සිය හඬ අවදි කළේය.

තස්ලීම් අපිට උපදෙස් දෙන දේවල් ක්‍රියාත්මක කළේ අපි. ඔහු මහ පුදුම සමාජ සේවකයෙක්. ඒක උපන් ගතියක් කියලායි මට නම් හිතෙන්නේ. එයාට පොඩි ලොරියක් තියෙනවා. ඒ ලොරිය තමයි හැම සමාජ වැඩ කටයුත්තකටම ගන්නේ. මේ ගමේ කෙනෙක් කොහේ හරි හදිසියේ මියගියොත් ඒ ලොරිය අරන් ගිහින් තමයි ඒ මළමිනිය අරන් එන්නේ. ඒ විදිහට එයාගේ මේ ලොරියේ මිනී 100කට වැඩි ප්‍රමාණයක් එදා සිට මේ දක්වා ඇදලා ඇති. මෙයා සිංහලයා, දෙමළා කියලා මිනිස්සු වර්ග කළේ නැහැ. ඒ හැම කෙනකුටම සැලකුවා. දුප්පත් ළමයින්ට පොත් පත් බෙදාදුන්නා රට වටේ ගිහින්. ඒ වාගේම මේ අවට හැම විහාරයකම භික්ෂුන් වහන්සේලා එක්ක හොඳ සමීප සම්බන්ධතාවක් පැවැත්තුවා.

දනාගම මේ කොටස කෙළවරින් මා ඔය ගලාගෙන යනවා. ඒ මා ඔයේ ‘පුහුවල’ කියලා කවුරුත් හඳුන්වන කොටසක් තියෙනවා. එතැන ජල පහර වැඩි විශාල වළක් තියෙනවා. නාන්න ගියපු ළමයෙක් මේ වළට ගිහින් එයා මරණයට පත් වුණා. එයාගේ ජීවිතය බේරා ගන්න මහ කැපකිරීමක් කරපු තස්ලීම් එදා ගමේ තරුණයන් එක්කරගෙන ගිහින් හරස් කරලා එම ස්ථානයෙන් යන ජල පහරේ වේගය අඩාල කරලා ඒ වළ ඇතුළට පීනලා ගිහින් ඒ මිනිය ගෙනාවා. එයා අපේ කෙනෙක්. නමුත් හැම ජාතියකම අය මේ ස්ථානයට විනෝද වෙන්නට එන නිසා එහි නැවත අවදානමක් ඇති නොවෙන්නට ඒ වළට කොන්ක්‍රීට් දාලා මුදල් වියදම් කරලා එතැන ආරක්ෂිතව තස්ලිම් හැදුවා. අපි නම් ඒ දේවල් හිතුවේ නැති වුණත් එයා කියන්නේ ඒ වගේ දේවල් තමයි අපි කරන්න ඕනෑ කියලා. අදටත් ඒ ස්ථානයේ ළමයි විනෝද වෙනවා කිසිම අනතුරක් නොවී.

ඒ විතරක් නොවෙයි දනාගම සහ ඒ අවට සිංහල, මුස්ලිම් තරුණයන් මත්ද්‍රව්‍යවලට යොමුවෙනවා යැයි පවසමින් ඒවා යම් තරමකට හෝ මැඬපවත්වා ගන්න ඕනෑ කියලා මහ ලොකු ක්‍රීඩාපිටිය හදන්න ඔහු මුල පිරුවා විතරක් නොවෙයි මහ මඩ වගුරක එරිලා දවස් ගණන් උදැල්ලෙන් ඒ ක්‍රීඩාපිටිය සකස් කරන්න අපේ තස්ලීම් වැඩ කළා.

මේ නිසාම තමන්ගේ පල්ලියේ දායක සභාවේ ලේකම් තනතුරද හිමි කරගත් එයා කබීර් හෂීම් මහත්මයාගේ ලේකම්වරයා ලෙස සිටියත් ඔහුට අමාත්‍යවරයා ලබාදී තිබූ නිල රථය රැගෙන කිසිම මොහොතක ගමට පැමිණියේ නැහැ. ඔහු තම මිත්‍රයන්ට ඒ සම්බන්ධයෙන් කතා කරන ලද අවස්ථාවන්වලදී කිව්වේ මම ගමේ සාමාන්‍ය මිනිහෙක්. මම ඔය නිල වාහන අරන් ගමට ආවොත් ගමේ මිනිස්සු එක එක කතා කියනවා. ඒක මගේ වාහනයක් නොවෙයි. ඒක හැමදාම මට ලැබෙන දෙයකුත් නෙවෙයි. ඒ නිසා මිනිස්සුන්ට උදවු කරන්න නිල රථ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා දේශපාලනයෙන් උදවු කළ හැකි හැම මනුෂ්‍යයකුටම මම දේශපාලනයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙනවා කියලා.”

ඔහු සරල මිනිසෙකි. විටෙක සතුන්ට වල්වැටහිර තණ කොළ සොයා අසල ගම්දනව්වල ඇවිද ගොස් කොළ මිටි බැඳ කා සමඟත් සිනාමුසු මුහුණින් කතා කර තම කටයුතු පවත්වාගෙන ගියේය.

වරක් ඔහු සිය මවට පවසා ඇත්තේ තමන්ට දේශපාලනයට පැමිණ මහජන නියෝජිතයෙක් වෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් ඇති නිසා ඒ හරහා ඉදිරියේදී කටයුතු කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් ඒ හරහා මහ විශාල සේවයක් කළ හැකි බවද ඔහු සිය මව සමඟ විවේකී අවස්ථාවක කතා කරන විට පැවැසූ බව තස්ලීම්ගේ මව අප සමඟ පැවැසුවාය.

තවමත් මවගේ නිවෙසේ ජීවත් වන තස්ලීම්ට ඇත්තේ වසර ගණනාවකට ඉහත සකස් කළ නිවෙසකි. එහි පිටුපස සමහර බිත්ති ඉරිතැළී ගොස් ඇති අතර වැසිකිළියේද කොටසක් නාය ගොස් තිබුණත් බිරිය සහ යාළු මිත්‍රයන් පවසන්නේ ඔහු අන් අයට සලකන්නට මුදල්වලින් පවා ණය වී ඇති බවයි.

තස්ලීම්ගේ හදිසි අනතුර සමඟ දැන් මේ පවුලේ අය අසරණ වී ඇති අතර ඔවුන්ට ගමේ අය ඥාතීන් උදවු කළද මෙය කොපමණ කාලයක් සිදුකරන්නට හැකි වේද? එය ඔවුන්ගේ අනාගතයට මුහුණදීමට ඇති ප්‍රශ්නයයි. තස්ලීම්ගේ බිරිය දරුවන් තිදෙනකු සහිත ජීවිතයක් ගත කරන්නේ ස්වාමියාගේ මවද රැකබලා ගනිමිනි. ඇයටද ස්ථිර රැකියාවක් නැත. සිය පවුලේ කටයුතුවලට නායකත්වය ලබාදුන්, ගමට රටට නායකත්වය ලබාදුන් මෙම නිවෙසේ නායක තස්ලීම් අද ලෙඩ ඇඳේය. ඒ නිසා මේ අයගේ අනාගතය ගැනද වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුව පවතී.

තස්ලීම් පිළිබඳව සිංහල බෞද්ධ ස්වාමීන් වහන්සේලා පවා කම්පාවෙන් සිටිති. දෙබත්ගම සාමසර කන්දේ පාමුල ඇති වියන්එළිය විහාරස්ථානයේ නායක හිමියන් තස්ලීම් බැලීමට ගොස් පිරිත් කියා අතේ නූලක්ද බැඳ පිරිත් පැන් බීමට දී තස්ලීම්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර තවත් ස්වාමීන් වහන්සේලා රැසක්ම තස්ලීම්ගේ සුව දුක් සොයා බැලීමට රෝහල වෙත ගොස් කම්පාවට පත් වී ඇත.

දනාගම අවට පදිංචි සිංහල ජනතාවගෙන් කොටසක් අවට විහාරස්ථානවල තස්ලීම්ට ඉක්මන් සුවය පතා බෝධි පූජාවන් සිදුකර ඇති අතර තවත් පිරිසක් මාවනැල්ල අලුත්නුවර දේවාලයට තස්ලීම් සුව වූ පසු බාරයක් වන බවටද පොරොන්දු වී ඇත.

දනාගම ජීවත් වන සිංහල බෞද්ධ අයකු වන පී.එච්.ජී. දයානන්ද මෙන්ම ඉන්ද්‍රාණි යන අය අදහස් දක්වමින් අපට කීවේ තස්ලීම් මුස්ලිම් වුණත් ඔහු මුස්ලිම් අයට වඩා සිංහල අයට උදවු කරන ලද අයකු බවයි. සිංහල ගමේ පැවැත්වෙන ශ්‍රමදානයක, විවාහ උත්සවයක, මළ ගෙදරක සිටින ඔහු නිදහස් උත්සව, සිංහල අලුත් අවුරුදු උත්සව පවා මුස්ලිම් අයද සහභාගි කරගෙන සිදුකිරීම විශේෂත්වයක් වන බව ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ.

මාවනැල්ල නගරයේ සිට රඹුක්කන මාර්ගයේ මීටර් 200ක් පමණ ගොස් දනාගම පල්ලිය අසලින් ඔහුගේ නිවෙස වෙත යෑමට ඇත්තේ මීටර් 300ක පමණ දුරකි. නිවෙස වෙත ගිය අපට තස්ලීම් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු පවසන්නට ගමේ අය බොහෝ දෙනකු ඉතා සුළු මොහොතකදී එක් රැස් වූයේ ඔහු ගමේ අය සමඟ එතරම්ම සමීප සම්බන්ධතාවක් පවත්වා ගත් නායකයකු වන නිසාවෙන් බව අපට සිතිණි.

ලියා නිම කළ නොහැකි සමාජ සේවාවන් රැසක් සිදුකරන ලද තස්ලීම් සම්න්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසන්නේ තමන්ගේ ලේකම්වරයා මේ අන්තවාදීන් සොයාදීමට ආරක්ෂක අංශවලට සහාය වීමට උපරිම ලෙස කටයුතු කළ බවකි. බුදුපිළිම කැඩීමේ සිද්ධිය සැලවීමත් සමඟ බොහෝ තොරතුරු සැකකරුවන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට ලබාදී ඉතා කෙටි කාලයකින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහයෝගය ලබාදී දින ගණන් ආරක්ෂක ප්‍රධානීන් සමඟ තස්ලීම්ට ලැබෙන තොරතුරු හරහා කටයුතු කරන ලද බවත් එය මෙතරම් ඉක්මනින් මේ අන්තවාදීන් කොටු කර ගැනීමට පිටිවහලක් වූ බවද කියයි.

මේ තොරතුරු සොයා ගිය අපට ගමේ කිහිපදෙනකු පැවැසුවේ පුත්තලම ප්‍රදේශයේදී අන්තවාදීන්ගේ අවි ආයුධ අල්ලා ගැනීමටත් පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමටත් කටයුතු කළ අවස්ථාවේ එම කණ්ඩායමේ තස්ලීම් සිටින ඡායාරූපයක්ද අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධවීම හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ පළමු ගොදුර ලෙස තස්ලීම් තෝරා ගන්නට ඇති බවයි.

තස්ලීම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස වසර ගණනාවක් පුරා කටයුතු කර ඇත. තස්ලීම් මහතාට වෙඩි වැදුණු විගස කිහිපවතාවක් අමාත්‍යවරයා විසින් තස්ලීම්ගේ රෝගී තත්ත්වය සුව කර ගැනීමට අවශ්‍ය කටයුතුවලට උදවු කර ඇත. පවුලේ අය තම කාර්යාලයට ගෙන්වා සාකච්ඡා කර තස්ලීම් සුව කර ගැනීම හා පවුලේ කටයුතු සොයා බලමින් අදත් ඒ වෙනුවෙන් සිය කැපවීම සිදුකරයි. තස්ලීම්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද අමාත්‍යවරයා අවශ්‍ය පහසුකම් ලබාදීමට මැදිහත් වී ඇත.

තමන්ගේ කටයුතුවලටත් වඩා අන් අයගේ කටයුතු සොයා බලමින් දිවා රෑ වෙහෙසුණු තස්ලීම්ට ඇත්තේ මව සිටි පරණ නිවෙස පමණි. එම නිවෙස පිටුපස ඔහුගේ සත්ත්ව ගොවිපොළ ඇති අතර එහි එළගවයන් සහ එළුවන් ඇත. මේ සත්ත්ව ගොවිපොළට අමතරව ඔහු මිරිස් කුඩු පැකට් කර වෙළෙඳපොළට අලෙවි කරන අතර ඒ මඟින් උපයාගත් මුදලින් පවුලේ කටයුතු, සමාජ සේවා කටයුතු පවත්වාගෙන යන නිහතමානී සමාජ නායකයෙකි. අප ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

ඡායාරූප හා සටහන

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook