Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ලන්ඩන් විහාරයට වන්දනාවේ පැමිණි නව හැවිරිදි සිඟිති දැරියක් ලිංගික අපචාරයට ලක් කිරීමේ අපරාධයට වැරදි කරුවී හත් අවුරුදු සිර දඬුවමක් ලැබූ, පහළගම විද්‍යරවින්ද පිරිවෙන් විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියෝ ඇමැති වරුන් කිහිප දෙනෙකුට ගම්පහ විහාරස්ථාන වන්දනාව තහනම් කරමින් තීන්දුවක් දුන් ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විහාරාධිපති සංගම් රැස්වීමේ මුලසුන හෙබවීම ගම්පහ බෞද්ධ ජනතාව ගේ විමතියට හේතුවී ඇත.

මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ නිකුත් කළ රජයේ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගම්පහ ආසනයේ කිසිදු විහාරස්ථානයට නොකැඳවීමට , ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය පසුගිය අඟහරුවාදා (4දා) රාත්‍රීයේදී තීරණය කළහ.


මෙම පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ වැඩවසන සමයේදී එම විහාරස්ථානයට පැමිණි නව හැවිරිදි බාල දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු වී ලන්ඩනයේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම වූවෙකි.

1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව අධිකරණය තීන්දු කළේය.

එහෙත් එහිමියන්ට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවලට සෝමරතන හිමියන් නිවැරදි කරු බව අධිකරණයේ නිගමනය විය.

පහලගම සෝමරතන හිමියන් ගේ නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කර තිබිණ.

එමෙන්ම මින් මතුවට සෝමරතන හිමියන්ට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කර තිබිණ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ බුදු මැදුරේ බුදු රුව අබියස මෙම දැරිය දුෂණය කල සොමරතනයෝ, “මේ සිද්ධිය පිළිබඳව මවට හෙළි කල හොත් ඇය අතිශය වේදනාවට පත් වනු ඇති බව ද දැරියගේ පියා මරණයට පත් වන බව ද පවසමින් දැරිය භීතියට පත් කර, බුදු රුව පාමුල මෙම බිහිසුණු අපරාධය සිදු කළ අතර, ඒ පිලිබඳ කිසිදු පසුතැවීමකින් තොරව හැසිරෙන ආකාරය චිශ්මය දනවන බව” තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු වරයා ප්‍රකාශ කර තිබිණ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook