Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කන්තලේ සූරියපුර අල්ල පාලම අසල ඇති වැලි නිධියක් නිසා ඊට ඉදිරිපස පිහිටි ගං වතුර ආරක්ෂණ බැම්ම බිදී යාමේ අවධානමක් පවතින අතර මේ පිළිබඳව එම ප්රදේශයේ ගොවි සංවිධානය විසින් විටින් විට විවිධ බලධාරීන් (ජනාධිපති මෛත්රී ද ඇතුළුව) දැනුවත් කිරීමේ ප්රතිඵලයක් ලෙස එකී වැලි ඉවත් කිරීමේ සහ ගං වතුර ආරක්ෂණ බැම්ම කළුගල් යොදා අලුත්වැඩියා කිරීමේ ව්යපෘතියක් භූවිද්යා පතල් කැනීම් කාර්යාංශයේම උප සමාගමක් වන තාක්ෂණික සේවා ආයතනයට පවරා ඇත.

මෙම වැලි නිධිය වනජීවී රක්ෂිතයක් තුල පිහිට ඇති බැවින් වන ජීවී දෙපාර්තමේන්තු කොන්දේසි ප්රකාරව එහි වැලි ඉවත් කිරීම රජයේ ආයතනයක් මගින් ඍජුවම සිදිකල යුතුය. එවන් තත්වයක් යටතේ ඉහත කාර්යය සඳහා ඉහත කී තාක්ෂණික සේවා ආයතනය එම ප්රදේශයේ පිහිටි සූරියපුර හීන්ගඟ ජනරංජන ගොවි සමිතිය හරහා සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුනත් කිසිඳු අදාළතාවයකින් තොරව එම ආයතනයට පැමිණි ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ ශ්රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්රික් සංවිධායිකා ආරියවතී ගලප්පත්ති නම් තැනැත්තිය අදාල තාක්ෂණික සේවා ආයතනය තුල යකා නටා ඉහත කී කොන්ත්රාත්තුව මෛත්රීපාල ජනාධිපති වරයාගේ ආශීර්වාදය මත තමාගේ ආයතනයක් හරහා සිදුකල යුතු බවටත් ඉන් කොටසක් ජනාධිපති වරයාට යන බවත් එසේ ලබා නොදුනහොත් හොඳ වැඩක් කරන බවටත් ගොවි සමිතියේ නිලධාරීන් හට බැනවැදී ඇත.

අදාල ගොවි සමිතිය ඉහත කොන්තරාත්තුවෙන් එන මුදල් මගින් අදාල ප්රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියත් එකී ප්රදේශයට කිලෝමීටර් පනහක් පමණ එපිටින් සිටින මෙම හිටපු මන්ත්‍රීවරිය එම කොන්ත්රාත්තුව තමාටම අවශ්‍ය බව පවසමින් යකා නටා ගොස් ඇති අතර ඉහත කී ආයතනයට රජයේ බලධාරීන් හරහා දුරකථන ඇමතුම් ලබා දෙමින් මෙය ජනාධිපති වරයාගේ වැඩක් බවත් එනිසා කොන්තරාත්තුව ගලප්පත්ති හට ලබා දෙන ලෙසට ඇය බලපෑම් කර ඇත. 

තවද භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ (GSMB) තාක්ෂණික සේවයේ නියුතු තරිඳු වික්රමනායක යන අයට මෙකී පාර්ශවය විසින් ඉතා විශාල මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවත් එබැවින් ඔහු විසින් සියලු ආයතනික ක්‍රියා පටිපාටි නොසලකා ආරියවතී ගලප්පත්තිගේ හෙන්චයියෙක් හට කොන්තරාත්තුව ලබා දීමට සූදානම් බව මේ පිලිබඳ තතු දත්තෝ පවසති.

ආරියවතී ගලප්පත්තිගේ මෙකී ක්රියා කලාපය නිසා අදාල ඉදිකිරීම් ඊලග වැසි කාලයට පෙර සිදු කිරීමට නොහැකි වුවහොත් ගංවතුර ආරක්ෂණ බැම්ම බිදී ගොස් ගෙවල් දහස් ගණනක් මෙන්ම ඉඩම් අක්කර දහස් ගණනක් විනාශ වීමේ අවධානම පවතින අතර එසේ වුවහොත් ඒවායේ වගකීම රටේ ජනාධිපති වරයා සහ ආරියවතී ගලප්පත්ති විසින් දැරිය යුතු බවත් මේ කාන්තාවගේ හැසිරීම පිළිබඳව ජනාධිපති වරයා වහා ක්රියා මාර්ගයක් නොගන්නේනම් ඔවුන් අතර ඩීල් එකක් පවතින බව පැහැදිලි බවද ප්රදේශවාසීහූ පවසති.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook