ජනාධිපතිවරයාගේ විරෝධය මත පාස්කු ප‍්‍රහාරයට අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පැවැත්වීම නිසා මේ වන විට ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර අර්බුදයක් හටගෙන ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සම්පූර්ණ වගකීම ඒකපාර්ශ්විකව ජනාධිපතිවරයා වෙත පැටවීම සඳහා සැලසුම් සහගත ලෙස මෙම තේරීම් කාරක සභාව පත්කර ඇති බව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (12 වැනිදා* පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහ ලේකම්වරයා ස`දහන් කළේය.
2015 වසරේ සිට ත‍්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් අගමැතිවරයාගේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැුස්වීමේ දී ඒ පිළිබඳ සොයා නොබැලූවේ ඇයිදැයි මෙහිදී ශී‍්‍රලනිප මහා ලේකම්වරයා විමසා සිටියේය. ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පත්වී මේ වන විට ගත වී ඇත්තේ මාස 4ක් වැනි කෙටි කාලයක් බවත් ඊට පෙර එම ඇමැති ධුරය තිබුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ බවත් කී මහලේකම්වරයා එවැනි තත්ත්වයක් තුළ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා වෙත පටවමින් තේරීම් කාරක සභාවක් ඇති කර මේ සිදුකරන්නේ ඒකපාර්ශ්වික මඩ ගසන නාඩගමක් යැයිද කීය.
ප‍්‍රධාන බුද්ධි ප‍්‍රධානීන් තේරීම් කාරක සභාවට ගෙන්වා සැලසුම් සහගතව තොරතුරු එක්රැුස් කර එම ප‍්‍රකාශවල සත්‍යතාව සොයා නොබැලීමත්, එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබීමත් නිසා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කතා කළ නොහැකි බවද මහලේකම්වරයා කීවේය.