Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?

ඔව්. රවීන්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කරන ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ අසලිගේ චරිතය නිසා ගොඩක් අය මං ගැන කතා කරන්න පටන් අරන්. කොහේ ගියත් ඒ ගැන අහනවා. ඉතිං සතුටුයි ඒ ගැන. 


ප්‍රතිචාර ලැබෙද්දී ‘හුස්මක් තරමට’ නිර්මාණයට සම්බන්ධ වෙන්න ගත්ත තීරණය ගැන සතුටු ඇති?

ඔව්. ඒ තීරණය ගැන සතුටුයි. හුස්මක් තරමට කියන්නේ ලස්සන ටෙලි නාට්‍යයක්. ලස්සන ආදර කතාවක්. මගේම වයසේ පිරිසක් එක්ක මට රඟපාන්නත් ලැබිලා තියෙනවා. කිසිම ආතතියක් නැතිව මේ නිර්මාණයේ වැඩකරන්න පුළුවන්. රංගනයට සම්බන්ධ වෙලා ඒ දේවල් බලන්න ලැබෙද්දීත් සතුටු හිතෙනවා.


සචිනිට ‘හුස්මක් තරමට’ ටෙලියේ ප්‍රධාන චරිතයට පාර කැපුණේ කොහොමද?

මම රවි අයියාගෙම උරුමක්කාරයෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ හිරු නාළිකාවෙන් තමයි මේ නිර්මාණයට මට කතා කළේ. තිර පරීක්ෂණයට ගියාම මාව මේ චරිතයට තෝරාගත්තා. 


මේ ඔබේ පළමු රංගනය නෙවෙයි?

ඔව්. මම මුලින්ම වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විධියට වැඩකළේ. ඊට පස්සේ ටෙලි නාට්‍ය රංගනයට එකතු වුණා. මුලින්ම රඟපෑවේ සිවගුරුනාදන් මහත්මයාගේ ‘අඟුරු සිත්තම්’ ටෙලි නාට්‍යයේ. රවි අයියා අධ්‍යක්ෂණය කරපු උරුමක්කාරයෝ ටෙලි නාට්‍යයෙන් පස්සේ හුස්මක් තරමට ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. 


සචිනිගේ පවුලේ විස්තරත් කියමු?

මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි ඉන්නේ. තාත්තා ඉන්නේ ජපානයේ. දැන් තාත්තා ලංකාවට ඇවිත් ඉන්නවා. 


සචිනි රංගන ක්‍ෂේත්‍රය තෝරා ගන්නවට පවුලේ අය කැමැති වුණාද?

පොඩි කාලේ ඉඳන් වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණු නිසා මම රංගන ක්‍ෂේත්‍රයට එනවට අම්මා තාත්තා අකැමැති වුණේ නැහැ. 


සචිනිට මේ ක්‍ෂේත්‍රයේ පරමාදර්ශී චරිත ඉන්නවාද?

එහෙම විශේෂයෙන් කියලා කෙනෙක් නැහැ. මම ඕනම කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කැමැතියි. 


අලුත් පරපුරේ සමහරු ක්‍ෂේත්‍රයේ වැඩ කරද්දී එන කැපිලි කෙටිලි ගැන කියනවා. සචිනිටත් එහෙම කැපිලි ඇවිත් තියෙනවාද?

කැපිලි කෙටිලි කටකතා කියන දේවල් මේ ක්‍ෂේත්‍රයේ විතරක් නෙවෙයි ඕනෑම ක්‍ෂේත්‍රයක තියෙනවා. ප්‍රසිද්ධ නිසා තමයි මේ ක්‍ෂේත්‍රයේ දේවල් වැඩිපුර එළියට යන්නේ. 



සචිනි ගොසිප්වලින් පරිස්සම් වෙන කෙනෙක්ද?

මම ගොසිප් කියන දේවල් ලොකුවට ගණන් ගන්නේ නැහැ. අනෙක් අය කියන දේවල් අහ අහා ඉන්නවාට වඩා පාඩුවේ තමන්ගේ ගමන යන එක තමයි හොඳ. 


රංගන ක්‍ෂේත්‍රයේ ඉන්නකොට ජනප්‍රිය වෙන්න, සම්මානනීය වෙන්න බලාපොරොත්තු ගොඩනැඟිලා ඇති?

මට ජනප්‍රිය වීමේ අරමුණක් නැහැ. සම්මාන බලාගෙන වැඩ කරන්නෙත් නැහැ. මට ගැළපෙන දෙයක් තෝරාගෙන ඒ දෙයට සාධාරණයක් කිරීම තමයි මගේ අරමුණ. 


හැබැයි ජනප්‍රිය නිළි සම්මානයට සචිනිත් තරග කරයි?

ජනප්‍රිය වෙන්න තරගයකට මම යන්නේ නෑ. මම තරග කරන්න කැමැතිත් නැහැ. 


සචිනිට ගැළපෙන දේ තීරණය වෙන්නේ කොයි විධියටද?

මට කරන්න පුළුවන් හොඳ කතා තේමාවක් තියෙන නිර්මාණයක් නම් මම ඒක භාරගන්නවා. මම කැමැතියි වෙනස් වෙනස් චරිත කරන්න. ලැබෙන ඕනෑම එකක් කරන්න මට ඕනේ නැහැ.


සචිනිට ගැළපෙන දේ තෝරලා දෙන්න තව කවුරු හරි ඉන්නවාද?

නැහැ. මගේ ජීවිතේ ගැන හිතලා මම තමයි තීරණ ගන්නේ. කවුරුවත් මට සීමා පනවලා නැහැ. 


සචිනි පුංචි තිරයේදී සංගීත්ගෙයි ගයාන්ගෙයි ආදර කතාවකට මැදිවෙලා. කොහොමද ඒ මුහුවීම?

මම සංගීත්වයි, ගයාන්වයි මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින්ම හඳුනනවා. ගයාන්ව නම් හඳුනාගත්තේ මීට අවුරුදු තුනකට කලින්. එයාගේ ‘මං දැන් තනිවෙලා’ කියන මියුසික් වීඩියෝවට මම සම්බන්ධ වුණා. ඒ යාළුකම් තාමත් තියෙනවා. ඉතින් සංගීත් - ගයාන් වගේම හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. 


සැබෑ ජීවිතේ සචිනි පෙම්වතියක්ද? 

පෙම්වතියක් වෙලා හිටියා. නමුත් දැන් මම පෙම්වතියක් නෙවෙයි.


සචිනි ක්‍ෂේත්‍රයේ කෙනෙක්ට හිත දෙන්න කැමැතිද?

ක්‍ෂේත්‍රයේ කෙනෙක් ආදරය ඉල්ලුවොත් ඒ ගැන හිතන්න ඕනේ. ක්‍ෂේත්‍රයේ කෙනෙක් වුණත් පුද්ගලයා කොහොමද කියන දේ බලලා තමයි තීරණයක් ගන්නේ.


සචිනිට ආදර යෝජනාවලින් අඩුවක් නැතිව ඇති?

ක්‍ෂේත්‍රයේ අයගෙන් නම් ආදර යෝජනා ඇවිත් නැහැ. නමුත් වෙනත් ගැහැනු ළමයින්ට වගේ මටත් ආදර යෝජනා එනවා. 


සචිනි දිගටම රංගන ක්‍ෂේත්‍රයේ රැඳෙන්නද අදහස?

මම කලින් ආයතනයක සේවය කළා. දැන් මම රංගන කටයුතුවලට එකතු වෙලා ඉන්නවා. විවාහ වෙනකල් මම රංගන කටයුතුවල රැඳිලා ඉඳියි.


විවාහයෙන් පස්සේ සචිනි රංගනය අතහරිනවාද?

විවාහ වුණාට පස්සේ මම මුල් තැන දෙන්නේ මගේ පවුල් ජීවිතයට. රංගනයේ ඉන්නවාද නැද්ද කියන දේ ඊට පස්සේ තීරණය කරයි. 


තවත් අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?

මම ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරන නිසා ඒ නිර්මාණයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ නිසා වෙන නිර්මාණයක් නම් භාරගත්තේ නැහැ. තව හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් කාලය වෙන්කරගෙන සම්බන්ධ වෙනවා. 


මොනවද ඉදිරි සැලැසුම්?

අලෙවිකරණ ක්‍ෂේත්‍රය ගැන තව ඉගෙන ගන්න ඕනෑ. ඒ වගේම රංගනයෙන් හොඳ නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙනවා. ලොකු ලොකු සැලැසුම් හීන නම් මගේ ජීවිතේ නැහැ.

තිළිණි කෞශල්‍යා







Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook