Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සුනිත් ප‍්‍රතිපත්තිය අනුගමනය කරන ඉස්ලාම් ජනතාව උදෙසා ආගම දේශනා කරනවා. මේ අන්තවාදී ප‍්‍රහාරය සම්බන්ධ ඉතිහාසය මා පවසන්නම්. සුනිත් පල්ලිය සාමාජික මුස්ලිම්වරුන්ගේ කටයුතු සිදු කරනවා. කෝපය, වංචාව සහ ගතිගුණවලින් තොරව පිරිසිදු මිනිසුන් ලෙස ජීවත් වීම අවධාරණය කරනවා.

සහරාන් ආරම්භයේදී කාත්තන්කුඩිය අරාබි විද්‍යායේ ඉස්ලාමිය ඉගෙනුම් කළා. පසුව 2005 දී අර්බුදයක් ඇති වී ඉවත් වුණා. ඉන්පසු කුරුණෑගල අරාබි විද්‍යායේ අධ්‍යාපනය කළා. ඒ මස්කූර් නමැති මද්‍රසා පාසලේ.

මොහු යහළුවන් කීප දෙනකු සමඟ දරුල් අදර් අදාවියා නමැති අන්තවාදී සංවිධානය ආරම්භ කළා. 2009 හෝ 2010 දී ඔවුන් ජපානයට ගිහින් යළි පැමිණ ඒ සංවිධානය සමගින් ගැටුම් ඇති වී ඉවත් වුණා. 2011 දී ජාතික තව්හිද් ජමාත් සංවිධානය ආරම්භ කළා. 2015 දී ජාතික තව්හිද් ජමාත් සංවිධානය කාත්තන්කුඩි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කරනවා. කුඩා පැල්පතක් ලෙස තිබූ කාර්යාලය දැන් විශාල 

ගොඩනැඟිල්ලක් බවට පත්ව තිබෙනවා. ඔහු අපගේ ආගමික කටයුතු සුනි ප‍්‍රතිපත්ති අවමන් කරමින් අප ඉස්ලාම්වරුන් නොවේ යැයි කියමින් ප‍්‍රචාරයක නිරත වුණා.මේ කාලයේදී තව්හිද් නමැති මාසික සඟරාවක් ඔහු නිකුත් කළා.

අපි අපේ පල්ලිවල ජාති භේද නැතිව අවුරුද්දකට දාන පහළොවක් විතර ලබා දෙනවා. මේ දානය ඌරු මස් කෑමට සමාන බව යැයි කියමින් සහරාන් ප‍්‍රචාරය ගෙන ගියා.

මේ ගැන කාත්තන්කුඩි පොලිසියට පැමිණිලි එකොළහක් පමණ ගොනු කළා. මඩකලපුව මහෙස්ත‍්‍රාත් උසාවියේ නඩු ගොනු කළා. ඒත් ඔහු සුනි මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රචාරය නතර කළේ නෑ.

නැගෙනහිර අණදෙන නිලධාරිවරයාටත් අපි 2015 දී පැමිණිලි කළා. මේජර් ජෙනරාල් ලාල් පෙරේරාට. ඔවුන් සහරාන්ව කැඳවා මෙවැනි ප‍්‍රශ්න ඇති නොකරන ලෙස අවවාද කළා. සහරාන් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නෑ.

2015 මහ මැතිවරණයේදී කාත්තන්කුඩි අපේක්ෂකයන්ට බලපෑම් කර ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුමේ අන්තවාදී දේ සඳහන් කළා.

සරත් ෆොන්සේකා මහතා - 2015 ජනාධිපතිවරණයේදී ඔහු මොනවද කළේ.

සාක්ෂිකරු - ඔහු එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයට විරුද්ධවයි කටයුතු කළේ. මහින්ද රාජපක්ෂ මහතා සහ මෛති‍්‍රපාල සිරිසේන මහතායි තරග කළේ. සුනි සාමාජිකයන් දස දහසක් පමණ කාත්තන්කුඩි ජීවත් වෙනවා.

මේ ගිවිසුම අන්තවාදී ගිවිසුමක්. අප මේ ගිවිසුමට විරුද්ධ වුණා. අපට අවමන් කළා. නත්තල් උළෙල සැමරීමට විරුද්ධවත් කතෝලිකයන්ට එරෙහිව සහරාන් කතා කර තිබුණා. ඒ 2016 දෙසැම්බර් මාසෙට කලින්. ඒ සඳහා ඔහු සී. ඞී. පට නිකුත් කර තිබුණා. රටට ආදරය කිරීම ඉස්ලාම් දහමට අදාළ නැති බව සහරාන් කියා තිබෙනවා. ඔහු අයි. එස්. අයි. එස්. සංවිධානය ගැන තමයි කියන්නේ. ලංකාවේ ජාතික කොඩිය එසවීම ඉස්ලාම් රාජ්‍යයට පටහැනි බව ඔහු ප‍්‍රකාශ තුනක් කර තිබෙනවා. ඒ සී. ඞී. පටය අසන්න. ලංකාවේ ඉස්ලාමිය කොඩිය ලෙල දෙන්න ඕනේ. ලංකාව මුස්ලිම්වරුන් විසින් අල්ලාගත යුතුයි කියමින් රටට විරුද්ධව ඔහු කතා කළා. අනෙක් ආගම්වල අය මරන්න ඕනෑ කියා සහරාන් පැවසුවා. ඒ පිළිබඳ ලිපියක් 2017 වසරේ සකස් කර ජනාධිපතිතුමාගේ කාර්යාලයට භාරදුන්නා. එවක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂාව භාර ඇමැති සාගල රත්නායක, අගමැතිවරයාගේ කාර්යාලයට, රුවන් විජයවර්ධන මහතාට දැනුම් දුන්නා. පොලිස්පතිතුමාගේ කාර්යාලයට මෙම පැමිණිල්ල මුස්ලිම් නොවන අය මරා දැමිය යුතුයි කියමින් සහරාන්ගේ ප‍්‍රචාරයන් හා ප‍්‍රශ්න රැුසක් විය හැකි බවට සහරාන්ගේ දේශන සහිත සී. ඞී. පට තුනක් සමඟ භාර දුන්නා. 

අපට අගමැති කාර්යාලයෙන් ලිපියක් ලැබුණ අගමැතිතුමාගේ අවධානයට යොමු කළා කියා. අපි නීතිපතිතුමාටත් පැමිණිලි කළා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට උත්තරයක් ලැබුණා. අපි වැඩ කළේ මුස්ලිම්වරුන් පමණක් රැුක ගන්න නොවේ අපේ රට රැුක ගන්නයි පැමිණිලි කළේ. ඒත් අපට තර්ජන ආවා.

එහිදි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකයන් සහ සූෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සහ්ලාන් මව්ලවි අතර අතර ඇති වු සංවාධය පහත පරිද වේ,

''ප්‍රශ්නය - 
(සරත් ෆොන්සේකා) 
ඔහු ජනාධිපතිවරණයේදී කොහොමද වැඩ කළේ? 

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)

ඔහු වැඩ කළේ මහින්ද රාජපක්ෂට විරුද්ධවයි.

ප්‍රශ්නය - 
(එම්.ඒ. සුමන්තිරන්)
සහරාන් සමඟ ගිවිසුම් ගැහුවේ කවුද ?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)

ෂාෆි සාලි, ෂිබ්ලි ෆාරුක්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ඒ.එල්.එම්. රූබී, අබ්දුර් රහුමාන්, මේක සුෆිවරුන්ට විරුද්ධ ගිවිසුමක්. 2016දී ඔහු කතෝලික ජනතාවට විරුද්ධව කතා කළා. නත්තල් උත්සවයට විරුද්ධව කතා කළා. 

ප්‍රශ්නය - 
(සරත් ෆොන්සේකා)
බෞද්ධ අයට විරුද්ධව කතා කළේ නැද්ද?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
මම ඒ ගැන දන්නේ නැහැ. 2016 සහ 2017 වර්ෂ වලදී ඔහු රැස්වීම් 3ක් පවත්වලා ලංකාවට එරෙහිව කතා කළා. මුස්ලිම් නොවන අය මරන්න ඕන කියලත් කිව්වා.2016ට කලින් ඔහු එහෙම කතා කළේ නැහැ. 2016 දෙසාම්බර් මාසයේ තමයි ඔහු මේ විදිහට කතා කළේ. ඒ රැස්වීම තිබ්බේ හිස්බුල්ලා සංස්කෘත මධ්‍යස්ථානයේ. 

ප්‍රශ්නය - 
(සරත් ෆොන්සේකා)
ඒ ප්‍රකාශය ගැන ඔබලා පැමිණිලි කළාද?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
ඔව් පැමිණිළි කළා. සහරාන් කිව්වා, මව් රටට ආදරය කරන කෙනෙක් මුස්ලිම් වෙන්න බැහැ. ජාතික කොඩිය එසවීම ඉස්ලාමීය රාජ්‍යට බාධාවක්. ලංකාවේ ඉස්ලාමීය ධඡය ඔසවන්න ඕන. ලංකාව මුස්ලිම්ලා අත්පත් කරගන්න ඕන. අපි මේ ගැන ලිපියක් මගින් ජනාධිපති කාර්යාලයටත් අගමැති කාර්යාලයටත්, විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාටත් , රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත්, සාගල රත්නායක අමාත්‍යවරයාටත් පැමිණිළි කළා. විඩීයෝ ඉදිරිපත් කළා. ඩී අයි ජී නාලක සිල්වාටත් පැමිණිලි කළා. 

ප්‍රශ්නය - 
(සරත් ෆොන්සේකා)
සහරාන්ගේ ඒ කතාවලින් පසු කවුරුන් හෝ ඊට එරෙහිව පියවර ගත්තද ?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
නැහැ, කවුරුත් පියවර ගත්තේ නැහැ. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපියක් ආවා එය අග්‍රාමාත්‍යවරයාට යොමු කරනවා කියලා. ඒවගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ආවා මෙයට අවශ්‍ය පියවර ගන්නවා කියලා. සහරාන්ලා තවුහිද් ජමාත් සාමාජිකයින් මම සුෆි මුස්ලිම්වරයෙක්. අපිට ලොකු හිරිහැර සිදුවුණා. 

(හඬා වැටෙයි)

ප්‍රශ්නය - 
( ආශු මාරසිංහ)
කාත්තන්කුඩියේ වහාබ් වාදය අනුගමනය කරන පල්ලි කීයක් තිබෙනවද? 

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
හරියටම කියන්න බැහැ. 10ක් 15ක්. අන්තවාදය තියෙනවා නම් එතන ත්‍රස්තවාදයට ඉඩක් තිබෙනවා. වහාබ් කියන්නේ අන්තවාදී ස්ථාවරයක්. 

ප්‍රශ්නය - 
( සුමන්තිරන්)
අනෙකුත් මිනිසුන් මරන්න ඕන කියන වහාබ්වාදීන් තවත් ඉන්නවද?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
මම හිතන්නේ සහරාන්,නියාස් වගේ අය තමයි එහෙම කිව්වේ.

ප්‍රශ්නය - 
( ආශු මාරසිංහ)
සහරාන් මැරුණට පස්සේ සුෆි අයට තිබුණු තර්ජනය අඩු වෙලා තියෙනවද? 

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
ඔව්.. දැන් නිහඬියාවක් තියෙනවා. නමුත් ඒ කල්ලියේ අය තවත් හැංගිලා ඉන්න පුළුවන්. සියලු පල්ලි අන්තවාදය ගෙන යන්නේ නැහැ. නමුත් සමහර පල්ලිවල දැඩි මතයට ඉඩක් තියෙනවා. ඒක අනාගතයේදී තර්ජනයක් වෙන්න පුළුවන්. "

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook