ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි යන්න තීරණය කර අවසන් බවත් තවම ඒ පිළිබඳව හෙළිදරව් කළ නොහැකි බවත් එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වීමට ද හැකි බවයි.
කෙසේවෙතත් අපේක්ෂකයා කවුරුන්දැයි ප්‍රසිද්ධ කිරීමට කොතරම් කාලයක් ගතවනු ඇත්දැයි කීමට නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
එසේම ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පසුගියදා (11) මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති පක්ෂ නියෝජිතයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.