පාසල් අසල පුපුරණ ද්‍රව්‍ය තබා ළමුන් පාසල් නොඑවීමට ඉඩ සැලස්සවීමේ දුෂ්ඨ චේතනාවක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
පසුගිය පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගැනීම සඳහා අපේක්ෂා මේ පිටුපස සිටින බවට තොරතුරු වාර්තා වන අතර මැයි 6 වනදා පාසල් විවෘත කරණු ලැබුවත් ළමුන් පාසල් නොයවන ලෙසත් රටේ ජාතික ආරක්ෂාව දුර්වලව ඇති බැවින් පාසල් වෙත බෝම්බ ප්‍රහාර එල්ලවීමේ අවධානමක් ඇති බවත් ප්‍රචාරය කර ඇත්තේද මේ පිරිස් බවත් වාර්තා වෙයි.
නමුත් මේ සතිය ආරම්භයේ සිට සිසුන් සුපුරුදු පරිදි පාසල් ඒම ආරම්භ කර ඇති අතර පාස්කු ප්‍රහාරයෙන් රට අස්ථාවර බව හඟවා දේශපාලන වාසි අපේක්ෂා කල පාර්ශව වෙත මෙය දරාගත නොහැකිව තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් වාසි ගැනීමට නොනිත් උත්සාහයක නිරත පාර්ශවයන්ට සහය දක්වමින් ජාතිවාදය වැපිරීමේ නින්දිත හැසිරීමක සිටින ජඩ මාධ්‍ය කිහිපයක්ද පාසල් අනාරක්ෂිත බව කියමින් පුවත් මැව්වා ඔබට මතක ඇත.
සැකකරුවෙකු අත්අඩංගුවට
බදුරලිය පොලිස් වසමේ බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසළ ඊයේ (23) රාත්‍රියේ බෝම්බ දමා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු හපුආරච්චිගේ පවිත්‍ර මධුසංක නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එම සැකකරු බදුරලිය හැඩිගල්ල ජනපදයේ පදිංචිකරුවෙකු බවද පැවසේ.
සැකකරු මේ වන විට බදුරලිය පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන සිදුකරමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අත්බෝම්බ නිකං පුපුරන්නේ නෑ !
මේ සම්බන්ධව අදහස් දක්වමින් ආරක්ෂක අංශ සාමාජිකයකු සඳහන් කර සිටියේ "අත්බෝම්බයක් නිකම් කිසියම් තැනක තිබුණාට පුපුරන්නේ නැහැ. එහි උඩින් තිබෙන කොක්කක් සහිත කොටස ගැලවිය යුතුයි. ඉන්පසු එහි තිබෙන ඩෙටනේටර් ගිනි ගැනීම සිදුවිය හැකි බැවින් වහා පිටතට විසිකරනවා. එය කිසිවෙකුගේ මැදිහත් විමෙන්ම කළ යුත්තක් මිස ඉබේ සිදුවන්නක් නෙවෙයි. එසේම අත්බෝම්බ එකින් එකට වයර්වලින් ඇමීණිමක් කළ හැකි වන්නේ නැහැ. එය සිදුකරන්න නම් අනිවාර්යයෙන්ම අත්බෝම්බයෙන් ඉහළ කොටස (පින් එක) ඉවත් කළ යුතුය. එම කොටස ඉවත් කළ පසු පුපුරායාමේ අවදානමක් පවතින හෙයින් වයර්වලින් ඇමිණීමක් කරන්නට හැකියාවක් නැහැ. කිසිවෙක් එවැනි වයර් අත්බෝම්බ සමඟ ගෙනවිත් තැබුවේ නම් එය බිය ගැන්වීම සඳහාම කරන ලද්දක්" යනුවෙනි.