මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (8 වැනිදා) පැවැසීය.
එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක්ද ගනු ලබන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමිනි.