මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගනය ආසන්නයේ ඇති මුස්ලිම් දේවස්ථානය අසල ඇති ළිදක තිබී කඩු 46ක්, පතොරම් පිරවූ කුඩා තුවක්කුවක් සහ තවත් උපකරණ කිහිපයක් සොයා ගත් බව පොලීසිය පවසයි.
කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි ආදී උපකරණ පොහොර උරයක දමා ලිද තුළ සඟවා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ. මීට අමතරව අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ද පොලීසියට හමුවී ඇත.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.