විශේෂයෙන් මේ කාලයේ ඔබට විපත් බහුල කාලයක් බව පේනවා. යම් යම් අප රටේ පමණක් නොව ලෝකයේ රටවල් වල විශාල අර්බුද කරදර හා විපත් ආදිය පෙන්නුම් කරන මේ කල, විශේෂයෙන්ම මේ කාලයේ මනුෂ්‍යන්ගේ සිත් සතන් කැලබි ඇති බව පේනවා. ඒ නිසා මේ ලෝකයට ඇති බිය සංකාව දුරු කර ගැනීමට ඇති එකම මාර්ගය අධ්‍යාත්මික මාර්ගයයි. සිත සහනයක් සළසා ගන්න. ඉතින් ඒ නිසා ඔබගේ උත්පත්ති කේන්ද්‍රය පරික්ෂ කරවා ගැනීමට, මේ කාලය ඔබට වටියි.
මේෂ ලග්නය
මේෂ ලග්නය හිමි ඔබට මේ සතියේමේ සතියේ විශේෂයෙන් ඔබ බලාපොරොත්තු වන්න වූ මානසික පීඩාකාරී බවක් පසුගිය කාලයේ පැවතී අතර එම පීඩාකාරී බව ඉවත් වී ඔබට සතුටක් වින්දනයක් හා මානසික සතුටක් ලැබීමට හැකි කාලයකි. අබු සැමියන් අතර තිබුණු අර්බුධකාරී තත්ත්ව මග හැරි යන අතර විශේෂයෙන් පවුල් ජිවිත සමාදානය හා යුග ජීවිතය සමාදානය කර ගැනීමට හා දෙදෙනාගේ ප්‍රේමය යලි ස්ථාපිත කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර හිතේ තිබුණු තරහ ගති ස්වභාවය පහව යයි. අධ්‍යාපනය ලබන දු දරුවන්ටද මේ කාලය ඉතාමත්ම හොද කාලයක් වන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මේ කාලය හොද කාලයකි. අවිවාහක යට මංගල යෝජනා හා මංගල යෝග පවතින බැවින් ඒවා සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබේ. මේ කාලයේ ඔබගේ දක්ෂතා ඔප් නැංවෙන කාලයක් බැවින් ඒ සදහා මේ කාලය සාර්ථක කාලයක් වේ.
ජය අංකය: 1, 2, 8
ජය වර්ණය: රතු , කහ
සුභ දිනය: අගහරුවාදා හා සිකුරාදා
රෝග පීඩා: පීනස් රෝග, සෙම් රෝග, උගුරේ අමාරු, යටි බඩ රෝග, අජීර්ණ රෝග
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නය හිමි ඔබට මේ සතියේ ඒ රාෂ්ටකයක් පැවතුනත් ඔබගේ ජිවන රටාව සාමාන්‍ය විදියට ගෙවී යයි. එදිනෙදා ජීවිතයේදී බලපෑම් ඇතිවිය හැකි කාලයකි. අබු සැමියන් අතර පවතින මත බේද වැඩි විය හැකි අතර, වචන භාවිතයේදී සිතාමතා කටයුතු නොකිරීම නිසා කරදර සිදුවිය හැකි බැවින් වචන භාවිතයේදී පරිස්සම් වීමට අවශ්‍ය කාලයකි. වියදම් පක්ෂය අධික වේ. රැකියාව දියුණුවක් ලැබුවත් වැය ඉහල යයි. මාන්නයෙන් කටයුතු කිරීම නිසා හා අනුන්ගේ අදහස් නොපිලිපැදීම නිසා ඔබට කරද ඇතිවිය හැකිය.
ජය අංකය: 2, 3, 8
ජය වර්ණය: රතු, කහ
සුභ දිනය: සිකුරාදා හා සෙනසුරාදා
රෝග පීඩා: උදාර රෝග, අර්ශෂ් රෝග, රුධිර පීඩන රෝග,අධික රිධිර පීඩන රෝග
මිථුන ලග්නය
මිථුන ලග්නය හිමි ඔබට මේ සතියේ විශේෂයෙන් ඒරාෂ්ටකයක් පවතින නිසා යම් පිද කාරී බවක් පෙන්නුම් කරන අතර ඔබගේ සිතුවිලි සෞම්‍යව පවත්වා ගැනීම වටිනා අතර, මේ කාලය ඔබට වේගවත් අදහස් හා සිත පාලනය කර ගැනීමට නොහැකි නිසා අන් අයගේ චෝදනාවට හා අපහාසයට මෙන්ම උපහාසයට ලක් වේ. නඩු කටයුතුවලට සම්බන්ධ වීමට ඔබට සිදු වෙන අතර ආදායම් තත්වය සතුටු දායක වන අතර ඔබගේ රැකි රක්ෂා කටයුතුද දියුණුවක් පෙන්නුම් කරත් වැය ඉහළ යයි. යුග ජිවිතයේ පවතින ආරවුල්, මත භේද, මත ගැටුම් නිසා මානසික පීඩාකාරී බවක් පෙන්නුම් කරන අතර දරුවන්ගේ උත්සවයකට සහභාගිවීමට සිදුවේ.
ජය අංකය: 4,7,8
ජය වර්ණය: කොළ, නිල්
සුභ දිනය: බදාදා හා සිකුරාදා
රෝග පීඩා: හිසේ කැක්කුම, මුත්‍රා අමාරු, යටි බඩ රෝග, අර්ශෂ් රෝග
කටක ලග්නය
කටක ලග්නය හිමි ඔබට මේ සතියේ රැකි රක්ෂා කටයුතුවල යම් ප්‍රගතියක් පෙන්නුම් කරන අතර, විශේෂයෙන්ම කාන්තා පක්ෂයේ සහයෝගයද ඔබට මේ සතියේදී ලැබේ. මානසික වශයෙන් පැවති පීඩාකාරී බව පහව යන අතර ඔබට සහනයක් සැලසෙන්න හැකියාව ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින දුවා දරුවන්ට මේ කාලය සුබ වන අතර නොකරපු දෙයකට නිටිහිමය කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවන අතර උසාවියෙන් දඩුවමක් ලැබීමට හැකියාව ඇති අතර ඒ පිලිබදව සැලකිලිමත් කටයුතු කිරීම වටියි.ආදායම් තත්වයද සතුටු දායක වන අතර, රජයේ රැකියාවක් නියතු අයට මේ කාලය යහපත් වන අතර මේ කාලය ඔබට මිශ්‍ර පල උදාකරන කාලයකි.
ජය අංකය: 5, 9
ජය වර්ණය: සුදු, රතු
සුභ දිනය: සදුදා හා බ්‍රහස්පතින්දා
රෝග පීඩා: පෙනහළු රෝග, පපුවේ සෙම් රෝග, ඇස් රෝග
සිංහ ලග්නය
සිංහ ලග්නය හිමි ඔබට මේ සතියේ දුර හා ගමන් බිමන් යාමට සිදුවේ. දුරගමන් යාමේදී කල්පනාකාරී වියයුතු ය. විදේශ ගතව සිටින අයට මේ සතියේදී තමන්ගේ මාතෘ භූමියට පැමිණීමට ඉඩකඩද ලැබේ. විදේශ ගතවීමට ඉඩ ලැබෙන කාලයකි. ආදායම් තත්වය සතුටු දායක වන අතර ඉඩකඩම් දේපොළවලින් හා පොළොවෙන් අදායම් ලැබීමක් පෙන්නුම් කෙරේ. ස්ථානීය කරදර අවසන් වේ. නිවාස ඉදිකිරීම් කටයුතු හෝ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථක වේ. ඉගෙනීමේ නියැලී සිටින දරුවන්ට මේ කාලය සුභය. පෙර කරන ලද උදව්වක් නිසා ඔබට ප්‍රශංස ලැබීමට ඉඩ ඇති අතර දරුවන්ගේ දුක් කරදර ඉවරයක් නොමැති අතර ඒවා නිතර අසන්නට දකින්නට ලැබේ.
ජය අංකය: 5, 7, 9
ජය වර්ණය: රතු, කහ
සුභ දිනය: ඉරිදා හා සදුදා
රෝග පීඩා: හදවත් රෝග, පෙනහළු රෝග, කැස්ස, උණ
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නය හිමි ඔබට මේ සතියේ ධනය ලැබේ. ඔබ බලාපොරොත්තුවෙන් සිටි විදෙස් ගමන් යාමට ඔබට හැකියාව ලැබෙන අතර විදේශ ගතව සිටින අයට මේ සතියේදී තමන්ගේ මාතෘ භූමියට පැමිණීමට ඉඩකඩද ලැබේ. රැකියාවේ යම් කැපීපෙනෙන දියුණුවක් පෙන්නුම් කෙරේ. හදිසි ධන ලාබවලටද ඔබට මේ සතියේ හිමිකම් ඇත. ලොතරැයි ජය පෙන්නුම් කෙරේ. හිතේ පවතින මානසික පීඩා ගතිය පවතින අතර. යුග ජීවිතය සාර්ථකව ගෙන යාමට ඔබට හැකියාව ලැබෙන අතර මිශ්‍ර පළ ඇති කාලයකි.
ජය අංකය: 2, 5, 8
ජය වර්ණය: කොළ, නිල්
සුභ දිනය: බදාදා හා සිකුරාදා
රෝග පීඩා: සම හා පපුව වියලීම, ලේ දෝෂ, උගුරේ සුම් අමාරුව, පීනස් රෝග
තුලා ලග්නය
තුලා ලග්නය හිමි ඔබට මේ සතියේ ඔබ බලාපොරොත්තුවෙන් සිටි ඉලක්ක කරා යාමට ඔබට වාසනාව හා ශක්තිය ලැබේ. ඉලක්කගත ව්‍යාපෘතියක් හෝ කර්මාන්තයක් ඔබ බලාපොරොත්තුවෙන් සිටයා නම් ඒ සදහා ඔබට අවස්ථාව ලැබේ. අදායම් තත්වය සෙමින් දියුණුවට පත් වේ. සහෝදරයෙකුට හෝ සහෝදරියෙකුගේ විපත් හෝ දුක් ගැනවිල්ලක් ගැන සොයා බැලීමට සිදුවේ. ගෙදර හා වැඩ කරන ස්ථානවල දෝෂ හා කරදර ඇතිවේ. අනියම් සම්බන්ධවලට පැටලී ඇති අයවලුන්ට ඒවා නිසා නින්දා හා අපහස විදීමට සිදුවේ.
ජය අංකය: 1, 7, 8
ජය වර්ණය: රතු, තැබිලි
සුභ දිනය: බදාදා හා සිකුරාදා
රෝග පීඩා: පීනස් රෝග, සෙම් රෝග, අර්ශස් රෝග, දියවැඩියාව, මුත්‍රා අමාරු
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නය හිමි ඔබට මේ සතියේ ඔබට ඒරාෂ්ටකයක් පවතින අතර ඒ නිසා ඔබට කරදර හා පිද ඇතිවේ. නොකළ වැරදි වලට උසාවියට හෝ පොලිසියට යාමට සිදුවේන බැවින් ඒ පිළිබදව සැලකිලිමත්ව කටයුතු කරන්න. මානසික පීඩා හා ස්ථානීය කරදර නිසා දුක් කරදරවලට මුහුණ දීමට සිදුවේ. ඉඩමේ, නිවසේ පදිංචිව සිටින ඔබ අකමැති පුද්ගලයින් ඉවත් කිරීමට ඔබ වෙහෙස මහන්සි වේ. යුග ජිවිතයට බාදා ඇතිවේ.
ජය අංකය: 2, 7, 9
ජය වර්ණය: රතු, තැබිලි
සුභ දිනය: අගහරුවාදා හා සිකුරාදා
රෝග පීඩා: හිසේ කැක්කුම, උන, වාත් අමාරු, සෙම් රෝග, අර්ශස්
ධනු ලග්නය
ධනු ලග්නය හිමි ඔබට මේ සතියේ සුභ දායී සතියක් නොවේ. ලග්නගත සෙනසුරු හා කේතු නිසා ඔබට මානසික පීඩා ඇතිවේ. ඔබගේ දක්ෂතාවයන් නිසා ඔබට සහනයක් හා ආදායම් මාර්ගවල දියුණුවක් ඇතිවේ. සතුටු දායකව ඔබට මේ සතියේ ජීවත්වීමට හැකියාව ලැබුනත් සිතට සතුටක් නොලැබෙන සතියකි. යුග ජිවිතෙය්දී ප්‍රශ්න ඇතිවන බැවින් බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා ඒවා මග හරවා ගත හැකිය. අධ්‍යාපනයේ නියැලෙන දුවා දරුවන්ට මේ සතිය සුභ සතියකි.ආදායම් මාර්ගය සතුටු දායක වුවත් වය පස ඉඅහල යන අතරට මේ සතිය ඔබට මිශ්‍ර පල උදාකර දෙන සතියකි.
ජය අංකය: 6, 7, 9
ජය වර්ණය: කහ , තැබිලි
සුභ දිනය: බ්‍රහස්පතින්දා හා ඉරිදා
රෝග පීඩා: හිසේ කැක්කුම, මානසික පීඩා ගතිය, ඇස් රෝග, මුත්‍රා රෝග, අර්ශස් රෝග
මකර ලග්නය
මකර ලග්නය හිමි ඔබට මේ සතියේ ඉතාමත් යහපත් කාලයකි. නීතිමය ගැටළු ඇතිවිය හැකිය. ආදායම් තත්වය ඉහල යන අතර වැය තත්වයද ඉහල යයි. අධ්‍යාපනය ලබා දුවා දරුවන්ට හා විභාග ආදීයට පෙනී සිටින දරුවන්ට මේ කාලය සුභය. රැකියාවේ නියතු අයට සුභ සතියකි. වෙළදාමේ හා කර්මාන්ත ආදියේ යෙදී සිටින අයට ඉතාමත් සුබ කාලයකි. මානසික පීඩාකාරී බව පහව යන අතර සතුරු උවදුරු මර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන සතියකි.
ජය අංකය: 4, 8, 9
සුභ දිනය:සෙනසුරාදා හා බදාදා
ජය වර්ණය: කොළ හා නිල්
රෝග පීඩා: පෙනහළුවල සෙම් රෝග, කැස්ස, ඇස් රෝග
කුම්භ ලග්නය
කුම්භ ලග්නය හිමි ඔබට මේ සතියේ සැලසුම් කරගෙන තිබෙන දුරගමන් කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙන කාලයකි. රැකියාවේ යම් ප්‍රගතියක් පෙන්නුම කරන අතර ආදායම් තත්වයද සෙමින් දියුණුවට පත්වේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට සුභ කාලයකි.වේග කාරී අදහස් නිසා අන් අයගේ සිත් රිදවිමකට ලක්වේ. දරුවන්ගේ ප්‍රශ්න දුර දිග යන අතර ඔවුන්ට අවවාද හා අනුශාෂනා ලබා දීමට සිදුවේ. ඔබගේ අදහස්වලට ගරු නොකරන පිරිසක් නිසා ඔබට මානසික පීඩා කාරී බවක් ඇතිවේ.
ජය අංකය: 3, 5, 8
ජය වර්ණය: කොළ, නිල්
සුභ දිනය: බදාදා හා සෙනසුරාදා
රෝග පීඩා: අත් හා පාද රෝග, හදවත් රෝග, පෙනහළුවල රෝග, ලේවල දෝෂ, ලේවල තෙල් ගතිය වැඩිවේ.
මීන ලග්නය
මීන ලග්නය හිමි ඔබට මේ සතියේ ඔබට ධනය ලැබීමක් පෙන්නුම් කරන අතර එය ණය මුදලක් හෝ අත්පිට මුදලක් ලැබිමක්ද විය හැකිය. වෛරය හා ක්‍රෝධය සිතේ හට ගනී. අසුභ සුතුවිලිවලින් සිත පිරෙන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔබට ලොකු අමාරුවකට වැටීමට සිදුවේ. ඉවසීමෙන් හා සංසුන්ව කටයුතු කිරීමෙන් දියුණුව ලබා ගත හැකි කාලයකි. හදිසි අනතුර, හදිසි විපත්, රෝහල් ගතවීම් හා රෝහල්වලට යාමට සිදුවේ. වචන භාවිතයේදී පරිස්සම් විය යුතු අතර ඔබට මේ සතිය මිශ්‍ර පල උදාකරන සතියකි.
ජය අංකය: 2, 3, 4
ජය වර්ණය: රතු, තැබිලි
සුභ දිනය: බ්‍රහස්පතින්දා හා ඉරිදා
රෝග පීඩා: උගුරේ අමාරුව, පපුවේ දැවිල්ල, අර්ශස් රෝග, බඩේ අජීරණ රෝග
සතියේ ලග්න පලාපල ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හේවාපතිරණ මහතා විසින්. සියළුම ජෝතිෂ්‍ය කටයුතු සදහා විමසන්න (+94) 071 8 6181 92 සහ (+94) 038 2 290 347.