තම මෑණියන්ගේ අත්ගුණය උකහා ගැනීමට අසමත්ව, අඩුම තරමින් පොල් සම්බෝලයක් හෝ කිරි හොද්දක්වත් උයා පිහා ගැනීමට නොහැකිවුණු, අපේ රටේ තරුණ මව්වරුන්ට මෙන්ම තරුණ කාන්තාවන්ගේ එම හිඩැස පුරවමින්්, දේශීය සූපශාස්ත‍්‍ර භූමිකාව අතික‍්‍රමණය කරමින්, දෙස් විදෙස්වල කෑම වර්ග පවා අතැඹුලක් වනසේ ඔවුනගේ අත හුරුකරවමින්, සෑබෑ ජාතික මෙහෙවරක් ඉටුකළ මහා සූපවේදිනිය ලෙස දෙස් විදෙස්වල පවා සම්මානයට පාත‍්‍රවුණු ශාන්තා මායාදුන්නේගේ අවසන් ගමන හා සම්බන්ධ මෙම ලිපිය ඔබේ ඇස ගැටෙන විට, ඇයගේ හුස්ම පමණක් නොව, සිරුරෙන් ඉකුත්වුණු කළු දුමාරය පවා වාතලයට මුසු වී හමාරය.
කතෝලික පල්ලි කිහිපයක් මෙන්ම, කොළඹ මහා හෝටල කිහිපයක් කේන්ද්‍ර කරගෙන අන්තවාදී මුස්ලිමුන් සිදුකළ ම්ලේච්ඡ මහා විනාශයේ ගොදුරු බවට පත් තුන්සිය දෙනකු ඉක්මවන අහිංසකයන්ගේ අතරට, ශානිකා සමඟ ඇයගේ බාලදියණී, නිසංගා ජයසේකර ද එක්ව හමාරය.
”අද ඊස්ට සන්ඬේ. අපි යමු අම්මේ Visit එකටත් එක්ක, කොළඹ තියෙන හොඳම හෝටලයකට, උදේ කෑමට.” ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන බෑණා සහ දියණිය තරංගා එක්ව මෑණියන්ට කළ ඇරැයුමයි ඒ. ”මම උයා පිහාදෙන කෑම කාලාකාලම උඹලාට රහ නැතිව ඇති නේ, හොඳයි, හොඳයි, උඹලාගේ කැමැත්තක්. එහෙනම් අපි යමු.”
කොට්ටාවේ පිහිටි තම නිවසේ සිට උදේන්ම පිටත්වුණු පිරිසට අම්මා සමඟ තාත්තා කුමාර මායාදුන්නේ, නිසංගා සහ තරංගා යන දියණියන් දෙදෙනා, ශාන් ජයසේකර බෑනණුවන් සහ තවත් දෙදෙනෙක් එක්වූහ. ඔවුන් ගොඩවුණේ, කොළඹ අගනුවර පිහිටි ෂැංගි‍්‍රලා තරුපහේ හෝටලයට ය. වෙනදා මෙන් මෙදිනද, හෝටලයේ ආරක්‍ෂාවට යොදවා තිබුණේ, හොටෙල් ආරක්‍ෂක කාර්ය මණ්ඩලයේ සේවකයන්ය.
ලාභලබන හොටෙල් ව්‍යාපාරවල ආරක්‍ෂාව සඳහා, ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්ගේ නියෝගයෙන් යුද හමුදා භටයන් යොදවා නොතිබූ බව නොදත් හෙයින්, එදින රටේ ආරක්‍ෂාව පිළිබඳව සැකපහළ කිරීම් හෝ විමසීම් කිරීමේ අවශ්‍යතාවක් මායාදුන්නේ කණ්ඩායමට නොතිබිණ. එසේ හමුදා භටයින් සේවයේ යොදවා තිබුණේ නම්, එක්වරක් නොව දෙවරක්ම, තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින්ම සලසා ගැනීමේ දුරදක්නා නුවණින් ඒ ගැන සිතන්නට අවශ්‍ය බුද්ධිය, මෙම කණ්ඩායමට තිබුණි. එවැනි සේයාවක් දක්නට නොතිබුණු බැවින්, හෝටලය තමන්ට ඉතාමත් ආරක්‍ෂා සහිත ස්ථානයකැයි සිතූ ඔවුහු, සිත්සේ එම හෝටලය තම ක්‍ෂේමභූමිය සේ් සලකාගෙන රිසි රිසි තැන්වල, පාද ස්පර්ශයෙන් හැසිරුණාහ.
ශාන්තා මායාදුන්නේ ෂැංගි‍්‍රලා තරුපහේ හෝටලයට ගොඩවුණේ, තම දෑතින් පිසූ පාතරාසය තමන් සමඟ ගිය පිරිස සමඟ බුදින්නට නොව, එම හෝටලයේ සූපවේදීන්ගේ දෑතින් පිළියෙල කෙරුණුු, රස මසවුලූවල රහ භුක්ති විඳ ගැනීමටය. කොටින්ම වෙනදා මෙන් තම දෑතින් පිළියෙල කෙරුණුු ආහාර බුදිනු වෙනුවට, චේන්ජ් එහෙකටත් එක්ක වෙනත් අයෙකු පිසූ ආහාර බුදින්ටය. තම උදෑසන පාතරාසය පිළියෙල කරන සූපවේදියා, ශාන්තාගෙන් සූපවේදය පිළිබඳ ගුරුහරුකම් ලැබූ ගෝලයෙකු වූවා විය හැකිය. මන්ද, සූපවේදී ඥානය ශාන්තාගෙන් ලබාගත්, අති බහුතර සංඛ්‍යාවක්, අදවන විට අපේ රටේ ගෘහනියන් මෙන් හෝ සූපවේදී කාර්යයේ වෘත්තිකයන් වශයෙන් සේවයේ නිරතව සිටින බැවිනි.
සියලූම දෙනා හෝටලයේ පාතරාසය ගැනීමට කෑම මේසය අසල හිඳගෙන සිටින විට, ශාන්තා මායාදුන්නේගේ සිතට නැගුනේ මොනවාද යන්න දන්නේ, උඩ සිටින දෙවි දේවතාවුන් පමණි. මන්ද, ඇගේ සිත ඇයටත් නොදැනීම, මේ වනවිට ඉකුත්ව ගොස් තිබෙන බැවිනි. හැබැයි ඇගේ සිතට එක් සිතුවිල්ලක්, ඇයටත් හොරා මතුවෙන්න ඇතැයි, අනුමාන කළ හැකිය. එනම්, තම ගුරුහරුකම් මත හෝ තමන්ගේ අතින් පිසූ බොජුන්, මේ රටේ අය පමණක් නොව, විදේශිකයන් කී දෙනකු තලූමරමරා ඒවායේ රස, ඔවුන්ගේ සිරුරුවලට අවශෝෂණය කරගන්නට ඇද්ද යන්නය.?
එහෙත් ශාන්තාට එම මොහොතේ නොසිතුනු එක් සිතිවිල්ලක් තිබිණ. එනම්, පවුලේ උදවිය සමඟ තමන් ගන්නා අවසන් ආහාර වේල සැකසෙන්නේ, අන්‍යයෙකුගේ අතින් බවය.
මායාදුන්නේ පවුලේ උදවියට, එදා සුන්දර උදෑසනකි. ෂැංගි‍්‍රලා හෝටලයේ ආහාර ගන්නා මේසය අසලට වී පවුලේ කවුරු කවුරුත් ප‍්‍රීතියෙන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වූහ. එයින් ඔවුන් ආනන්දයට පත්වූයේ, පවුලේ සැම එකට එක්ව එක මේසයක හිඳ සතුටු සාමීචියේ නිරතවන බව සිහිවීමෙනි. එමෙන්ම, මෙවැනි සුන්දර තැනක පවුලේ සැම හා එක්ව ආහාර ගැනීමට තරම් ඉස්පාසුවක්, මායාදුන්නේ පවුලේ උදවියට, කලාතුරකින් උදාවූ දවස, එදින බැවිනි. මායාදුන්නේ යුවළගේ බාල දියණි නිසංගා, දිවයිනේ බැංකුවක ඉහළ මට්ටමේ නිලධාරිනියකි. ඇය, එක්සත් රාජධානියේ උපාධි පාඨමාලාවක් පවා හැදෑරූ තැනැත්තියකි. පවුලේ සතුටු සාමීචිය තවත් ඔප්නැංවීමට සිතා ඹ්තොමෝ, තම අත තිබුණු සෙලියුලර් ෆෝනයේ කැමරා කාචය පවුලේ උදවිය දෙසට යොමු කළේ, සෙල්ෆියක් ගැනීමටය. එවෙලේම ඇය, එම ඡායාරූපය අන්තර් ජාලයට මුදා හැරියාය. මොහොතකටවත් ඇය නොසිතන්න ඇති, තමන් මේ ගන්නේ, අවසන් සෙල්ෆිය බව. ඒ වගේම ඇය නොසිතන්න ඇති, මාස හයක් වයසැති සිඟිති දියණිය හැර දමා මෙලොවින් චුතවීමේ ආසන්න මොහොතට, තමන් එළඹ සිටින බව.
මෙතෙක් කෑම මේසයේ පැවැති අල්ලාප සල්ලාපවලට මඳ විරාමයක් ලැබිණ. ඒ පාතරාසය ලබාගැනීම සඳහා, පළමුව මව සමඟ සෙල්ෆි දියණී නිසංගා, රසමසවුලූ පිඟන්වලට බෙදා ගැනීම සඳහා සූදානම් කර තිබෙන ස්ථානය වෙත ගමන් ගැනීම නිසාය. අන් අයට වඩා මොවුන්ගේ කුසගින්න අධික වුවද, නොඑසේ නම්, අවසන් ගමන යෑමට කිසියම් සංඥාවක් ලැබී එතැනින් ඉවත්ව යෑමට සිදුවූ ගමනක් ද? කෑම මේසයේ රැඳුණු අයට, අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට තවත් එමට කරුණු කාරණා තිබිණ. එහෙයින් ඔවුහු කෑම ගන්නා මේසයේ රැඳී සිටියේ, මාරයාගේ අණ ඔවුන්ට නොලැබී, ශාන්තාට සහ නිසංගාට පමණක් එම අණ ලැබුණු නිසාද?
පාතරාසය ලබාගැනීම සඳහා ඒවා සකසා තිබුණු තැන, කෑම පිඟන් අත්වල තබාගෙන සිටින විදේශිකයන් කිහිපදෙනා අතරට, මොවුන් දෙදෙනා ද එක් වූහ. ගතවූ නිමේෂයේ පිළියෙල කර තිබෙන පාතරාසය, තමන්ගේ පිඟන්වලට බෙදා ගැනීමට අවස්ථාව ඔවුන්ට නොලැබිණ. එතැන සැඟව සිටි මාරයා ඉක්මන් විය. එකෙනෙහිම මහා පිපුරුම් හඬක් නිකුත් විය. එම පිපිරුමට ලේ පෙරාගෙන ඇද වැටුණු විදේශිකයන්ගේ සිරුරු අතරට, ශාන්තා සහ නිසංගාගේ සිරුරුද එක්විය. ශාන්තාගේ අතක් සිරුරෙන් ඉවත් විය. නිසංගාගේ පහත කොටස සිරුරෙන් වෙන් විය. එතැන තිබුණු පාතරාසයට එම අවස්ථාවේ සිටි අයගේ ලේ ධාතුවද මුසුවිය.
බෝම්බ හඬ සමඟම, කෑම මේසයේ පැවැති අල්ලාප සල්ලාප නතරවිය. වහවහා ඔවුහු එතැනට දුව ආහ. එතැන ලේ විලකි. තම මෑණියන් සහ නැගණිය බෝම්බ ප‍්‍රහාරයෙන් කැඩුණු බිඳුණු සිරුරු මත දඟලන අයුරු බලා සිටියේ වේදනාවෙනි. ඒ ඇසිල්ලේ ශාන් ජයසේකර බෑණාගේ පාදයද තුවාල විය. රටක් වටින සූපවේදිනිය, කුරිරු බෝම්බයට බිලිවිය. හෙට දිනයේ දියණියන්ට මෙන්ම තරුණ මව්වරුන්ට සූපශාස්ත‍්‍රය කියා දෙන, සූපවේදිනියගේ සේවය රටට අහිමි විය. එම මිත්තනියගේ කිරිකැටි සිඟිති හෙෂායා මිනිබිරියගේ, මව ඇයට අහිමි විය.
මෙම සටහන ලියා තැබීම මාධ්‍යවේදියෙකු සතු වගකීම යැයි සිතා මෙසේ ලියමි. මියගිය මෙම සූපවේදිනිය සහ ඇගේ දියණියගේ මෘතදේහ, මහජන ප‍්‍රදර්ශනය සඳහා තබා තිබුණු පන්නිපිටිය කොට්ටාව මාර්ගයේ අංක 521 දරණ නිවසට ගොඩ වූ අවස්ථාවේ, එහි බිත්තියේ කැමරා කාච ක‍්‍රියා විරහිත කර තිබෙන බව සඳහන් දැන්වීමක් අලවා තිබිණ. තමන් පැමිණියේ ඉරිදා දිවයින පුවත් පතින් බව දැන්වුවද, මෘතදේහවල ඡායාරූප ගැනීම සඳහා අවසරය, ලබා නොදීමට එහි සිටි බෑණා සහ ජීවත්වන දියණිය දැඩිසේ විරුද්ධ වූහ. ඔවුන් තම නිදහසට හේතු ලෙස දක්වා සිටියේ, එම තීරණයට පවුලේ ඥාතීන් එළඹි තිබෙන බවය. තවද ඔවුන් කියා සිටියේ, අවට තිබෙන ඡායාරූප ගත්තාට වරදක් නොවන බවය. එහෙයින් අවට තිබෙන ඡායාරූප මගින් සෑහීමට පත්වන්නට අපට සිදුවිය.
යම් හෙයකින්, මියගිය ශාන්තා මායාදුන්නේට, නොමැරී ජීවත්ව සිටීමට වාසනාව ලැබුනේ නම්, පවුලේ අය විසින් ගත් මෙම තීරණයට ඇය එරෙහිවනු නියතය. මන්ද, ශ‍්‍රී ලංකික ගෘහනියන්ට අරපිරිමැස්මෙන් බල ශක්තිය උපයෝගී කරගැනීම මෙන්ම, මුළුතැන් ගෙයට මගහසර කියාදුන් ඇයට, එම මග හෙළිකිරිමට මග පාදා දුන්නේ, අපේ රටේ මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යකරුවන් වන නිසාය. එපමණක් නොව එම අවසරයෙන්, ඇය කුකරි ක්ලාස් අරඹා ස්වකීය ඥාන මහිමය මේ රටේ කාන්තාවන්ට මිලකට ලබාදීමට ඇයට ශක්තිය ලැබුණේ, මාධ්‍ය ප‍්‍රචාරය හේතුවෙනි. එනිසා මාධ්‍යයේ ගරුත්වය ඇය විසින් මහමෙරක් සේ සලකනු නියතය.