Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

හිරු උදාව පෙරවරු හයටත් හිරු බැසීම පස්වරු හයටත් සිදුවෙතැයි යන උපකල්පය මත සතියේ දින හතට රාහු කාලය උදාවන වේලාවන් ජ්‍යොතිෂ ග‍්‍රන්ථවල දක්වා ඇත. ඒවා පහත දැක්වෙයි. මෙම වේලාවන් දිවා රාත‍්‍රි දෙකටම පොදු බව දක්වා ඇත.

රිවි දින පස්වරු 04.30 සිට පස්වරු 06. දක්වා

සඳු දින පෙරවරු 07.30 සිට පෙරවරු 9.00 දක්වා

කුජ දින පස්වරු 03.00 සිට පස්වරු 04.30 දක්වා

බුධ දින දහවල් 12.00 සිට පෙරවරු පස්වරු 01.30 දක්වා

ගුරු දින පස්වරු 01.30 සිට පස්වරු 03.00 දක්වා

කිවි දින පෙරවරු 10.30 සිට දහවල් 12.00 දක්වා

ශනි දින පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා

එසේ වුවත් සෑම දිනකම පෙරවරු හයට හිරු උදා වී පස්වරු හයට හිරු බැස යන්නේ නැත. එම වේලාවන් වෙනස් වෙයි. ඒ අනුව රාහු කාලය උදාවන වේලාවන් ද වෙනස් වෙයි.

නිදසුනක් ලෙස 2019 ජනවාරි මස පළමුවන දින කුජ දිනයකි. එදින හිරු උදාව පෙරවරු 06.22 ට සහ හිරු බැසීම පස්වරු 06.06 ට සිදුවන බව ලංකා පක්‍ද්චාංග ග‍්‍රහස්ඵුට ලිතේ දක්වා ඇත. (2019 ලංකා පක්‍ද්චාංග ග‍්‍රහස්ඵුට ලිත 53 න පිටුව, එසේම එහි 48 වන පිටුවේ 2019 ජනවාරි මාසයේ රාහු කාලය දක්වන වගුවේ පළමුවන දිනය වූ කුජ දිනයේ පස්වරු 03.10 එනම් 15.10 සිට 16.38 එනම් පස්වරු 04.38 දක්වා රාත‍්‍රි කාලයේ නම් අලූයම 03.18 සිට අලූයම 04.50 දක්වා රාහු කාලය පවතින බව සඳහන් කර ඇත.

මෙම අගයන් ගණනය කළේ කෙසේද?

එදින හිරු උදාව පෙරවරු 06.22

සම්මතය ලෙස හිරු උදාව පෙරවරු 06.00 –

වෙනස විනාඩි 22

සම්මත හිරු උදාව වූ පෙරවරු 06.00 ට පසුව හිරු උදාව සිදු වී ඇති නිසා වැඩි කාල ප‍්‍රමාණය එදින රාහු කාලය උදාවිය යුතු

පස්වරු 03.00 ට එකතු කරන්න. 03.00 + 00.22 = 03.22 = 15.22 (නාවුක පැයට

රාහු කාලය උදා විය යුතු යැයි සැලකෙන වේලාව = 03.22 = 15.22 (නාවුක පැයට

එදින හිරු උදාව පෙරවරු 06.22

හිරු බැසීම පස්වරු 06.06 හිරු උදාවට සහ හිරු බැසීමට අයත් වේලාවන් දෙක දශම ස්ථාන සහිත සංඛ්‍යා දෙකක් ලෙස සලකන්න. මෙම සංඛ්‍යා දෙක අතර වෙනස විනාඩි 16 (මෙහිදී මෙම වේලාවන් දෙක සංඛ්‍යා දෙකක් ලෙස පමණක් සලකනු ලබයි. 06.22 – 06.06 = 00.16 නමුත් මෙම උත්තරය විනාඩි ගණනක් ලෙස සලකනු ලබයි.

රාහු කාලය උදා විය යුතු යැයි සම්මත වේලාව පස්වරු 03.00 නාවුක පැයට 15.00

හිරු උදාවන්නේ යැයි සලකන සම්මත වේලාව පෙරවරු 06.00

ගත කාලය පැය 09.00

මෙම ගත කාලය සහ සංඛ්‍යා දෙක අතර වෙනසවූ විනාඩි 16 ගුණ කරන්න. ලැබෙන උත්තරය 12 න් බෙදන්න.

09.00 ං 16 ÷ 12 = විනාඩි 12 (ගුණිතය 12 න් බෙදීමෙන් ලැබෙන අගය

රාහු කාලය උදා විය යුතුයැයි සැලකෙන වේලාව = 03.22 = 15.22 (නාවුක පැයට මෙම අගයෙන් ගුණිතය 12 න් බෙදීමෙන් ලැබෙන අගය වූ විනාඩි 12 අඩු කරන්න.

=03.22 – 00.12 = 15.22 – 00.12 = 03.10 = 15.10

දැන් අපි රාහු කාලය අවසන් වන වෙලාව සොයමු.

සම්මත ක‍්‍රමයට එය අවසන් විය යුතු වේලාව පස්වරු 04.30 නාවුක පැයට 16.30

එදින හිරු උදාව පෙරවරු 06.22 වූ නිසා වැඩි විනාඩි 22 එකතු කළා

04.30 + 00 . 22 = 16.30 + 00.22 = 04.52 = 16.52

ඒ අනුව රාහු කාලය අවසන් විය යුතු යැයි සැලකෙන වේලාව = 04.52 = 16.52

16.30 දක්වා ගත කාලය = 16.30 – 06.00 = 10.30

මෙම ගත කාලය සහ සංඛ්‍යා දෙක අතර වෙනස වූ විනාඩි 16 ගුණ කරන්න. ලැබෙන උත්තරය 12 න් බෙදන්න.

10.30 ං 16 ÷ 12 = 14 මෙම අගය ඒ අනුව රාහු කාලය අවසන් විය යුතු යැයි සැලකෙන වේලාව වූ = 04.52 = 16.52 න් අඩු කරන්න. ඒ අනුව = 04.52 – 00.14 = 04.38 = 16.52 – 00.14 = 16.38

රාත‍්‍රි කාලයට රාහු කාලය ගණනය කිරීම

එදින රාත‍්‍රි 3.00 සිට රාත‍්‍රි 4.30 දක්වා රාහු කාලය තිබේය යන්න සාමාන්‍ය පිළිගැනීමය. මෙහි රාත‍්‍රි යනු අලූයම කාලයයි. එදින හිරු උදාව පෙරවරු 06.22 නිසා රාත‍්‍රි රාහු කාලය ආරම්භ විය යුතු යැයි සැලකෙන වේලාව අලූයම 3.00 + 00.22 = අලූයම 3.22

අලූයම් කාලයට රාහු කාලය සෙවීමේදී විශේෂයක් ඇත. එනම් රාහු කාලය ආරම්භ වේ යැයි යන්න සාමාන්‍ය පිළිගැනීමට අයත් වේලාවේ සිට පසු දින පෙරවරු 6.00 දක්වා ඇති කාල ප‍්‍රමාණය ගත කාලය ලෙස ගැනීමයි. ඒ අනුව එදින රාත‍්‍රියට රාහු කාලය ආරම්භ වේ යැයි අපේක්‍ෂිත වේලාව අලූයම 3.00 එතැන් සිට අලූයම 6.00 දක්වා ඇති කාල ප‍්‍රමාණය හෙවත් ගත කාලය = 6.00 – 3.00 = 3.00

එදින හිරු උදාව සහ බැසීම අතර කාල වෙනස ලෙස ලද අගය විනාඩි 16 කි. එය ගත කාලය ලෙස ලද අගයෙන් ගුණ කර උත්තරය 12 න් බෙදන්න.

16, 3.00 ÷ 12 = 4 මෙය විනාඩි 4 කි. එදින හිරු උදාව අනුව රාහු කාලය උදාවිය යුතු යැයි සැලකෙන වේලාව අලූයම 03.22

එම වේලාවෙන් ගණනයෙන් ලද විනාඩි 4 අඩු කරන්න. එවිට 3.22 – 00.04 = 3.18

ඒ අනුව එදින අලූයම 3.18 ට රාහු කාලය ආරම්භ විය යුතුය.

රහු කාලය අවසන් වන වේලාව සෙවීම

එදින සාමාන්‍ය ක‍්‍රමයට අනුව රාහු කාලය අවසන් විය යුත්තේ අලූයම 4.30 ට ය. අලූයම 4.30 සිට පසු දින පෙරවරු 6.00 දක්වා කාල ප‍්‍රමාණය හෙවත් ගත කාලය = 6.00 – 4.30 = 1.30

එදින හිරු උදාව සහ බැසීම අතර කාල වෙනස ලෙස ලද අගය විනාඩි 16 කි. එය ගත කාලය ලෙස ලද අගයෙන් ගුණ කර උත්තරය 12 න් බෙදන්න.

1.30 ං 16.00 ÷ 12 = 2 මෙය විනාඩි 2 කි.

එදින හිරු උදාව අනුව රාහු කාලය අවසන් විය යුතු යැයි සැලකෙන වේලාව අලූයම 4.52 (4.30 + 00.22 = 4.52*

එම වේලාවෙන් ගණනයෙන් ලද විනාඩි 2 අඩු කරන්න. එවිට 4.52 – 00.02 = 4.50

ඒ අනුව එදින අලූයම 4.50 ට රාහු කාලය අවසන් විය යුතුය.

පෙරවරු 6.00 ට පෙර හිරු උදාව සිදුවන දිනවල රාහු කාලය සෙවීම

2019 මැයි මස 16 වන ගුරු දින පෙරවරු 5.54 ට හිරු උදාවන අතර හිරු පස්වරු 6.20 ට බැස යන බව 2019 ලංකා පඤ්චාංග ග‍්‍රහස්ඵුට ලිතේ 63 වැනි පිටුවේ දක්වා ඇත.

ගුරු දිනවල පස්වරු 1.30 සිට පස්වරු 3.00 දක්වා සාමාන්‍යයෙන් රාහු කාලය පවතින වේලාව ලෙස දක්වා ඇත. ඒ හිරු පෙරවරු 6.00 ට උදාවේ යැයි උපකල්පනය කිරීමෙනි. මෙදින හිරු උදාව සිදුව ඇත්තේ පෙරවරු 5.54 ට ය. ඒ අනුව පෙරවරු 6.00 ට විනාඩි 6 ක් කලිනි. එම තත්ත්වය අනුව රාහු කාලයත් (එම වේලාවන් දෙකෙන්ම විනාඩි 6 බැගින් අඩු කර පස්වරු 1.24 සිට පස්වරු 2.54 දක්වා පවතී යැයි උපකල්පනය කරමු.

හිරු උදාව පෙරවරු 5.54 සහ හිරු බැසයන පස්වරු 6.20 අතර සංඛ්‍යා වෙනස විනාඩි 26 කි.

සාමාන්‍යයෙන් රාහු කාලය උදාවෙතැයි අපේක්‍ෂිත වේලාව වූ පස්වරු 1.30 (නාවුක පැය 13.30* සහ 6.00 අතර වෙනස හෙවත් ගත කාලය පැය 7.30 කි.

හිරු උදාව පෙරවරු 5.54 සහ හිරු බැසයන පස්වරු 6.20 අතර සංඛ්‍යා වෙනස විනාඩි 26 සහ ගත කාලය වූ පැය 7.30 ගුණ කර 12 න් බෙදීමෙන්.

7.30 ං 26 ÷ 12 = 16.25 (මෙය විනාඩි ගණනකි.*

පෙරවරු 6.00 ට පෙර හිරු උදාව සිදුවන දිනවල රාහු කාලය සෙවීමේදී ඉහත ලද ගුණිතය හිරු උදාව අනුව රාහු කාලය උදාවෙතැයි අපේක්‍ෂිත වේලාවට එකතු කරන්න. ඒ අනුව විනාඩි 16.25 + 1.24 = 1.40.25 (.25 යනු තත්පර 25 ං 60 = 15 කි. ඒ අනුව එදින පස්වරු 1.40.15 ට රාහු කාලය උදාවෙයි. (මෙහි 1.24 යනු ගුරු දිනයේ රාහු කාලය උදා වෙතැයි අපේක්‍ෂිත පස්වරු 1.30 න් පෙරවරු 6.00 සිට හිරු උදා වූ පෙරවරු 5.54 අතර වෙනස වූ විනාඩි හය (06 අඩු කළ පසු ලැබෙන කාලයයි. මෙය පැය විනාඩි ගණනකි.

දැන් අපි රාහු කාලය අවසන් වන වේලාව සොයමු.

එදින සාමාන්‍යයෙන් රාහු කාලය අවසන් වෙතැයි අපේක්‍ෂිත වේලාව වූ පස්වරු 3.00 සහ 6.00 අතර වෙනස හෙවත් ගත කාලය පැය 9.00 කි.

හිරු උදාව පෙරවරු 5.54 සහ හිරු බැසයන පස්වරු 6.20 අතර සංඛ්‍යා වෙනස විනාඩි 26 සහ ගත කාලය වූ පැය 9.00 ගුණ කර 12 න් බෙදීමෙන්.

26 ං 9.00 ÷ 12 = 19.5 (මෙය විනාඩි ගණනකි. 5 ං 60 = 30 තත්ත්පර විනාඩි 19 තත්ත්පර 30

හිරු උදාවට අනුව රාහු කාලය අවසන් වෙතැයි අපේක්‍ෂිත වේලාව පස්වරු 2.54

එම වේලාවට විනාඩි 19 තත්ත්පර 30 එකතු කරන්න. ඒ අනුව පස්වරු 2.54 + 0.19.30 = 3.13.30

ඒ අනුව එදින පස්වරු 3.13.30 ට රාහු කාලය අවසන් වෙයි.

දැන් රාත‍්‍රි කාලයට රාහු කාලය ආරම්භ වන වේලාව සොයමු.

සාමාන්‍ය ක‍්‍රමයට රාත‍්‍රි හෙවත් අලූයම 1.30 සිට අලූයම 3.00 දක්වා රාහු කාලය පැවැත්වෙයි. අලූයම 1.30 සිට පසු දින පෙරවරු 6.00 දක්වා ගත කාලය පැය 4.30 කි. එදින හිරු උදාව සහ බැසීමට අදාළ සංඛ්‍යා වෙනස විනාඩි 26 කි.

ගත කාලය සහ එදින හිරු උදාව සහ බැසීමට අදාළ සංඛ්‍යා වෙනස ගුණ කර 12 න් බෙදීමෙන්

26 ං 4.30 ÷ 12 = 9.75 (මෙය විනාඩි ගණනකි. .75 ං 60 = 45 තත්ත්පර විනාඩි 9 තත්ත්පර 45

හිරු උදාව අනුව අලූයම 1.24 සිට අලූයම 2.54 දක්වා රාහු කාලය පැවැත්විය යුතුය. ඉහතින් අප ලද විනාඩි 9 තත්ත්පර 45 හිරු උදාව අනුව රාහු කාලය ආරම්භ විය යුතු යැයි අපේක්‍ෂිත වෙලාවට එකතු කරන්න. ඒ අනුව

අලූයම 1.24 + 0.09.45 = 1.33.45

ඒ අනුව එදින අලූයම 1.33.45 ට රාහු කාලය අරම්භ වෙයි.

දැන් එම රාහු කාලය අවසන් වන වේලාව සොයමු. එදින සාමාන්‍ය ක‍්‍රමයට රාත‍්‍රි හෙවත් අලූයම 3.00 ට රාහු කාලය අවසන් විය යුතුය. එතැන් සිට පසු දින පෙරවරු 6.00 දක්වා කාල ප‍්‍රමාණය හෙවත් ගත කාලය = 6.00 – 3.00 = 3.00

එදින හිරු උදාව සහ බැසීමට අදාළ සංඛ්‍යා වෙනස විනාඩි 26 කි.

මෙම අගය සහ ගත කාලය ගුණ කර 12 න් බෙදීමෙන්

26, 3 ÷ 12 = 6.5 (මෙය විනාඩි ගණනකි. 5 ං 60 = 30 තත්පර* විනාඩි 6 තත්පර 30

හිරු උදාව අනුව රාහු කාලය අවසන් විය යුතු වේලාව අලූයම 2.54 මෙම වේලාවට එකතු විනාඩි 6 තත්ත්පර 30 කරන්න. ඒ අනුව 2.54 + 0.06.30 = අලූයම 3.00.30 ට රාහු කාලය අවසන් වෙයි.

හිරු උදාව පෙරවරු 6.00 හෝ ඊට පෙර

අගයක් වූ විට ගත කාලය සහ හිරු උදාවේ සහ හිරු බැස යන වේලාවේ සංඛ්‍යා අතර වෙනසේ ගුණිතය 12 න් බෙදීමෙන් ලැබෙන අගය හිරු උදාවට අනුව රාහු කාලය උදාවෙතැයි හෝ අවසන් වෙතැයි සැලකෙන වේලාවට එකතු කරන්න.

හිරු උදාව පෙරවරු 6.00 ට වැඩි අගයක් වූ විට ගත කාලය සහ හිරු උදාවේ සහ හිරු බැස යන වේලාවේ සංඛ්‍යා අතර වෙනසේ ගුණිතය 12 න් බෙදීමෙන් ලැබෙන අගය හිරු උදාවට අනුව රාහු කාලය උදාවෙතැයි හෝ අවසන් වෙතැයි සැලකෙන වේලාවෙන් අඩු කරන්න. ඒ අනුව එම දිනයේ රාහු කාලය ආරම්භ වන අවසන් වන වේලාවන් ගණනය කරන්න.

ඔබ දැනගත යුතු තවත් කරුණක් : කිසියම් වර්ෂයක මාසයක කිසියම් දිනයක හිරු උදාව සහ බැසීම අනෙක් ඕනෑම වර්ෂයක එම දිනයේ හිරු උදාවට බැසීමට සමාන වෙයි. උදාහරණ 2018 ජනවාරි 13 දින හිරු උදාව සහ බැසීමට අදාළ වේලාවන් වෙනත් ඕනෑම වර්ෂයක ජනවාරි 13 දින හිරු උදාව සහ බැසීමට අදාළ වේලාවන්ම වෙයි.

ජ්‍යොතිෂවේදී – සරත් මහීපාල

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook