Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන තුනකට සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කොට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහ මහමොළකරැ වශයෙන් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාන් හෙවත් සහ්රාන් කාසිම් නැමැත්තා හඳුනාගෙන තිබේ. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ (NTJ) නායකයා බවට සැලකෙනයි.

ආගමික අන්තවාදයට මුල්තැන දෙමින් ඒ අදහසට එකඟ වන අනුගාමිකයන් රුස් කරමින් මරාගෙන මැරෙන ත්‍රස්ත සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට පෙරමුණ ගත් සහ්රාන් කාසිම් නැමැත්තා මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉස්ලාම් ආගම පිළිබඳ වැඩි අවධානයකින් හා හැදෑරීමකින් සිටි බව කියන සහ්රාන් කාත්තන්කුඩි ප්‍රදේශයේම පිහිටි &Falah Madrasa නැමැති එම දහම උගන්වන ආයතනයේ වැඩිදුර අධ්‍යාපනය ලැබූවෙකි.

එහි ඉගෙනගන්නා අතරතුර එම මධ්‍යස්ථානයේ විද්වත් උපදේශකවරැන්ගේ ඉගැන්වීම්වලට පිටින් යමින් ඉස්ලාමය පිළිබඳ රැඩිකල් අදහස් මතුකිරීම හා විවේචන එල්ල කරමින් තර්කනය කිරීම නිසා ආයතන ප්‍රධානීන් ගත් විනය ක්‍රියාමාර්ග හේතුවෙන් සහ්රාන්ගේ අධ්‍යාපනය අතරමග නැවතී ඇතැයි කියති. කෙසේ වෙතත් යළිත් වරක් ඉස්ලාමය පිළිබඳ අධ්‍යනයට යොමු වී ඇති සහ්රාන් (Mas’othi) නම් අධ්‍යාපන සුදුසුකම සපුරාගෙන ඇති බවත් ඔහු විසින් එය (Zaharan Mas’othi) ලෙස හඳුන්වාගෙන ඇති බවද සඳහන් වේ.

දැඩි ඉස්ලාම් ආගමික භක්තිකයෙක් වූ මොහු ඉස්ලාම් ධර්මය ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් Darul Adhar Dhahriya නැමැති ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ක්‍රියාත්කමක වී ඇත. එහි තිබූ ෂෝෆි ඉස්ලාමීය මතවාදයට විරැද්ධව ක්‍රියාත්මක වූ සහ්රාන්ට සිදුව ඇත්තේ සංවිධානය අභ්‍යන්තරයේ වූ ගැටුම් නිසා ඉන් ඉවත්ව යාමය.

පසු කලෙක සහ්රාන් විසින් ශ්‍රී ලංකා තව්හිද් සංවිධානය පිහිටුවාගෙන ක්‍රියාත්මක වී ඇතත් එහි හටගත් අන්තගාමී අදහස් නිසා එතැනින් ඉවත්ව ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිහිටුවාගෙන ඇත. මේ කාල සීමාව 2002 – 2017 වසර අතරදී බවද වාර්තා වේ. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහ්රාන් නැමැත්තා කුරුණෑගල කටුපොත පොලිස් වසමේ කැකුණගොල්ල ප්‍රදේශයේ කාන්තාවක හා විවාහ වී ඇතැයි සඳහන් වුවද මොහු උපන් පවුලේ සාමාජිකයන් හා ගම්මුන් සමඟ හෝ ආශ්‍රයක් නැති බව කියයි. ඉස්ලාම් ආගමට පිටින් යමින් අන්තවාදී ආගමික අදහස් හා මත දරණ ඔහු ඥාතීන් හිතවතුන් සමඟ ද බොහෝ විට අනවශ්‍ය වාද කරන නිසා ඔවුන් සහ්රාන් ආශ්‍රයෙන් ඉවත් කර ඇති බව සඳහන් වේ. ඒ අතර අන්තවාදී අදහස් දරමින් සංවිධාන බිහි කිරීමට ප්‍රයත්න දැරෑ ඔහු පවුලේ උදවිය විසින් පවා ඉවත් කර ඇතැයිද දැනගන්නට තිබේ.

ඊට වඩාත් හේතු වී ඇත්තේ වරෙක කාන්තන්කුඩි ප්‍රදේශයේ තරැණයෙකු යම් වරදක් සිදු කළ පසුව ඔහුට එරෙහිව ඇතැම් අරාබි රටවල ක්‍රියාත්මක බරපතළ දඬුවම් ලබාදීමට උත්සාහ කළ සිදුවීමකි. මේ ආකාරයට මුස්ලිම් ප්‍රජාව අතර විරුද්ධ මතධාරී කණ්ඩායම් ඇති කිරීමට හා එකී අදහස් ප්‍රචලිත කිරීමට දැරෑ උත්සාහය නිසා ප්‍රදේශවාසීන් සහ්රාන් පොලිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඇත. ඒ සමගම කාන්තන්කුඩි ප්‍රදේශයෙන් පලාගොස් ඇති සහ්රාන් සැඟවී ජීවත්වන අතරතුර තමාගේ නායකත්වයෙන් යුත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ආගමික අන්තවාදී ක්‍රියාවන්ට පිරිස් රැස් කිරීම, දැනුම්වත් කිරීම, දේශනා පැවැත්වීම සහ ත්‍රස්ත කණ්ඩායමක් පුහුණු කිරීම ඇතුළු නීති විරෝධී කටයුතු රාශියක නිරතව සිට ඇත.

මේ ආකාරය 2017 වසරේ පමණ සිට ඔහු රහසිගතව රුඳී සිටිමින් මෙම කටයුතුවල නිරතව සිට හදිසියේ කරළියට පැමිණ තිබුණේ පසුගියදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවක් සමඟය.

ආගමික අන්තවාදයට පිරිස් රුස් කරමින් සිටි සහ්රාන් පසුගිය දෙසැම්බර් 26 වැනිදා සහ ආසන්න දින කිහිපයකදී මාවනැල්ල, කඩුගන්නාව, දොඩම්වල ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදු වූ බුදු පිළිම කැඩීමට සම්බන්ධය. එම ක්‍රියාව සහ්රාන්ගේ මෙහෙයවීම මත සිදුකළ බවට සනාථ වී තිබේ. එම සිද්ධියෙන් පසුව ඔහුගේ අනුගාමිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුහු තවමත් බන්ධනාගාරගතව සිටිති. ඒ අතරතුර සැඟවී සිය කණ්ඩායම මෙහෙයවූ මොහොමඩ් සහ්රාන් සිය ගෝලබාලයන්ට උපදෙස් පංති පවත්වා ඇත. මෙසේ තම නායකත්වයෙන් යුත් ජාතික තව්හිද් ජමාත් සංවිධානය පවත්වාගෙන යන අතරතුර ඔහු අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වා ඇති බව අනාවරණය වන්නේ පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුවය.

මෙම ත්‍රස්ත නායකයාගේ නමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පිටුවකින් නිරතුරැවම ආගමික අන්තවාදී අදහස් පළකරමින් තොරතුරැ ප්‍රසිද්ධ කර ඇත. එමගින් වැඩිදුරටත් ඔහු දක්වා ඇත්තේ සිය සංවිධානය දියුණු කරමින් අයි.එස්.අයි.එස්. සංවිධානය පෝෂණය කළ යුතු බවය. කාන්තන්කුකඩි ප්‍රදේශයේ ක්‍රියාත්මකව තිබූ සහ්රාන්ගේ වැඩපිළිවෙළට එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජමියතුල් උලමා සංවිධානය ඇතුළු ආගමික නායකයන් මෙන්ම බහුතර ප්‍රදේශවාසීන් විරුද්ධත්වය දක්වා ඇතැයි වාර්තා විය. මොහු වෙනත් ආගම් හෙළා දැක කතා කළ අතර ක්‍රිස්තියානි ආගමික නායකයන්ට ආගම පිළිබඳ විවාද කිරීමට ආරාධනා කළ බවද වාර්තා වේ.

මොහු අන්තර්ජාලයේ යූටියුබ් හා ෆේස්බුක් හරහා ගෙනගිය ප්‍රචාරයන් හරහා මධ්‍යම පන්තියේ දුප්පත් තරුණ පිරිස් ඔහු වටා ඒකරාශී කොටගෙන ඊනියා ඉස්ලාම් දේශනා පවත්වමින් සිය සංවිධානයට බඳවාගෙන තිබෙන බවට තොරතුරු තිබේ. එවැනි නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කාත්තන්කුඩි පොලීසිය ක්‍රියාකර ඇති අතර ඇතැම් පිරිස් පසුබැස්සද සහ්රාන් සැඟවී ක්‍රියාත්මක වී ඇත. මොහු සැඟවී සිටියද ඔහුගේ අන්තර්ජාල මෙහෙයුම් අඩුවක් වී නැත. ඒ ඔස්සේ පිරිස් දැනුම්වත් කිරීම් දිගින් දිගටම සිදු කරන්නට සහ්රාන් පියවර ගෙන තිබුණි.

සැකකාර මොහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාන් නැමැත්තා මුස්ලිම් ප්‍රජාව තුළත් ඉස්ලාම් ආගමික නායකයන් තුළත් ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ ගත්තෙකි. එම වැඩපිළිවෙළ අතරමැද ජාතික තව්හිද් ජමාත් (NTJ) නමින් අන්තවාදී පල්ලියක් ගොඩනැගීමට කටයුතු කරමින් සිට ඇති බවද වාර්තා වේ. මෙම අන්තවාදී ත්‍රස්ත සංවිධානය ගොඩනැගීම සඳහා ඇතැම් අරාබි රටවලින් මූල්‍යාධාර සැපයෙන බවත් විදේශීය ත්‍රස්ත සංවිධානවලින් සහාය ලැබෙන බවත් දැන් නොරහසකි. පවතින අර්බුදය හමුවේ සියලු ත්‍රස්තවාදී අංකුර සියල්ල මුලිනුපුටා දැමීමට ආරක්ෂක අංශ හා බලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුය.

සමන්ත ප්‍රදීප් විල්තෙර

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook