Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පාස්‌කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් රජයේ සහ හිටපු රජයේ මුස්‌ලිම් කැබිනට්‌ ඇමැතිවරුන් දෙදෙනකුගෙන් වහාම ප්‍රශ්න කළ යුතු බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පසුගියදා (26 දා) ප්‍රකාශ කළේය.

ඉකුත් මාස කිහිපය තුළ සිදුවූ සිද්ධීන්ට අනුකූලව මුස්‌ලිම් තරුණයන් ආයුධ ගෙන නැඟී සිටින බවට ඉහතින් සඳහන් කළ ඇමැතිවරුන් පැහැදිලිව ප්‍රකාශ කර තිබූ බවත් එම ප්‍රකාශ දැනට ද අන්තර්ජාලයේ පවතින බවද ඇමැතිවරයා සඳහන් කර සිටියේය.

පාස්‌කු ඉරිදා සිදුවූ ත්‍රස්‌ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ මුස්‌ලිම් ඇමැතිවරුන්ට, එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හෙතෙම මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මෙසේ ද කීවේය.

මුස්‌ලිම් තරුණයන්ගේ නිහඬතාව නිවටකමක්‌ ලෙස සිතන්න එපා කියලා අදාළ කැබිනට්‌ ඇමැතිවරු දෙදෙනාම අවස්‌ථා ගණනාවකදී ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා. ඒ ප්‍රකාශයන්ගෙන් ඉඟි පළවුණු බව අපි පිළිගත යුතුව තිබෙනවා. ඒවා බැහැර කර කවුරුන් හෝ නිශ්ශබ්දව සිටියානම් එය මේ ම්ලේච්ඡ ප්‍රහාරයට හේතුවන්නට ඇති. ඒ නිසා මේ මුස්‌ලිම් ඇමැතිවරුන්ගෙන් වහාම ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඒ අයගේ පක්‍ෂ, පාට, ඡන්ද හෝ මන්ත්‍රී ධුර පිළිබඳව නොසිතා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කරන්න කැමැතියි. බෝම්බ ප්‍රහාර පිළිබඳව රජය දැන සිටි බව කීවත් මොළේ ඇති කිසිම රජයක්‌ මෙවැනි ජන සංහාරයකට ඉඩ නොදෙන බව මට විශ්වාසයි. නමුත් නොසැලකිල්ලක්‌ සිදුවූ බව අපි පිළිගත යුතුයි. මට මේ ආරංචිය ආවානම් මම අනිවාර්යයෙන්ම මුහුණු පොතේ සජීවී දැනුවත් කිරීමක්‌ කරනවා. 

ඉකුත් සිකුරාදා මමත් කොච්චිකඩේ දේවස්‌ථානයට ගියා. ඒ වෙලාවෙත් මගේ ආරක්‍ෂිතයන්ට මේ පහරදීම් සිදුවන බවට නිකුත් කර තිබූ ලිපිය ලැබී තිබුණා. එහි ඉන්දියානු මහකොමසාරිස්‌ කාර්යාලය, දේවස්‌ථාන, හෝටල් ඇතුළු ස්‌ථාන වෙත සිදුකරන පහරදීමක්‌ පිළිබඳ සඳහන්ව තිබුණු බවත් කීවත් දින වකවානු සඳහන්ව තිබී නැහැ. නමුත් එය මරාගෙන මැරෙන ප්‍රහාර සහ වෙනත් ප්‍රහාර බව සඳහන්ව තිබුණා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook