Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

එක්තරා අවධියක ජාත්‍යන්තරයේ විශේෂ ස්ථානයක් හිමිව තිබූ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැත නඟා සිටුවිය යුතු බවත්, එය පාර්ලිමේන්තුව මෙන් අර්බුදකාරී ස්ථානයක් නොවිය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ ගැටලු ඇතිවූවත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ එවැනි ගැටළු ඇතිවිය යුතු නැතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.

‘පාර්ලිමේන්තුවේ ගැටලු විසඳීමට කතානායකවරයා සිටිනවා. නමුත් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටලු නිරාකරණය කිරීමට එවැනි කවුරුවත් නෑ. එම නිසා රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අපි කටයුතු කළ යුතුයි. ක්‍රිකට් ඇතුළු රටේ අනෙක් ක්‍රීඩා ද දියුණු කිරීමට අපේ රජය කටයුතු කරනවා. ඊට අවශ්‍ය ක්‍රීඩාපිටි, මුදල් ආදී සියලූ දේ අපි ලබාදෙනවා.’ මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගනයේ දී පසුගියදා පැවැති My Dad My Superstar ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයේ ත්‍යාග සහ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අගමැතිවරයා මේ අදහස් පළ කළේය.

My Dad My Superstar ක්‍රිකට් තරඟාවලියේ අවසන් දිනය අදයි. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට, ඉදිරියට ගෙන යෑමට සහය දීපු බොහෝ දෙනා අද මෙම තරඟාවලියට එකතු වී සිටිනවා. එහි බලාපොරොත්තුව ඔවුන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණය කර ගැනීමයි.

ඒ වගේම වගකීමක් පාලක මණ්ඩල වලටත් ඉටු කිරීමට තිබෙනවා. පාලක මණ්ඩල නිසියාකාර ප්‍රතිඵල පෙන්වනවා නම් අපට මීටත් වඩා මුදල් වෙන් කළ හැකියි. පාලක මණ්ඩල තුළ ගැටළු තිබෙනවා නම් එම මණ්ඩලවලට මුදල් ලබා දෙනවාට වඩා ඒවා ගම්මාන සංවර්ධනය සඳහා යෙදවීම ඉතා වැදගත්. ක්‍රීඩාවට මුදල් වියදම් කිරීම හරහා අපි බලාපොරොත්තු වන්නේ රටට කීර්තියක් අත් කර දීම මිස එම මුදල් සමාජශාලා වෙත වියදම් කිරීම නොවෙයි.

එම නිසා පාලක මණ්ඩලවලින් මීට වඩා ප්‍රතිඵල පෙන්වනවා නම් අපි තවත් මුදල් වෙන් කරනවා. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු අනෙක් ක්‍රීඩා දියුණු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව අධ්‍යාපන ඇමැතිතුමා මට පැවසුවා. ඒ හරහා සියලූ ක්‍රීඩා ක්ෂේත්‍රයන් දියුණු කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය ගෙන ඒමට කටයුතු කළ යුතුයි.

ඒ වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව, අනෙක් ක්‍රීඩා පාලක මණ්ඩල ආණ්ඩු හා එක්ව කටයුතු කළ යුතුයි. ක්‍රීඩාව හරහා ප්‍රතිඵල පෙන්වනවා නම් රටේ මුදල් එම ක්‍රීඩාවලට වෙන් කිරීම පිළිබඳව රටේ ජනතාව එරෙහි නොවන බව අපේ විශ්වාසය බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.’ අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

අනූහයේ ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ අනූහයේ මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයෝ රැසක්ද එක්වූ මේ තරගාවලිය සුපර් ඩෑඩ්, චැම්පියන් ඩෑඩ් සහ චැලෙන්ජ් ඩෑඩ්ස් ලෙස කුසලාන 3ක් සඳහා පැවැත්විණි.

එහිදී සුපර් ඩෑඩ් කිරුළ දිනා ගැනීමට රොමේෂ් කළුවිතාරණගේ නායකත්වයෙන් යුත් සාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම සමත් වූයේ අවසන් තරගයේදී සාන්ත පීතර විදුහල් කණ්ඩාය ලකුණු 24කින් පරාජයට පත්කරමිනි. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කඩුලු 9කින් පරාජය කළ මොරටුව වේල්ස් කුමර විදුහලට චැම්පියන් ඩෑඩ් කුසලානය හිමිවූ අතර චැලෙන්ජ් ඩෑඩ් කුසලානය කොළඹ නාලන්දා විදුහල ලකුණු 8කින් පරාජය කළ කොළඹ ආනන්ද විදුහලට හිමිවිය.

මේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මයිකල් තිසේරා මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයන් ඇතුළු ක්‍රීඩකයන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවී සිටියහ.

dinamina

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook