Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

යුද්ධය අවසන් වීමේ සිට ශ්‍රී ලංකාවෙහි දේශපාලන වාතාවරණයෙන් පෙනී යන්නේ බලයේ කවුරුන් සිටියත් කවුරුන් බලය සඳහා තරඟ වැදුනත් සෑම කෙනෙකු විසින් ම ප්‍රමුඛතාව ලබා දුන් නොවෙනස් වන එක් ප්‍රතිපත්තියක් වූ බවයි. එනම් ප්‍රගතිශීලී හා නිර්බාධිත සමාජ - ආර්ථික සංවර්ධනයයි. මේ සඳහා සියල්ල ඇතුළත් කර ගැනීම හා වෙනස් කොට නොසැලකීම බලපායි. මන්ද යත් එක් කණ්ඩායමක්, ප්‍රජාවක් හෝ සමාජ පංතියක් පමණක් ඉන් ප්‍රතිලාභ ලබන්නේ නම් රටක් සැබැවින්ම සංවර්ධනය විය නොහැක. මූලික වශයෙන් සියළු දෙනාහට ප්‍රගතියක් නොමැතිව සංවර්ධනය කරා ගමන් කළ නොහැක. 

පසුගිය දශක 3 තුළ වූ ප්‍රචණ්ඩත්වය මගින් බලපෑමට ලක් වූ බොහෝ දෙනාගේ මානව හිමිකම් උල්ලංඝණය වීමට අමතරව ඔවුන්ට තම නිවෙස්, ඉඩම් හා ජීවනෝපායන් ද අහිමි වූ අතර එමගින් ඔවුන්ගේ සංවර්නයට ඇති හිමිකමට බාධා එල්ල විය. ඔවුන්ගෙන් බොහෝ දෙනාට තම නිවෙස් වෙත යළිත් යාමට නොහැකි නම්, රැකියාවක් සොයා ගැනීමට නොහැකි නම්, ජීවිතය යථා තත්වයට පත් කරගත නොහැකි නම් ඔවුන්ට සාමය යනු අරුත් සුන් වූවකි. ඔවුන්ගේ සිහිනවල අහස උසැති ගොඩනැගිලි, වරාය නගර, ජාත්‍යන්තර හෝටල් දාම හෝ සාප්පු සංකීර්ණ නොමැති අතර එම සිහිනවල ඇත්තේ ආහාර, ආරක්ෂාව, සෞඛ්‍යාරක්ෂණය හා වැදගත් රැකියාවකි. රටේ බහුතර ජනතාවට අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට අවශ්‍ය මුදල් නොමැති නම් දිලිසෙන නව ගොඩනැගිලිවලින් ඇති ඵලය කුමක්ද? 

සංහිඳියාව පිළිබඳ න්‍යාය පත්‍රය වැදගත් වන්නේ මෙහිදීය. “හානිපූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත“ (පනත් කෙටුම්පත) 2018 ජූනි 25 දින ගැසට් කරන ලද අතර 2018 ජූනි 17 දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය රජයන් විසින් පසුගිය වසර ගණනාව පුරාවට විවිධ ආකාරයේ හානිපූර්ණයන් සිදු කළ ද හානිපූර්ණයන් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇතැම් පුද්ගලයෝ පුදුමයෙන්ද ඇතැම් පුද්ගලයෝ කෝපයෙන් ද මෙයට ප්‍රතිචාර දක්වති. 

සරළව කිවහොත් හානිපූර්ණය මගින් වැරදි ක්‍රියාවන් හඳුනාගෙන ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් වේදනා විඳි වින්දිතයන් සඳහා සහන සලසනු ලැබේ. වින්දිතයන්ගේ හිමිකම් යළි ගොඩනැගීම හා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය විසින් ගන්නා පියවර එයට ඇතුළත් වේ. මෙය සිදු වන්නේ උතුරු හා නැගෙනහිර ගැටුම් අවසන් වී දස වසරකට පසුව හෝ දකුණේ තරුණ කැරලිකරුවන්ගේ එක් පරම්පරාවකට පසුව හෝ සුළු ජාතීන් වෙත ප්‍රහාර එල්ල වී වසර ගණනාවකට පසුව වුවත් කම් නැත. බොහෝ ශ්‍රී ලාංකිකයෝ තවමත් ශාරීරික ආබාධ, ක්ෂතිය, දේපළ අහිමි වීම, දරිද්‍රතාව, කොන් වීම ආදියෙන් පීඩා විඳිති. මෙහි පාඨකයා ඔවුන්ගෙන් කෙනෙකු නොවුනත් වරප්‍රසාද සහිත වූවන් සිටීමෙන් වින්දිතයන් නැතැයි යන්න හෝ ඔවුන් සමග සහයෝගීතාවයෙන් සිටීමට අප බැඳී නැතැයි යන්න හෝ අදහස් නොවේ. 

ආබාධිත පුද්ගලයන් හෝ පවුලේ උපයන්නා අතුරුදහන් වී හෝ මිය ගොස් ඇති ගෘහ ඒකක වැනි දිළඳු සහ බලපෑමට ලක් විය හැකි කණ්ඩායම් සඳහා මූලික අවශ්‍යතා සැපයීම මගින් දුක් පීඩාවන් දුරු කිරීම හා තම මූලික අයිතාවාසිකම් අහිමි වූ කොන් කරන ලද කණ්ඩායම් කෙරෙහි දිගු කලක් පුරාවට පැවති වෙනස් කොට සැලකීම් සඳහා පිළියම් ලබා දීම මගින් ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය හඳුනා ගැනීමට හා මර්දනය කිරීමට හානිපූර්ණයන් උපකාරී වේ: උදාහරණ ලෙස, තම ස්වාමි පුරුෂයන් මිය ගිය හෝ අතුරුදහන් වූ කාන්තාවන් සඳහා හානිපූර්ණයන් විශේෂයෙන් වැදගත් වේ. මෙම කාන්තාවන්හට තම පවුල් නඩත්තු කිරීමට සිදු වන්නේ ඉතා අඩු සහායක් සහිතව හා බොහෝ විට නොසලකා හැරීම්, ගැරහුම් හා අපයෝජනයන්ට මුහුණ දෙමින්ය. හානිපූරණය ලාංකික බොහොමයකගේ අහිංසක බලාපොරොත්තුවකි.

සුලෝචනා රාජපක්ෂ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook