Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

‘ලෝක කුසලාන තරගාවලියේදී අපි ශ‍්‍රී ලංකාවට පහර දෙන්නේ ප‍්‍රසාද ලකුණත් සමගින්’ මෙහෙම කියන්නේ ඇෆ්ගනිස්තානයේ රෂිඞ් ඛාන්ය. ඔහු දක්ෂ පන්දු යවන්නෙකි. තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකි. නමුත් ශ‍්‍රී ලංකාවේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ගැන ඔවුන් ඉතාමත් අවතක්සේරුවෙන් බලන්නට පටන්ගෙන තිබීම එක් අතකින් අප ලජ්ජා විය යුතු කරුණකි. ජයග‍්‍රහණය කිරීම ඕනෑම කණ්ඩායමක අරමුණකි. නමුත් රෂිඞ්ගේ කතාවේ කියැවෙන්නේ ප‍්‍රසාද ලකුණක් සමගින් ශ‍්‍රී ලංකාව පරාජයට තල්ලූ කර දමන බවය. එය පරාජය කිරීමටත් වඩා හෑල්ලූ කිරීමකි.

රෂිඞ් ඛාන්ගේ කතාව ඔහු අධි තක්සේරුවෙන් සිටින නිසා කියන්නට පුළුවන. නමුත් මීට මාස කිහිපයකට පෙර අබුඩාබි නුවරදී ඔවුන් ශ‍්‍රී ලංකාව නැත්තටම නැති කර දැමුවේය. ඒ පරාජයත් සමග ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් අභිමානය කීතු කීතුවලට ඉරා දැමු රෂිඞ් ඛාන්ලා මෙවැනි ප‍්‍රකාශ නිකුත් කිරීම එක් අතකින් සාධාරණය. අපේ පිතිකරුවන් රෂිඞ් ඛාන් ඉදිරියේ ඇඹරුණ ඇඹරිල්ල අනුව ඔහුට තනිවම ශ‍්‍රී ලංකාව පරාජය කර දැමීමේ මානසිකත්වය එන්නට පුළුවන. නමුත් ශ‍්‍රී ලංකාව යනු ලෝක කුසලාන දෙකක් දිනා ගත් කණ්ඩායමක් බව රෂීඞ්ලාට බ‍්‍රයන් ලාරා මතක් කර දුන්නේය.

‘ශ‍්‍රී ලංකාව කියන්නෙ ලෝක කුසලාන දෙකක් දිනා ගත් කණ්ඩායමක් බව අමතක නොකළ යුතුයි. ඔවුන්ව එතරම් අවතක්සේරුවට ලක් නොකළ යුතුයි.’ යනුවෙන් ලාරා රෂීඞ්ගේ කතාවට ප‍්‍රති ප‍්‍රහාර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තැබීය. කෙසේ වෙතත් රෂීඞ්ලාගෙන් මෙවැනි කයි කතන්දර අසන්නට සිදුවන්නේ අපේ ක‍්‍රිකට් ?නේ නන්නත්තාර ක‍්‍රිකට් රස්සාව නිසාය. ඔවුන් කණ්ඩායම ඇතුළේ දිය රෙද්දෙන් බෙල්ල කපන වැඩ කරති. කල්ලිවාදය පතුරුවති. බිරින්දෑවරුන්ගේ ප‍්‍රශ්න ක‍්‍රිකට්වලට ගෙන එති. නයිට් ක්ලබ් හෝ කැසිනෝවල ගොස් මනස සුවපත් කර පිටිය මැදට ගොස් සලිත වෙති. මේ විහිළු ක‍්‍රිකට් ක‍්‍රමවේදයට තිත නොතිබුණහොත් රෂිඞ් ඛාන්ලාගෙන් පමණක් නොව ඇෆ්ගනිස්ථාන් යොවුන් කණ්ඩායමටද ශ‍්‍රී ලංකාව පරාජය වන්නට පුළුවන.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට සිදුව ඇත්තේ දේශීය තරගාවලියකින් පසුවය. ඊට හේතුව ක‍්‍රිකට් තේරීම් කමිටු විටින් විට මාරුවීම සහ පාලනය අත්තෙන් අත්තට යාමයි. නමුත් දැන් කෙසේ හෝ ලබන මස පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉක්මනින් නම් කළ යුතුව තිබේ. ලෝක කුසලානට යන්නේ කවුද? නායකයා කවුද? පුහුණුකරු කවුද? යන ප‍්‍රශ්න තුනද තවමත් මාතෘකාවට බඳුන්වෙද්දි ලසිත් මාලිංග නායකත්වයට සූදානම්ව සිටින බවට ඉඟි පළකර තිබේ.

මීට පෙර පැවැති අයි.පී.එල්. අතරතුර දේශීය ක‍්‍රිකට් තරගාවලිවලට ක‍්‍රීඩා නොකළ ලසිත් මාලිංග දැන් ඉතාමත් උනන්දුවෙන් අයි.පී.එල්. අතරතුර දේශීය තරගාවලිය ක‍්‍රීඩා කිරීමට පැමිණීම ප‍්‍රශංසා කළ යුතු කරුණකි. එවැනි තීරණ කොන්ද කෙළින් තියන පරිපාලනයක් නම් ගත යුතුය. ලසිත් මාලිංගද රටට ආදරය කරන බව මෙවැනි දේවලින් පැහැදිලි වේ. පරණ කෝන්තර ඉවත දමා සැවොම මාලිංග මෙන් උනන්දු වුවහොත් ලෝක කුසලානයේදී රෂිඞ් ඛාන්ලාගේ කටවල් වැසිය හැකි බවද ඔවුන් සිතට ගත යුතුය.

ලසිත් මාලිංග පැය 20 කට අඩු කාලයකදී තරග දෙකකට සහභාගි වීම ඔහු තුළ ඇති උනන්දුව කදිමට පැහැදිලි වේ. අයි.පී.එල්. තරගයේදී කඩුලූ තුනක් දවා ගනිමින් මුම්බායි කණ්ඩායමට තෙවැනි ජයග‍්‍රහණය ලබාදීමට දායක වූ මාලිංග එම තරගය අවසන් වු වහාම මුම්බායි ගුවන් තොටුපොළින් මහනුවර බලා පිටත්ව ආවේ ඊට පසුදින ආරම්භ වූ පළාත් එක්දින තරගාවලියට ක‍්‍රීඩා කිරීමටයි. ලෝක කුසලාන තේරීම් තරග මාලිංගටද අන් අයට මෙන් පොදුය. නමුත් දැන් මාලිංග ඉන්නේ ලෝක කුසලානයේ නායකත්වයේ ඔටුන්න බලාපොරොත්තුවෙනි.
 
 
පළාත් තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංගව නායකයන් වශයෙන් නම් කරනු ලැබුවේ ඉන් හොඳම කෙනාට ලෝක කුසලාන ඔටුන්න පිරිනැමීමේ බලාපොරොත්තුවෙනි. ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේද පළාත් තරගාවලියේ නායකයන් සිව්දෙනාගෙන් එක් අයකුට ලෝක කුසලාන නායකයා වශයෙන් කටයුතු කළ හැකි වුවත් ඔවුන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තිබිය යුතුය යන මතයේ සිටය. ඒ අනුව අවසන් එක්දින තරගාවලියේදී චන්දිමාල්ට සහ දිමුත්ට එක්දින පිලේ ස්ථානයක් නොතිබුණි. ඇන්ජලෝ මැතිව්ස්ව විවේක ගන්වා තිබුණි. නායකත්වය දෝලනය වන්නේ මැතිව්ස් සහ මාලිංග අතරට බව ඉන් පැහැදිලි වේ.
 
 
කෙසේ වෙතත් හතුරුසිංහ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන විට නායකත්වය භාර ගැනීමට මැතිව්ස් සූදානම් නැත. ඒ අනුව ලසිත් මාලිංගට බොහෝ දුරට ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකා පිලේ වගකීම පැවරෙනු ඇත. තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල්ද මාලිංගගේ නායකත්වය සම්බන්ධයෙන් දොසක් නොදකින බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වේ. දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකයා වශයෙන් වැඩ දැමුවද එක්දින පිලේ ඔහුට මතක ඇති කාලයක ස්ථානයක් නොතිබුණි. නමුත් පළාත් තරගාවලියේදී ඔහුට කරළියට පැමිණ ලෝක කුසලානටද යා හැකිය. එහෙත් පසුගියදා ඇ.ඩො. 7000 ක දඩයකට යටත් වූ සිද්ධියත් සමග කරුණාරත්නට එක්දින නායකත්වය දුරස්ව ගොස් තිබේ.
 
 
ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩායමේ ස්ථිර ස්ථාන තිබේ. එබැවින් මාලිංග හෝ මැතිව්ස් ලෝක කුසලාන නායකයා වශයෙන් කටයුතු කරනු ඇතැයි බොහෝ දුරට විශ්වාස තැබිය හැකිය. ලසිත් මාලිංගට තේරීම් කමිටු සභාපතිවරයා ඉවෙන් මෙන් නායකත්වයේ වගකීම දෙන බවට ඉඟි කර තිබූ නිසා ඔහු අයි.පී.එල්. අතරතුර ලංකාවට එන්නට පුළුවන. නමුත් මාලිංග තරග කිහිපයක් ක‍්‍රීඩා කරමින් යළිත් අයි.පී.එල්. යෑමට නියමිතව තිබේ. 
 
 
නායකත්වය යනු ගරු තනතුරකි. එය ‘බේබද්දන්ට’ හෝ රාත‍්‍රී සමාජ ශාලාවල පිස්සු කෙළින ගැන්සි කාරයකුට හිමිවිය යුතු නැත. එහෙම පිස්සු කෙළින ක‍්‍රිකට් කාරයන් ගැන ක‍්‍රිකට් ලොක්කන්ද හොඳින්ම දනිති. නමුත් ඒ ක‍්‍රිකටර්ලාට පුළුවන් පිස්සු කෙළීමට නම් ඔවුන්ට ඒ සඳහා ඉඩ ලබාදී විනය ගරුක ක‍්‍රීඩකයන්ව කණ්ඩායමට ගෙන ආ යුතුය. දුවන්න බැරි අශ්වයන්ව රේස්වලට ඉදිරිපත් කිරීම කරුමයකි. එය තේරීම් කමිටුව වටහා ගත යුතුය. නායකයා තෝරන විටද තේරීම් කමිටුව දක්ෂතාවට පමණක් නොව විනයටද එක දිය යුතුවේ. එසේ නොවන කල කල්ලිවාදය ඔඩු දුවමින් කණ්ඩායම කෑලි කෑලිවලට කැඞී රෂිඞ් ඛාන්ලාගෙන් තවත් හාස්‍යයට ලක් වෙනු ඇත.
 
 
 
අසේල විතාන

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook