Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

හානිපූර්ණය සිදු කිරීම සංහිඳියාව හා හිමිකම් සඳහා වන යාන්ත්‍රණයක් සේම සංවර්ධනය සඳහා වන ප්‍රවේශයෙහි අත්‍යවශ්‍ය අංගයක් ද වන අතර එමගින් බොහෝමයක් කොන් කරන ලද කණ්ඩායම්වලට සමාජයට ඒකාබද්ධ වීමට අවස්ථාවක් සලසා දෙමින් ඔවුන්ගේ තත්වය ඉහළ නැංවීමට අපේක්ෂිතය. 

රැස්වීම් පවත්වමින් හා දිවයින පුරා ප්‍රජාවන්ගේ අදහස් ලබා ගනිමින් 2016 වසර තුළ ක්‍රියාත්මක වූ ප්‍රවිචාරණ කාර්ය සාධන බලකාය මගින් හානිපූර්ණය සඳහා නව කාර්යාලය සඳහා වන තාර්කිකය සකස් කරන ලදී. වාර්තාවට අනුව තම අත්දැකීම් බෙදා ගත් සියළුම දෙනා පාහේ වන්දි නොගෙවීම, ප්‍රමාද වීම හෝ ප්‍රමාණවත් නොවීම, ප්‍රත්‍යාස්ථාපනය ප්‍රතික්ෂේප කිරීම, නිවැරදි නිර්ණායක නොමැති වීම, ඇතැම් පීඩාවන් හෝ පාඩු පිළි නොගැනීම, වෙනස් කොට සැලකීම හෝ නිලධාරීන්ගේ බලපෑම් ආදිය පිළිබඳ දුක්ගැනවිලි ඉදිරිපත් කළහ. 

ඇතුළත් කිරීම 

- 1989 ජ.වි.පෙ. කැරැල්ල හේතුවෙන් බලපෑමට ලක් වූ පවුලක කාන්තාවක් තමන්ගේ පවුලට අනතුරු හැඟවීම් සිදු කළ ආකාරයත් මහනුවර පිහිටි සිය නිවසින් සූට්කේසයක් පමණක් ඇතිව පළා යාමට ඔවුන්ට සිදු වූ ආකාරයත් පැහැදිලි කළාය. ඔවුන්ගේ නිවස කොල්ල කා ගිනි තබන ලද අතර වසර 27ක් පුරාවට ඔවුන්ට කිසිඳු වන්දියක් ලබා දී නැත. 

- එසේ ම 1983 ජාතිවාදී කලබලය පිළිබඳ අදහස් දැක්වූ පුද්ගලයෙකු කියා සිටියේ “...දෙමළ තරුණයෙක් ගිනි තබා මැරුවා. දෙමව්පියන් නඩු දැම්මා. රජය රු. 10,000/- ක වන්දියක් ලබාදී දෙමව්පියන් ලවා වන්දිය රු. 25,000/- කියා ලියැවුණු කඩදාසියකට අත්සන් ගත්තා“ - (ගාල්ලේ වැසියෙක්) 

- මඩකලපුවේ ආබාධිත පුද්ගලයකු පැවසුවේ “මගේ ඔළුවයි තුනටියයි තුවාල වුණා. මගේ ඇස් හරියට පේන්නේ නෑ. මම මේක කිව්වාම ඒ අය කියන්නේ ඔයාගේ අමාරුව මොකද්ද, ඔයාට කිසි අමාරුවක් පේන්නේ නෑ කියලා...“ (මඩකලපුවේ ආබාධිත පුද්ගලයෙක්). එසේ ම ක්ෂතිය කෙරෙහි නිසි අවධානයක් යොමු නොවන අතර ඒ සම්බන්ධයෙන් පිළියම් ලබා නොදෙන බව විශාල පිරිසක් ප්‍රකාශ කළේය. 

හානි පූර්ණය සඳහා වන කාර්යාලය මගින් යුද්ධය හා ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ වින්දිතයන්ගේ පීඩාවන් හඳුනා ගැනීම හා පිළියම් ලබා දීම සිදු කරනු ඇති අතර එවැනි පීඩාවට පත් වූවන්, එනම් උතුරු හා නැගෙනහිර ගැටුම්වලදී හෝ දේශපාලන නොසන්සුන්තා හෝ සිවිල් කලකෝලාහලවලදී හෝ ක්‍රමික බරපතල මානව හිමිකම් උල්ලංඝණය වීමක් හරහා හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමක් හේතුවෙන් “මානව හිමිකම් හෝ මානුෂීය නීතිය උල්ලංඝණය වීමක්“ (27 වගන්තිය) අත්විඳි ඕනෑම පුද්ගලයෙකු සඳහා සාධාරණ හා ප්‍රමාණවත් වන්දි ලබා දීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇත. 

හානි පූර්ණය යනු හුදෙක් මුදල් ලබා දීම පමණක් නොවන බව සඳහන් කිරීම වැදගත් වේ. හානිපූර්ණයන් අත්‍යවශ්‍ය වේ: ඒවා පුද්ගලික හෝ සාමූහික (සමස්ථයක් ලෙස ප්‍රජාවක් සඳහා ප්‍රතිලාභ සලසන) විය හැකිය. හිමිකම් ප්‍රත්‍යාස්ථාපනය කිරීම, වැරදි පිළිගැනීම, වෛද්‍ය හා මානසික පුනරුත්ථාපනය, පුහුණු වැඩසටහන් ආදිය හානිපූර්ණයට ඇතුළත් විය යුතුය. ඵලදායී ලෙස ක්‍රියාවට නැංවුවහොත් මෙම ක්‍රියාමාර්ග රටට වැදගත් ආයෝජනයක් වනු නොඅනුමානය. 

හානි පූර්ණයේදී වඩාත් වැදගත් වන්නේ සියළු ම වින්දිතයන්ට සාධාරණව හා සමානව සැලකීමයි. හානිපූර්ණය සඳහා වන කාර්යාලය මගින් ඕනෑම මානව හිමිකම් හා මානුෂීය නීතිය උල්ලංඝණය වීමක් පිළිබඳ සලකා බලනු ලැබේ. හානිපූර්ණය සිදු කිරීමේ දී වින්දිතයන්ගේ ජන වර්ගය, ආගම හෝ දේශපාලන සබඳතා වැනි සාධක වින්දිතයන්ට එරෙහිව භාවිතා කළ නොහැක. 

වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ සාකල්‍ය සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි පිළිගැනීමක් ඇති වී තිබේ. ජාතික වශයෙන් අභියෝග හා පසුබෑම් තිබුණු අතර යෝජිත නීති විවාදයට ලක් විය යුතු වනවා සේම අවශ්‍ය නම් වැඩි දියුණු කිරීම් ද සිදු කළ යුතුය. හානිපූර්ණය සංහිඳියාව සහ මෙරට සංවර්ධනය සඳහා තීරණාත්මක සාධකයක් වන බව නොඅනුමානය. දිළිඳු හා කොන් කරන ලද්දන් යනු කඩදාසියක සටහන් වූ දත්ත සමුදායක් පමණක් නොව: බොහෝ විට ඔවුන් දිළින්දන් වී සිටින්නේ ඔවුන් කොන් කරන ලද නිසාත් ගැටුම් හා කෝලාහල අතරතුර වින්දිතයන් බවට පත් වූ නිසාත්ය. සියල්ලටම වඩා ඔවුන් මනුෂ්‍යයන්, අප දේශයේ දරුවන්, අපගේ සහෝදර හා සහෝදරියන් වේ. ඔවුන්ගේ තත්වය හා හිමිකම් අප සියල්ලන් ම එකඟ විය යුතු කරුණක් වේ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook