යාපනයේ මුස්ලිම් වැසියන් වෙසෙන නාවන්තුරේ පාරවල් පහ ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක් යට තැනූ භූගත බංකරයක් හමු වී තිබෙනවා.
මෙම බංකරය හා නව නිවස ඉදි වී ඇත්තේ යුද සමයෙන් පසුව නිසා එම නිවැසියන්ට එවැනි බංකරයක් අවශ්‍ය වූයේ මන්ද යන්න පැහැදිලිව විස්තර කිරීමට නිවැසියන් අසමත් වී තිබෙනවා.
මෙම නිවස තුළ මුස්ලිම් හා දෙමළ පවුල් ජීවත් වන බව යාපනයේ ආරක්ෂක අංශ පවසනවා.