හාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති රන්ජන් රාමනායක මහතා සහ ගාල්ල දිස්ත‍්‍රික් එජනිස මන්ත‍්‍රී මොහාන් ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා එකිනෙකාට කුණුහරුපයෙන් බැණ ගනිමින් හැසිරීම නිසා ඊයේ (01දා) සභා ගැබ තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අධිකරණ අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පෙර පැවති ආණ්ඩුවත් වර්තමානයේ ලබා දෙන ඇතැම් නඩු තීන්දු පිළිබඳවත් කතා කළේය. ඉන් පසු විවාදයට එක්වූ මොහාන් ප‍්‍රියදර්ශන මන්ත‍්‍රීවරයා රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයාගේ කතාව ‘ගොන්්’ කතාවක් බව කීය.
ඊට පිළිතුරු ලෙස රන්ජන් රාමනායක මහතා මොහාන් ප‍්‍රියදර්ශන මන්ත‍්‍රීවරයාගේ බිරිඳ සහ දරුවන් අපහසුතාවට පත්වන ආකාරයේ ප‍්‍රකාශයක් කළේය. මන්ත‍්‍රී වාහන බලපත‍්‍ර හොරෙන් අලෙවි කළ බවට ඇමැතිවරයා සහ මන්ත‍්‍රීවරයා දෙදෙනාට දෙදෙනා චෝදනා කර ගත්හ. ඒ අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ මත ගැටුම දුරදිග ගිය අතර මොහාන් ප‍්‍රියදර්ශන මන්ත‍්‍රීවරයා අසැබි වචනයක් සමග ‘පලයන්’ යැයි රාජ්‍ය ඇමැතිවරයාට කීය.
මේ අවස්ථාවේ මුලසුනේ සිටියේ සිඞ්නි ජයරත්න මනිත‍්‍රීවරයාය. මුලසුනේ උපදෙස් මත තමන් අදාළ වචනය ඉල්ලා අස්කර ගන්නා බව කී මන්ත‍්‍රීවරයා එය සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති වචනයක් මිස පරුෂ වචනයක් නොවන බවද කීය.
මීට පෙර අවස්ථාවකදී වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා සභාගැබ තුළ මෙම අසැබි වචනයෙන් අගමැතිවරයාට බැණ වැදුණු ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේද ප‍්‍රචාරය විය.