Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පාස්කු ඉරිදා (21 දා) මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ ‘තව්හිද් ජමාත්’ සංවිධානයට අයත් බව කියන සැකකරුවන් 154 කට වැඩි පිරිසක් ඊයේ (28 දා) වන විට ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ ‘තව්හිද් ජමාත්’ සංවිධානයේ නායකයා ලෙස සැලකූ ‘මොහොමඞ් සහරාන්’ නමැති පුද්ගලයා ෂැංගි‍්‍රලා හෝටලයට එල්ල කළ බෝම්බ ප‍්‍රහාර දෙකෙන් එක් බෝම්බ ප‍්‍රහාරයකින් මියගොස් තිබෙන බව ආරක්‍ෂක අංශ ඊයේ තහවුරු කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 8 දෙනාද ආරක්‍ෂක අංශ විසින් හඳුනා ගෙන තිබේ. පසුගිය සිකුරාදා (26 දා) කල්මුණේ සයින්දමරුදු පොලිස් ස්ථානයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුට සැක කටයුතු පිරිසක් සයින්දමරුදු ප‍්‍රදේශයේ සිටින බවට තොරතුරක් ලැබී ඇත.

ඔහු එම තොරතුර තම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම්දී තිබේ. ඒ අනුව කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා හා යුද හමුදා නිලධාරීන් එම නිවස පරීක්‍ෂා කිරීමට යනවාත් සමග එම නිවස දෙසින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ සමග ආරක්‍ෂක අංශද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර තිබේ. ඒ සමගම පිපිරීම් තුනක් සිදුවී තිබෙන අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එය සිදුකරගෙන ඇතැයි හෙළිවී තිබේ.

ඉන් අනතුරුව ආරක්‍ෂක අංශ නිවස පරීක්‍ෂා කිරීමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන්ගේ මළ සිරුරු 3 ක් කාන්තාවන් 3 කගේ මෘත ශරීර සහ කුඩා දරුවන් 6 දෙනෙකුගේ මෘත ශරීර නිවස ආසන්නයේ තිබියදී ද නිවසින් පිටත මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන පුද්ගලයන් තිදෙනකුගේ මෘත දේහ 3 ක්ද ඇතුළු මෘත දේහ 15 ක් හමුවී ඇත. එම නිවසේ තුවාල ලබා සිටි කුඩා දැරියක සහ ඇගේ මව බවට කියන කාන්තාවක ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

මේ අතර ‘තව්හිද් ජමාත්’ සංවිධානයේ ප‍්‍රධානියා ලෙස සැලකෙන ‘මොහොමඞ් සහරාන්’ නමැත්තාගේ රියැදුරා ලෙස කටයුතු කළ මොහොමඞ් ෂරීන් ආදම්ලෙබ්බේ හෙවත් ‘ගෆුර්’ (53) නමැති පුද්ගලයා සමග සැකකරුවන් 7 දෙනකු මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සමග තව්හිද් ජමාත් ලාංඡුන සහිත ටී ෂර්ට්, තොප්පි, මුහුණු ආවරණ, මරාගෙන මැරෙන අවස්ථාවල අඳින ඇඳුම් කට්ටල, පිස්තෝලයක් සහ ලැප්ටොප් පරිගණකයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රියැදුරා වැඩිදුර විමර්ශන සඳහා පෙරේදා (27 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත. පුත්තලම වනාතවිල්ලූව කරඩිපුවල් සමගිපුර ප‍්‍රදේශයේදී ඉකුත් ජනවාරි 16 වැනිදා පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් පොල්වත්තේ වළ දමා තිබූ විවිධ වර්ගයේ පතරොම් සහ ගිනි අවිද මෙහි තිබී සොයාගෙන ඇත.

නිල්පාට බැරල්වල දමා වළ දමා තිබූ ඒවා අතර ටී 56 ගිනි අවියක්, මිලි මීටර් නවයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර පහක් ජීව උණ්ඩ රැුසක් මෙහිදී සොයාගෙන තිබේ.

අම්පාර නින්දවූර් ප‍්‍රදේශයේද මරාගෙන මැරෙන බෝම්බකරුවන් කණ්ඩායමක් සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය පෙරේදා (27 දා) නිවසක් සෝදිසි කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්, එම බෝලවලට සවිකරන සුවිච්, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් ඇතුළු භාණ්ඩ රැුසක් සොයාගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා සමන්තුරේ ප‍්‍රදේශයේ සිදුකරන ලද පරීක්‍ෂාවකදී නිවසක් තුළ තිබී මරාගෙන මැරෙන බෝම්බ නිපදවීමට ගන්නා යකඩ බෝල ලක්‍ෂයකට අධික ප‍්‍රමාණයක්, ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, ජෙලග්නයිට් කූරු 181 ක්, ඩෙටනේටර් 6 ක්, පරිපථ සඳහා යොදා ගන්නා හතරැුස් බැටරි 35 ක්, බැටරි 6 ක් යොදා සැකසූ විදුලි පරිපථ 2 ක්, අයි.එස්. ලාංඡුනය සහිත බැනර් 01 ක්, යූරියා කිලෝ ග‍්‍රෑම් 50 මිටි 5 ක්, නයිටේ‍්‍රට් ඇසිඞ් බූලි 4 ක්, සල්පියුරික් ඇසිඞ් බූලි 11 ක්, අධිබල පුපුරණ ද්‍රව්‍ය බවට සැක කළ හැකි කිලෝ 03 පමණ පාර්සල් 3 ක් ඇතුළු භාණ්ඩ වර්ග 119 ක් සොයාගෙන ඇත.

මෙම ප‍්‍රහාරවල ප‍්‍රධාන සැකකරුවන් කිහිප දෙනකු සිටි බව කියන දෙමටගොඩ බෝම්බ පුපුරුවා ගත් නිවසේ ඊයේ ආරක්‍ෂක අංශ සිදුකළ පරීක්‍ෂාවේදී කෝටි 3 ක් වටිනා නිල් මැණික් තුනක්, කෝටි එකහමාරක් වටිනා මෙරට මුදල්, ලක්‍ෂ පහක විදේශ මුදල් හා ලක්‍ෂ පහළොවක පමණ ස්වර්ණාභරණ සොයාගෙන ඇත.

ඇතිව තිබෙන තත්ත්වය හමුවේ සමන්තුරේ, චවලකඬේ සහ කල්මුණේ ප‍්‍රදේශවලට පසුගිය සිකුරාදා (26 දා) සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඊයේ (28 දා) පෙරවරු 10.00 ට ඉවත් කර නැවත සවස 5.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවීමට කටයුතු කර තිබේ.

ආරක්ෂක අංශ හමුවේ ‘කිච’ වුණ සහරාන්ගේ දෙවැනි හීනය

මෙම ත‍්‍රස්තවාදීහු දෙවැනි ප‍්‍රහාරය සදහා අම්පාර සමන්තුරය සහ නින්දවුර් ආදී ප‍්‍රදේශවලින් නිවාස 04ක් කුළියට සහ මුදලට මිලදී ගන්නට වුහ. ඔවූහු ඒවා ආරක්ෂක නිවාස වශයෙන් තබා ගෙන දෙවැනි ප‍්‍රහාරයකට සැලසුම් සකස් කරන්නට වූහ. පාස්කු 21 වැනිදා ප‍්‍රහාරයෙන් මෙම ජාතික තව්හිද් ජමාත් නායක හෂිම් සහරාන් මියගිය නිසා මේ වන විට දෙවැනි ප‍්‍රහාරයේ වගකීම පැවරී තිබූ සහරාන්ගේ සොහයුරන් දෙදෙනා වූ මොහමඞ් කාසි රිල්වාන් සහ මොහමඞ් කාසි මොහමඞ් ෂයිනි නැමති අයටය.

ඒ වන විටත් සහරාන්ගේ පසු නායකත්වයට පත්වූ නව්පුර මවුලවි බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ නිසා මෙම පිරිස අම්පාර ආරක්ෂ නිවාසවල සිට දෙවන ප‍්‍රහාරයට මරාගන මැරෙන බෝම්බ සකස් කරනන්ට වූහ. ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම කෙසේ හෝ මෙම අන්තවාදී පිරිස හො`දහැටි ලබා ගෙන තිබුණු අතර ඒ ස`දහා අදාළ පොත් ද භාවිතා කරන්නට වූහ. කඩි ගුලක් සේ කඩිසරව ආරක්ෂ අංශ ඒ වන විටත් පරීක්ෂණ කටයුතු නිසි ලෙස කරමින් අන්තවාදීන් සොයා මෙහෙයුම් දියත් කරන්නට වූහ. මෙම පිරිස ද ගැන ඉව අල්ලමින් සිටි රාජ්‍ය බුද්ධි අංශ නිලධරීන්ට ඉතා විශ්වාසදායක ආකාරයෙන් තොරතුරක් ලැබෙන්නට විය. ඉන් කියැවුණේ අන්තවාදීන්ගේ ආරක්ෂිත නිවාස 04ක් පිළිබ`දවය.


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook