Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නල්ලතන්නිය පොලිසිය මගින් ඊයේ (26) ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදි සන්නිවේදන උපකරණ රැසක් සහ දුරස්ථ පාලක ඇම්ප්ලිෆරයක් සහ එයට අදාල උපකරණ රැසක් සොයා ගැනිමට හැකි වු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසයි.

එක්සත් ආරාබි රාජ්‍යයේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරන එරට පදිංචි ශ්‍රි ලංකාවේ නියෝජිතයෙකු වශයෙන් හදුන්වා දෙන අයෙකුට අයත් මස්කෙලිය පික්විව් වතුයායේ ඔහු මෙරටට පැමිණි අවස්තාවේ නවාතැන් ගන්නා කාමරයේ තිබි මෙම සන්නිවේදන උපකරණ රැස අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසුවේය.

එම කාමරයේ තිබි විශාල දුර ප්‍රමාණයකට කතා කල හැකි වොල්කි ටොකි සන්නිවේදන යන්ත්‍ර හතරක් , දුරස්ත පාලකයක් සම්බන්ධ කරන ඇම්ප්ලිසරයක් සහ එයට අදාල උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අක්කර 82 සමන්විත එම වතුයායේ පාලන කටයුතු සොයා බැලිම සදහා එක්සත් අරාබි රාජ්‍යයේ පදිංචි එම අධ්‍යක්ෂකවරයා එරට සිට නිතර නිතර මෙරටට පැමිණෙන බවත්, ඔහු පැමිණෙන බොහො අවස්තාවල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවක් මගින් එම වතුයායයට පැමිණෙන බව නල්ලතන්නිය පොලිසිය කියා සිටියේය.

හෙලිකොප්ටර් යානයක් එම වතුයායේ ගොඩ බැස්සවිම සදහා ගුවන් පතයක්ද සකස් කර ඇති බවත් එම වතුයායයට පිටස්තර අයට ඇතුල්විය නොහැකි අකාරයට මෙරට පෞද්ගලික අංශයක ආරක්ෂක නිලධාරින් පවා යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේය.

පික්විව් වතුයාය මෙරට පදිංචි වතු අධිකාරවරයෙකු සහ සහකාර වතු අධිකාරිවරයෙකු යටතේ පාලනය වන අතර එහි කටයුතු සෙයා බැලිමට එකසත් අරාබි රාජ්‍යයේ පදිංචි අධ්‍යක්ෂකවරයා එම වතුයායයට පැමිණෙන බව පොලිසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් දැනට එම වතුයායේ පාලන කටයුතු සිදු කරන වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්
, ඔහුන් දෙදෙනා හරහා එම සන්නිවේදින උපකරණ මෙරටට රැගෙන ආ එක්සත් අරාබි රාජ්‍යයේ පදිංචි අධ්‍යක්ෂකවරයාට නල්ලත්නිනය පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔවුන් හරහා දැනුම් දි ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Nallathanniya Police yesterday (26) uncovered a large number of communication equipment and a remote control ammunition and a large number of items of ammunition found at Nallathanniya Police Inspector Laksiri Fernando.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook