කොළඹ රාජකීය විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් රාජකීය විද්‍යාලයීය සිසුන් විසින් සිසු ශ්‍රමයෙන් සහ ජනතා සහභාගිත්වයෙන් 1985 වසරේදී ඉදිකිරීම් අරභා , 1986 අගෝස්තු 16 වන දින ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කළ “ රජසිසුගම “ ආදර්ශ ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා විද්‍යාලයේ වර්තමාන සිසුන් සහ එදා රජසිසුගම ඉදිකිරීමට මුලිකත්වය ගත් ආදිසිසුන් කණ්ඩායමක්ද සහභාගීවිය.
රාජකීය විද්‍යාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් සභාපති බිනුජ අමරනායක ශිෂ්‍යයාගේ මුලිකත්වයෙන් විදුහල්පති බී ඒ අබේරත්න මහතාගේ සහ 1985 වසරේදී සංගමයේ සභාපතිත්වය දැරූ ලසන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.
ප්‍රථමයෙන්ම 2019 මාර්තු 19 වනදා ගමට ගිය ශිෂ්‍ය කණ්ඩායම ගම්මානයේ සෑම නිවසකටම යමින් නිවසේ වර්තමානයේ ජීවත්වන පිරිසගේ තොරතුරු රැස්කරන ලදී. නිවසේ ජීවත්වන තරුණ තරුණියන්, පාසැල් සිසුන්, රැකියා අපේක්ෂිත හෝ ස්වයං රැකියා ඇරබීමට බලාපොරොත්තුවන පිරිස් සහ වැඩිහිටියන් වෙන් වෙන්ව හදුනා ගැනීමත් ඔවුනගේ අවශ්‍යතාවයන් වෙන්කර ගැනීමත් සමීක්ෂණයේ මුලික අරමුණ විය. මීට අමතරව නිවාස සදහා ඇති විදුලිය, ජලය සහ වැසිකිලි පහසුකම් පිළිබද සොයාබැලීමත් , නිවසේ වර්තමාන තත්වය සහ නිවාසවල අලුත්වැඩියා කළයුතු කොටස් පිළිබද සොයා බැලීමත් සමීක්ෂණයේ තවත් මුලික කටයුත්තක් විය.
මාර්තු 20 වනදා ගමේ සියලු දෙනා විහාරස්ථානයට රැස්කරවා තිබු අතර, එහිදී රාජකීය විද්‍යාලයේ අදිසිසුන්, ජාතික නිවාස සංවර්ධන ආයතනයේ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ , ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් ගමේ පොදු අඩුපාඩුකම් පිළිබධව විශේෂ සාකච්චාවක් පැවැත්වුණි. මෙහිදී ගම්වැසියන් විසින් පෙන්වාදුන්නේ ගම්මානය ඉදිකොට වසර 30 කට අධික කාලයක් ගතවී තිබුනද තවමත් තමන්ට ඉඩමේ ඔප්පුව ලැබී නොමැති බවයි. මේ සදහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවත් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාවත් දුරකතනයෙන් සම්බන්ද කර ගත් අතර අප්‍රියෙල් 30 දිනට ප්‍රථම සියලු දෙනාටම ඔප්පු ලබාදීමට ක්‍රියාකරනු ලබනබව දන්වනු ලැබීය.
නිවාස වල පවතින වර්තමාන තත්වය සම්බන්දයෙනුත් , අලුත්වැඩියා කළයුතු නිවාස සම්බන්දයෙනුත් සොයාබලා ඒසදහා අවශ්‍ය කටයුතු කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සුරිය මැතිතුමාගේ උපදෙස් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැවරුණි. ගමේ පොදු අවශ්‍යතා සදහා “ සේවපියස “ මධ්‍යස්ථානයක් ලබාගැනීමට සාකච්චා වුනු අතර, අමාත්‍ය ගරු තලතා අතුකෝරල මැතිණියගේ උපදෙස් පරිධි මේසදහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ද සම්බන්දකොටගෙන ක්‍රියාකිරීමට අමාත්‍යතුමියගේ සම්බන්ධීකරණ ලේකම් වරයාට පැවරුණි. ජල අවශ්‍යතා වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සහාය ලබාගැනීමටත්, මාර්ග සංවර්ධනය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සහාය ලබාගැනීමටත් තීරණය විය.
මෙම අවස්ථාවට සහබගීවූ රාජකීය විද්‍යාලයේ ආධිශිෂ්‍ය , ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සබාපති ජෙයරාජ් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශකලේ “ එන්ට්‍රප්රියිස් ශ්‍රී ලංකා “ ණය යෝජනා ක්‍රමය යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීමට අපේකෂා කරන පිරිසට තම බැංකුව හරහා ණය මුදල් ලබාදීමට කටයුතු කරන බවයි.
ගම්මානය සදහා ආරම්භයේදී ඉදිකළ ප්‍රජාශාලාව විනාශ වී ඇති බැවින් ගම්මානය වෙනුවෙන් නව ප්‍රජාශාලාවක් ඉදිකර දීමටත්, ඉදිකරමින් පවතින සංගාවාසයේ කටයුතු නිමකර දීමටත් , දහම් පාසල සදහා අවශ්‍ය ඩෙස්ක් බැංකු ලබාදීමටත්, අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇතිකරලීමටත් ක්‍රියාකරනබව මෙහෙදී අදහස් දක්වමින් රාජකීය විද්‍යාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති බිනුජ අමරනායක ශිෂ්‍යයා ප්‍රකාශකළේය. මීට අමතරව පාසැල් නිවාඩුකාලයෙදී ගමට පැමිණ දින කිහිපයක් ගමේ නතරවී ගමේ තරුණ තරුණියන් සමග එක්ව අදහස් හුවමාරු කර ගනිමින් ඉංග්‍රීසි, ගණිතය ඇතුළු විෂයන් පිළිබධව දැනුම බෙදාගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවද, ගම හදන අවධියේ රාජකීය සිසුන් කල ආකාරයට ගම තුල යොවුන් කදවුරක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු තවදුරටත් සදහන් කළේය. එදා ක්රියතමකවූ “ අපෙන් ගමට - ගමෙන් අපට “ සංකල්පය අනුව යමින් කටයුතු කිරීම තම අරමුණ බවද බිනුජ අමරනායක සභාපතිතුමා තවදුරත් ප්‍රකාශ කළේය.