ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලංකාවට කැඳවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තාවෙයි
දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන පස්වැනි එක්දින තරගයෙන් පසුව හතුරුසිංහ ශ්‍රී ලංකාවට කැඳවා තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන විස්සයි 20 තරග තුනේදී ශ්‍රි ලංකා පුහුණුකරු ලෙස ස්ටීව් රික්ෂන් කටයුතු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
දකුණු අප්‍රිකානු එක්දින සංචාරය අවසානයේ හතුරුසිංහ ඉවත් කිරීමට සලකා බැලෙනු ඇත.
එලෙසින් හතුරුසිංහ ඉවත් කළහොත් නව ශ්‍රී ලංකා පුහුණුකරු ධූරයට ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ස්ටීව් රික්සන් පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.
චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම තුල සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් හිතවත් ක්‍රීඩකයන්ට අවස්තාව දුන් බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල විය. මේ අතර ආගම්වාදය කණ්ඩායම තුල පැතිර වූ බවටද හතුරුසිංහට චෝදනා එල්ල විය.