Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඉතිහාසයේ රජයක් විසින් සිදු කළ විශාලතම ආයෝජනය මාලබේ, කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ අද දින මහානගර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මාලඹේ-කොටුව සැහැල්ලූ දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන උපදේශන ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදු වූ අතර එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් සියයට දශම බින්දුවයි එකක පොලියකට ජපානයේ ජයිකා (JICA) ආයතනය විසින් ලක් රජය වෙත සැහැල්ලු දුම්රිය සේවය කි‍්‍රයාත්මක කිරීම සඳහා ලබා දෙනු ලබයි. කි.මී. 17 සමස්ථ දුරකින් යුත් මෙම දුම්රිය මාර්ගය දුම්රිය නැවතුම්පොළවල් 16 කින් එය සමන්විතය. මාලඹේ සිට කොටුව දක්වා විනාඩි 32කින් ගමන් කිරීමට මගීන්ට මෙමගින් අවස්ථාව සැළසේ.
ඒ අනුව මේ සඳහා අවශ්‍ය උපදේශන සේවාව ලබාගැනීමට තරඟකාරී ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් හරහා ජපන් සමාගම් දෙකක් තෝරා ගනු ලැබූ අතර එයින් එක් සමාගමක් කැබිනට් මණ්ඩලයෙන් පත් කරන ප‍්‍රසම්පාදන කමිටුව මගින් තෝරා ගනු ලැබිණ. ඒ ඔරියන්ටල් කන්සල්ටන් ග්ලෝබල් සමාගමයි. ඒ අනුව එම ගිවිසුම අත්සන් කිරීම මහානගර අමාත්‍යාංශයේදී අද (13)දින, අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ මහතා සහ එම සමාගම වෙනුවෙන් එහි දකුණු ආසියානු කලාපීය සාමාන්‍යාධිකාරී රොහෙයි ඉෂී මහතා අතර සිදුවිය.

එම අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉතාම වැදගත් ව්‍යාපෘතියක් වූ කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන ජපන් ණය ආධාර මත කි‍්‍රයාත්මක වන සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා අපට කැබිනට් අනුමැතිය ලබුණා. එහි විස්තරාත්මක ඉංජිනේරුමය සැලසුම්කරණය, භෞතික වශයෙන් ගොඩනැගීමේදී ටෙන්ඩර්පත් සැකසීම සහ ප‍්‍රසම්පාදනය, කොන්ත‍්‍රාත්කරුවන් ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ දී සුපරික්ෂාව සහ කළමනාකරණය වගේම වැඩ ආරම්භ කර මගීන් ප‍්‍රවාහනය කරන කාලය තුළ වසර දෙකක් වැඩ සුපරික්ෂාවෙන් යම් යම් අඩුපාඩු සිදුවනවා නම් ඒ පිළිබඳව කටයුතු කිරීම කියන බරපතල වගකීම අපි තරඟකාරී ලංසු කැඳවීමක් අන්තර්ජාතිකව සිදුකර ජපන් අධාර කොමිෂන්වල තිබෙන ප‍්‍රසම්පාදනයන්ට අනුකූළව අපි මෙම උපදේශන සේවාව ඔරියන්ටල් සමාගමට ලබාදෙනවා. ඒ අය මේ ක්‍ෂෙත‍්‍රයේ කටයුතු ආරම්භ කිරීමට අපට බලාපොරොත්තු වෙනවා ලබන මාසය වන විට එහි මූලික කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි කියා. 
මෙහි වැට් බදු නොමැතිව මෙහි ආසන්නයෙන් ඩොලර් මිලියන 100 ක පමණ කොන්ත‍්‍රාත්තුවක් තිබෙනවා. එය අපට ජපානයෙන් ණය ආධාරයක් ලෙස ලැබෙන්නේ. එහි පොලී අනුපාතය සියයට දශම බින්දුවයි එකක් වැනි ඉතාමත්ම අඩු පොලියකට ජපානයෙන් අපට ලැබී තිබෙනවා. මෙහි වැට් ඇතුළු සියළුම අනෙකුත් කාරණා සමග මෙය ඩොලර් මිලියන 148ක වැනි අගයකට නැංවී තිබෙනවා. ඒ කියන්නේ බිලියන 22 ක ව්‍යාපෘතියක්. මේ රටේ දැනට රාජ්‍ය ආයෝජනයක් සිදු කර තිබෙන විශාලතම ව්‍යාපෘතිය මේක. මේකට මුළුමනින්ම වැය වෙනවා ඩොලර් මිලියන 2,200 ක් සියළුම බදු සමග. මේක තමයි මේරට ඉතිහාසයේ රජයක් ආයෝජනය කරන විශාලතම ව්‍යාපෘතිය. ඒ වගේම අපේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ බි‍්‍රතාන්‍යයන් විසින් 1860 දී අපට දුම්රිය හඳුන්වා දුන්නා. බස්රිය හඳුන්වා දුන්නා 1902 දී. ඉන් පසුව මෙරට ඇතිවෙන ඉතාම බලගතු මහා මාර්ග ක්‍ෂෙත‍්‍රයේ, ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ විශාලතම ආයෝජනය. මොකද අපේ රටේ උත්සාහ කළා අධිවේගී මාර්ග, මාර්ග පළල් කර මාර්ග තදබදයේ ගැටළුව විසඳන්න පුළුවන්ද කියා වසර 10 ක් ඒ සඳහා වියදම් කර. එය සිදු කිරීමට බැරිබව දැනගෙන තමයි අපේ අමාත්‍යාංශය වසර 3 කට කලින් මේ සඳහා මැදිහත් වෙලා පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීමට යෝජනා ගෙන ආවේ.
ඒ අනුව එතෙක් තිබූ සියළුම දත්ත සහ අනෙකුත් කරුණු එකතු කර විද්‍යාඥයින් සමග සාකච්ඡා කර විවිධ විකල්ප අපි කල්පනා කළා. කොළඹ සහ අවට ප‍්‍රදේශවල තදබදයට, උමං මාර්ගවලින්, එහෙම නැත්නම් මොනෝ රේල්වලින්, ලයිට් රේල්වලින්, දැන් තිබෙන දුම්රිය පද්ධතිය දියුණු කිරීමෙන්, බස් පද්ධතිය දියුණු කිරීමෙන්, සීග‍්‍රගාමී බස්රථ සේවා ඇතිකිරීමෙන් ආදී වශයෙන්. අපේ මහනගර සැලැස්මට සහ අනෙකුත් කාරණාවලට අනුකූලව බැලූවහම අපට පෙනී ගියා බස් සේවාව නවීකරණය කිරීමත්, සැහැල්ලූ දුම්රිය මංපෙත් කි‍්‍රයාවලියක් තමයි අපට මේ අවස්ථාවේදී තිබෙන ඉක්මන්කාරී වගේම වසර 30 කට තිබෙන හොඳම වියදම් අඩුම විකල්පය ලෙස අපි තේරුම්ගත්තා. ඒ අනුව තමයි මෙය සිදුකළේ. මේ ඩොලර් මිලියන 2200 වැයවෙන්නේ මාර්ගය ඉදිකරන්න පමණක් නෙමෙයි මෙය මුළුමනින්ම අලූත් ප‍්‍රවාහන මාදිලියක්. අලූතෙන්ම කෝච්චිපෙට්ටි, ඇන්ජින්, වගේම නඩත්තු ස්ථාන, නැවතුම්පළවල්, මහා මාර්ගය මැද ඉදිවන ගුවන් මාර්ගය ඉදිකිරීමට යන වියදම වගේ කිහිප ගුණයක් යනවා මේ අනෙකුත් කාරණාවලට. ලංකා ඉතිහාසයේ අලූත් තත්වයක් වන මෙය අප බලාපොරොත්තු වෙනවා 2023 - 24 වන විට මේ කටයුතු නිම කර ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ මෙම විප්ලවීය වෙනස ඇති කරන්න යැයි පැවසීය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook