Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

උපේක්‍ෂා ස්වර්ණමාලී ගැන අපිට අලූත්ම ආරංචියක් ලැබුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත විතරක් අහලා නතර වෙන්න බැරිහින්දා අපි ඇගේ ජීවිතයේ තවත් කලා තොරතුරු වගේම පෞද්ගලික තොරතුරු ගැන විමසා සිටියා. ඇය ඒවාට දුන්න උත්තර අපි මේ විදිහට පෙළගැස්සුවා.

උපේක්‍ෂා කාලයකට පස්සේ ටෙලිනාට්‍යයකින් දකින්න ලැබෙනවා ?

ඉතාමත්ම හොදයි. සිරස නාලිකාවේ සහ අන්තර්ජාලයේ පළවුණු පූර්ව ප‍්‍රචාරක පට දැකලා මිනිස්සු හොද ප‍්‍රතිචාර දක්වන්න පටන්ගත්තා. ගොඩක් දෙනෙක් අහන්නේ පබාට පස්සේ අහිංසක චරිතයක් කරනවා නේද කියලා.

කොච්චර කාලෙකට පස්සේද මේ වැඬේ කරන්න භාරගත්තේ ?

පබා නාට්‍යයට පස්සේ මම ටෙලිනාට්‍ය භාරගත්තා. මෑතකදී ස්නේහා කියලා ටෙලිනාට්‍යයක් පවා විකාශනය වුණා. හැබැයි ඒ සියලූම නාට්‍යවල මට කරන්න තිබුණේ අහිංසක චරිත නෙමෙයි. සමීප ආදරණීය චරිතයක් කරන්නේ පබා නාට්‍යයට පස්සේ ඔබ නිසා ටෙලිනාට්‍යයේ.

මේ නාට්‍ය භාරගන්න සුවිශේෂී හේතුවක් තිබුණාද?

මෙහි වැඩකරන රංගන ශිල්පීන් සහ ශිල්පිණියක් ගැන වගේම පිටපත කියවලා බැලූවහම නාට්‍ය භාර නොගෙන ඉන්න එක අපරාධයක් කියලා හිතුවා. පබා නාට්‍ය කළාට පස්සේ මට ඒ වගේම චරිත ලැබෙද්දී මම ඒ චරිත සියල්ලම වගේ ප‍්‍රතික්ෂේප කළා. මොකද එකම චරිතය දිගටම කරන්න කැමැති නෑ. රංගනය විතරක් නෙමෙයි පෞද්ගලික ජීවිතය පවා වෙනස් වෙනස් පැතිකඩවලට ගිය හින්දා මට අවධානය දෙන සියල්ලටම වෙනස් විදිහේ චරිතයකින් ඔවුන් අතරට එන්න මගේ පෞද්ගලික කැමැත්තක් තිබුණා.

ඔබ නිසා ප‍්‍රභාෂිණී උපේක්‍ෂාට සමාන චරිතයක්ද?

මම හිතන්නේ අපි ඕනෑම චරිතයක් භාරගත්තහම ඒකේ යම් යම් ලක්‍ෂණ අපේ ජීවිතයෙත් තියෙනවා. අපි සියල්ලෝගේම හිත්වල වෛරය” ක්‍රෝධය වගේ සියල්ලම තියෙනවා. ඕනෑම චරිතයක් භාරගනිද්දී ඒ දේවල් අපේ චරිතයට සමාන කරන්න පුළුවන්වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ චරිතවල තියෙන ගුණාංග අඩුවැඩි වෙන්න පුළුවන්. ප‍්‍රභාෂිණී කියන්නේ උපේක්‍ෂා නෙමෙයි. ප‍්‍රභාෂීණී තරම් උපේක්‍ෂා ඉවසිලිමත් නෑ. ප‍්‍රභාෂිණී තරම් විද දරාගැනීමකුත් මට නැහැ කියලා හිතෙනවා. යම් යම් සමානකම් තියෙනවා. මගේ ජීවිතයේද බලාපොරොත්තු නොවුන අවස්ථාවල බලාපොරොත්තු නොවුන දේවල්වලට මුහුණදෙන්න සිද්ධවෙනවා. කොහොමත් උපේක්‍ෂයි ප‍්‍රභාෂිණි කියන්නේ එකවගේ චරිත නෙමෙයි. හැබැයි සමීපයි.

උපේක්‍ෂා දැන් ඉස්සරට වඩා චරිත තෝරාබේරාගන්නවාද?

නිර්මාණය ඇතුළේ මට යමක් කරන්න තියෙනවාද කියලා මූලිකවම මම බලනවා. ඊට පස්සේ රංගන ශිල්පීන් ශිල්පිණියන් කවුද ඉන්නේ කියලත් බලනවා.

ළගදී සිනමාවට සම්බන්ධවුණා කියලත් ආරංචියි ?

ඔව්. ඒ කතාව ඇත්ත. මානය කියලා එක සිනමා නිර්මාණයකට සම්බන්ධවුණා.

එතකොට අංගම්පොර සටන් කලාව ඉගෙන ගත්තා කියන කතාව ඇත්තක් ?

ඔව්. පසුගිය දවස්වල යම්තාක් දුරට අවශ්‍ය ප‍්‍රමාණයට අංගම්පොර සටන් කලාව හැදෑරුවා. වෙනස්ම අත්දැකීමක් වුණා. ඒ සටන් කලාව යම්තාක් දුරට හරි හදාරන්න තිබුණ හින්දා තමයි මේ චිත‍්‍රපටයත් භාරගත්තේ.

දුවගේ වැඩකටයුතු සහ පවුලේ වැඩකටයුතු එක්ක රගපාන එක අපහසු නැතිද?

ඇත්තටම මම ප්‍රෙග්නට් වුණාට පස්සේ රගපෑමෙන් ඉවත්වුණා. බබාට අවුරුද්දක් වුණාට පස්සේ තමයි ආපහු රගපෑමට පටන්ගත්තේ. මුල් කාලයේ බොහොම අඩුවෙන් තමයි වැඩකළේ. හැබැයි දැන් බබාට අවුරුදු දෙකහමාරක් වෙනවා. එයා ඉස්සරට වඩා ස්වාධීනයි. දැන් ආපහු වෘත්තීය වශයෙන් රගපෑමට සම්බන්ධවෙන්න පුුළුවන්.

සැමියා කැමැතිද එහෙම වැඩකරනවාට?

ඔව්. සැමියා ඇත්තටම කැමැතියි. එයාගෙන් කිසිම බාධාවක් නෑ. හැබැයි එයා අනිවාර්යෙන් පරිස්සම් වෙන්න කියන කතාව කියනවා. මට එල්ල කරන හැම දෙයක්ම සමන්තටත් වදිනවා. ඒ නිසා එයා පරිස්සම් වෙන්න කියනවා. හැමදේම ගැන විමසිල්ලෙන් ඉන්නවා. එයා කොහොමත් දන්නවා මම නිර්මාණ තෝරාගන්න විදිහ. එයාගේ සහයෝගය නැතිනම් මට මේ දේ කොහොමටත් කරන්න බැහැ. මොකද මගේ දරුවා මම දාලා යන්නේ මගේ මහත්තයා සහ නැන්දම්ම ළගයි.

ජනපි‍්‍රයත්වය කියන දේ අඩුවෙලාද ? වැඩිවෙලාද?

මගේ ජනප‍්‍රියත්වය වෙනස්වෙලා තමයි. ඒකට ප‍්‍රධාන වශයෙන් බලපෑ හේතුව තමයි මම දේශපාලනයට ගිය එක. දේශපාලනඥයන් ආදරණීය චරිත නෙමෙයි. එතැනට මාව වැටිච්ච එකත් එක්ක තමයි යම්තාක් දුරට පිරිසත් එක්ක දුරස්වෙන්න සිද්ධවුණේ. හැබැයි රංගන ශිල්පිණියක් විදිහට අවංකවම මට එහෙම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. දේශපාලනයෙන් ඉවත්වෙනකෙට මම දැනගෙන හිටියේ නැහැ මට මේ වගේ අවස්ථාවක් උදාවේවි කියලා.

හැබැයි තවම මිනිස්සු පබාට ආදරෙයි. ඒකද ඇත්ත?

ඔව්. ඒක තමයි ඇත්ත. ඒක මට දැනුත් දැනෙනවා. දේශපාලනය හින්දා මට නැතිවුණ දේත් මම දකිනවා. හැබැයි ඒ සියල්ලටම වඩා යළි මට අවස්ථාව උදාවුණා.

ඔබේ සමකාලීන නිළියන්ට ඔබට තරම් ආරාධනා නැහැ. හැබැයි උපේක්‍ෂාට වැඩවලින් අඩුවක් නෑ ?

අනෙත් අය වෙනුවෙන්නම් මම කතා කරන්න කැමැති නෑ. මම ගැන කතා කළොත් මම ප‍්‍රාර්ථනා කළා ඇත්තටම පේ‍්‍රක්‍ෂකයන් අතර රැෙදන්න. මේ වෙනකොට ඒක ඇත්තටම ඉෂ්ඨවේගෙන යනවා. තරුණියක් විදිහට ඒක භූක්තිවිදින්න බලාපොරොත්තුවක් නෑ. මගේ වයසත් එක්ක අද මවක් විදිහට මගේ ජීවිතයේ මම වෙනස්ම තැනකට ඇවිත් තියෙනවා. අවුරුදු විස්සේදී තිබුණ කෙළිලොල්කම මම බලාපොරොත්තුවෙන්නේ නැහැ. නමුත් මගේ හැකියාව මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න ලොකු අවස්ථාවක් තිබීම මම සුළුපටුවට භාරගන්නේ නෑ. ඉස්සරට වඩා මේක මට වටිනවා.

දේශපාලනය නොකර කලාවේම හිටියා නම් මීට වඩා ලොකු ගමනක් යන්න තිබුණා කියලා හිතෙන්නේ නැතිද?

පැහැදිලිවම. මම හිතන්නේ මම උපේක්‍ෂා ස්වර්ණමාලීට කරන සාධාරණයක්. කලාවේ විතරක් නියැලී දේශපාලනය නොකර හිටියානම් සෑහෙන වටිනවා. දේශපාලනය කරලා මම ලොකු අසාධාරණයක් කරගත්තා. ආපහු කවදාකවත් දේශපාලනය කරන්නේ නෑ.

ජීවිතය ආපහු හැරී බැලූවොත් මොකද හිතන්නේ ?

බොහොම කෙටි කාලයකින් අත්දැකීම් බොහොමයක් ලැබුණා. සුරක්‍ෂිතව ජීවිතය ඉදිරියට යන්න තමයි හිතන්නේ. මූලිකවම මගේ දරුවා” සැමියා පවුල මට දැන් සෑහෙන වටිනවා. කලාවෙන් මට ලැබුණ දෙයක් තිබුණා නම් ඒකත් පරිස්සම් කරගන්න උත්සාහ කරගන්නවා.

දිනේෂ් විතාන

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook