Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

හෙට (05) ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැයේ දී ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමේ සූදානමක් පවතින බවට පලවන වාර්තාවල කිසිඳු පදනමක් නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපති සිරිසේන මහතා විසින් දිගින් දිගටම ආණ්ඩුවේ කකුලෙන් අදිමින් ඔහුගේ වැරදි පවා ආණ්ඩුවේ වැරදි ලෙස හුවා දක්වමින් නටන නාඩගමට විරෝධය පළකිරීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව ඇතයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කර ඇති ප්‍රකාශය පිළිබඳව කල විමසීමේදී මංගල සමරවීර මහතා එබව සඳහන් කළේය.

අයවැය යෝජනා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සංවර්ධන කාර්යන් සඳහා කිසිඳු කප්පාදුවකින් තොරව මුදල් වෙන්කර ඇති බව කියා සිටී මුදල් අමාත්‍යවරයා, මෙවර ඉදිරිපත් කරන අයවැය ලේඛනය ලබන අඟහරුවාදා පෙරවරුවේ කැබිනට් මණ්ඩලය අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද පැවසිය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ‌හෙට  (05) ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැය ලේඛනයේ අවසන් කටයුතු පානදුර ගොරකානේ පිහිටි ''දේදුනු අන්තය' (Rainbows End) ඔහුගේ පෞද්ගලික නිවසේ සිට මේ දිනවල කෙටුම්පත් කරමින් සිටියි.

එහෙයින්, බොල්ගොඩ වැව ආශ්‍රිත අතිශයින් දැකුම්කලු නිසංසල පරිසරයක පිහිටි ''දේදුනු අන්තය' මේ දිනවල තරමක් කාර්යබහුල වී ඇත.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා ඇතුළු නිලධාරීන් රැසක් පසුගිය දින කිහිපයෙහි උදැසන සිට මැදියම් රාත්‍රී වනතෙක් අයවැය සැකසීම වෙනුවෙන් වෙහෙසී කටයුතු කර තිබිණ.


රාජ්‍ය සේවකයන්ට හොඳ කලක්

කෙසේ නමුත් හෙට (05) දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මැතිසබයට ඉදිරිපත් කරන අයවැය පිළිබදව ‌රජයේ ආරංචිමාර්ග උපුටා දක්වමින් දේශය පුවත්පත වාර්තා කර තිබූයේ මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 3000/-කට නොඅඩු වැටුප් වර්ධනයක් ලබාදීමට යෝජිත යැයි රජයේ ආරංචි මාර්ග කියයි. එම වැටුප් වර්ධන ලබන අගෝස්තුවෙන් පසු රජයෙ ‍සේවකයන්ට ලබාදීමට තීන්දු කරඇතිබවද සඳහන්වේ.
එසේම විශ්‍රාමිකයන්ට ද රුපියල් 1500/-කට නොඅඩු වැටුප් වර්ධකයක් හිමිවීමට ඉඩ ඇත. මේ හැර අලුතෙන් 10,000කට පමණ සමෘද්ධි සහනාධාර ලබාදීමට යෝජනා කරන බවද සඳහන් වෙයි.


තවදුරටත් පැවසෙන්නේ රැකියා විරහිත උපාදිධාරීන්ට සුභදායී පිළිතුරක් ‌මෙවර අයවැයෙන් බලා‌ ‌පොරොත්තු විය හැකි බවයි.

ගෘහ සේවක සේවිකාවන්ගේ ජීවිතේ ‌ගොඩ දාන වැඩක්

මෙරටට විශාල විදේශ විනිමය ආදායමක් උපයා දෙන විදේශ ගෘහ සේවයේ නියුතු ගෘහ සේවක සේවිකාවන් සිය සේවා කාලය නිමවා මෙරටට පැමිණි පසු ඔවුන්ට ව්‍යාපාරයක් ඇරඹීමට හෝ නිවාසයක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 25/-කට නොඅඩු ණය මුදලක් ලබාදීමේ යෝජනාවක් ද ඇතැයි කියැවේ. මෙය දිගු කාලයකින් නැවත පියවිය යුතු සුළු පොලියකට ලබාදෙන ණය මුදලකි. එසේම ත්‍රිරෝද රථ හිමියන්ට ද වාහනයක් මිලදී ගැනීමට සහන පොලියට ණය මුදලක් ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

වාහන මිල ඉහලට ?

මේ හැර වාහන ආනයනයේදී මෙතෙක් අය නොකළ 15%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බවද ආනයනික භාණ්ඩ සඳහා පැනවෙන රේගු බද්ද 5% ඉහළ දැමීමට ඉඩ ඇති වගද දැනගන්නට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුව රුපියල් බිලියන 115ක පමණ නව ආදායම් සපයා ගැනීමට අවශ්‍ය බැවින් මෙම බදු පැනවේ. ඒ අනුව වාහන හා සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑමට ඉඩ තිබේ. සිගරැට් හා මත්පැන්ද අයවැයෙන් මිල නැංවෙනු ඇතැයි කියැවේ.

සියලු ජනතාවට ප්‍රතිලාභ !

ඒ අනුව රාජ්‍ය සේවයේ සිට පෞද්ගලික අංශ සේවකයා දක්වා, ස්වයං රැකියා සහ ව්‍යාපාරවල නිරතවන්නන් (එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා – ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ ව්‍යාපෘතිය සමඟ එක්වූ සහ එක්වීමේ අපේක්ෂාවෙන් සිටින දහස් ගණනකට) මෙන්ම දිළිඳු පවුල් වෙත ප්‍රතිලාභ නියත වශයෙන් ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.
තවද දේශීය ව්‍යවසායකයින් තවදුරටත් ආරක්ෂාකර ඒ අතර තුර අපනයන වෙළඳපොල පුළුල් කරගැනීමේ අපේක්ෂාවෙන් වැදගත් ප්‍රතිපත්තිමය යෝජනා රැසක් මෙවර අයවැය හරහා හඳුන්වාදීමට අපේක්ෂිත බවද වාර්තා වන අතර ආනයන සීමා කිරීමට දිරිදෙමින් මෙරට ගොවි ජනතාව ඇතුළු කෘෂිකර්මාන්තය ආශ්‍රිත පිරිස් සවිබල ගැන්වීම ට අයවැය යෝජනා හරහා අපේක්ෂිත බවත් වාර්තා වෙයි.

බාධා කිරීම් නොතිබෙන්නට !


ඒ අනුව රජයේ විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රාජපක්ෂ සමයේ අනුගමනය කළ අත්තනෝමතික සහ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හමුවේ රට දරුණු ණය – මුල්‍ය අර්බුදයක් වෙත වැටීමේ අවධානමින් රට මුදවා ගැනීමට සමගාමීව දහසකුත් නින්දා අපවාද මධ්‍යයේ එක්සත් ජාතික පෙරමුණ ක්‍රියාවට නැගුනු ආර්ථික මුලෝපායන් වල සාර්ථකත්වය මෙවර අයවැය හමුවේ ජනතාවට අත්දකින්නට ලැබෙනු ඇති බවය.

එහිදී රටේ සියලුම ජනතාව වෙත ප්‍රතිලාභ උපරිමයෙන් ලබාදීමට හැකි සෑම ප්‍රයත්නයක්ම මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ඇති බවත් කකුලෙන් ඇදීම් බාධා කිරීම් නොමැතිව අපේක්ෂිත ආර්ථික මුලෝපායන් ක්‍රියාවට නගන්නට ඉඩක් තිබුණා නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභ නියත වශයෙන් හිමිකරදීමට තිබු බවද එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook