Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඉදිකිරීමට නියමිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය LNG බලාගාර ටෙන්ඩරය නිසි පටිපාටියෙන් බැහැරව චීන සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කලේය යනුවෙන් පොදුජනතාව වෙතින් එල්ල වන විරෝධය සැලකිල්ලට ගනිමින්, එම ටෙන්ඩර් ක්‍රියාදාමය පිළිබඳ විමර්ශණයක් සිදුකොට ටෙන්ඩරය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා වාර්තාවක් ලබාදෙන ලෙසට නියෝග කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇත.

අද (26) උදෑසන පැවති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. 

අමාත්‍ය පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම, රවී කරුණානායක සහ ආචාර්‍ය හර්ෂ ද සිල්වා එම අමාත්‍ය කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ. 

සතියක කාලයක් ඇතුලත මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් කරුණු සොයා බලා තමා වෙත වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා විසින් කමිටු සාමාජිකයින් වෙත නියෝග කර තිබේ. 

මේ අතර මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිය නිරීක්ෂණයන් අඩංගු විශේෂ වාර්තාවක් කැබිනට් මණ්ඩලය වෙත ලබාදී තිබේ. එම වාර්තාව මගින්,

- ප්‍රසම්පාදන ක්‍රියාදාමයෙන් බැහැරව මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය (PAB) මැදිහත්වීම නිති විරෝධී වන බවත්,

- ආරම්භයේ සිටම එල්.එන්.ජී ඉන්ධන වලින් දහනය වන ලෙස මෙම බලාගාර ඉදිකිරීමට කැබිනට් මණ්ඩල යෝජනාවේ සදහන්ව තිබුනද, මෙතෙක් ශ්‍රී ලංකාවේ LNG පර්යන්තයක් නොමැති බැවින් එසේ ආරම්භයේ සිටම LNG භාවිතා කිරීම ප්‍රායෝගික නොවන බවත්,

- විදුලිබල මණ්ඩලයට අයත් සමාගමක් වීම පමණක් නිසා ටෙන්ඩර් ක්‍රියාදාමයෙන් බැහැරව ලක්දනවි සමාගමට විදුලිබලාගාරයක් ඉදිකිරීම සදහා කැබිනට් මණ්ඩලය විසින් අවසර ලබාදීම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් බවත් ,

- මෙම ටෙන්ඩරය වහාම අත්හිටුවා කඩිනම් ක්‍රමවේදයක් හරහා මෙගාවොට් 600ක බලාගාරයක් ඉදිකිරීම සදහා නව ටෙන්ඩරයක් කැඳවිය යුතු බවත් අමාත්‍යවරයා සිය නිර්දේශ තුලින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook